කෙස්ගහට පවා සිත් බිඳගන්න ලෝකයේ රෝ බියට බැරි වුණා උදුරන්න ආදරේ

කලක් ‘සීදුව සකුරා’ සංගීත කණ්ඩායෙම් ගායකයකු හැටියට කටයුතු කළ චමින්ද රණසිංහ හිටිහැටිෙය් හිස බූ ගාලා තමන්ෙග් ආදරණීය බිරිය ශිරානි එක්ක ඡායාරෑපයක් අරන් තිබුණා. ෙම් පින්තූරය දැක්ක ෙබාෙහා් ෙදෙනක් ඒක පළ කරලා තිබුෙණ් සංවේදී වදන් කීපයක් එහි සටහන් කරන අතරතුෙර්දීයි.

‘පිළිකාවක් නිසා බිරියෙග් ෙකාණ්ෙඩ හැලුණා. තට්ෙට් පෑදුණා. ඒක දරා ගන්න බැරිව චමින්දත් ඔහුෙග් හිස බූ ගෑවා. ෙම්ක පුදුම ආදරයක්. ෙම් විධිෙය් සටහන් රැසක් එහි තිෙබනු දුටු අපි චමින්දට කතා කළා. ඒ චමින්දෙග් මේ ආදෙර් ගැන අහන්න.මොකද මේ කාෙල් මේ වගේ ස්වාමිපුරැෂයන් හුඟක් අඩු නිසා. මම මගේ බිරියට හුඟක් ආදෙරයි.

මට අවුරැදු 21ක පුතෙක් වගේම අවුරැදු 16ක පුතෙක් ඉන්නවා. එෙහම හිටියත් මම අදටත් ශිරානිට මුලින්ම ආදෙරයි කිව්ව දවෙස් තිබුණු ආදරේම හිතේ තියාගෙන ජීවත්වෙන කෙනෙක්. ඒක මාව ළඟින් ඇසුරැ කරන අය දන්නවා.

ඉතින් මේ විධියේ රෝගයකට ඇය ගොදුරැ වෙලා සම්පූර්ණයෙන්ම කොණ්ඩේ නැති වෙන තත්ත්වයට පත්වෙද්දී මට ඒක දරා ගන්න බැරි වුණා. මම හිතුවේ ඇය කොණ්ඩය නැතිව කොයිතරම් දුක්වෙනවා ඇත්ද කියලා. ඒ නිසා මමත් ඇයට නොකියා ඇයට නොපෙනෙන්න කොණ්ඩය අයින් කරලා ඇය ඉදිරියට ආවා

ශිරානිට ලස්සනම ලස්සන කොණ්ඩයක් තිබුණු කෙනෙක්. ඇය ඒක වුවමනාවෙන්ම පරිස්සම් කළා. ඒත් පිළිකා රෝගය ඇගෙන් සතුට උදුරා ගත්තා. ඉතින් මම ඒක ගැන හිතුවා. මම කොණ්ඩේ කැපුවේ ඒ නිසාමයි. ශිරානිට දැඩිව ආදරය කරන චමින්ද ඇගේ මේ රෝගය ඉදිරියේ තනිව අඬනවා. ගේ දොර විකුණලා ඇයට ප්‍රතිකාර කරන්න දැන් මුදල් හොයනවා. ඒ දැන් වියදම් කරන්න මුදල්වත්, ඒ මුදල් හොයන්න මඟක්වත් නැති නිසා.

මම සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒකෙන් මුදල් හෙව්වා. කොරෝනා නිසා ඒ රස්සාවත් මට නැති වුණා. ඊට පස්සේ බැංකු පොත්වල තියෙන මුදල් ලක්ෂ 13ක් විතර දැනට මගේ බිරියගේ රෝගය වෙනුවෙන් වැය කළා. එයාගේ වෛද්‍ය වාර්තා ඉන්දියාවට යවලා අන්තිමට උපෙදස් පැතුවා.

ඒ අනුව සිංගප්පූරැෙව් එළිසෙබත් රෝහලේදී මේ ශල්‍යකර්මය කරන්න පුළුවන් කියලා අපට දැනගන්න පුළුවන් වුණා. ශිරානිගේ පිළිකාව තිබෙන්නේ පෙනහැල්ලේ. ඇත්තටම ඒක සුළුපටු තත්ත්වයක්වත් ශල්‍යකර්මයක්වත් නෙවෙයි . ඒත්මේ හැම දේකටම වෛද්‍ය අංශයෙන් ඔහුට උදවු කරන්නේ

විශේෂඥ වෛද්‍ය උෂාන්ත ප්‍රේමදාස මහතායි. ඔහුගේ මැදිහත් වීමෙන් මේ වෙද්දි විශේෂඥ වෛද්‍ය සුජීව සියඹලාපිටිය මහතා බෙහෙත් උපදෙස්ලබා දෙනවා මොකද ඔහු තමයි ශිරානිට අපේ රටේදී ප්‍රතිකාර ලබාදෙන්නේ . මුලදී මීගමුව අවේ මරියා පෞද්ගලික රෝහලේ වෛද්‍ය රාජෙස්කරන් මහතාත් චමින්දලට බොහෝ උදවු උපකාර කළා.මේ රත්තරන් වෛද්‍යවරුන්ගේ කාරැණිකභාවය නිසා තමයි මම මගේ බිරියගේ ජීවිතේ බේරගන්න එක ගැන මම ලොකු විශ්වාසයක ඉන්නේ.

මම එයාව පන්සල් එක්කරෙගන ගිහින්බෝධි පූජා තියනවා. ඒ විධියට ආගමික පැත්තෙන් වගේම හැම පැත්තකින්ම එයාගේ හිත හදනවා.මේ වෙද්දී ඇගේ ජීවිතය බේරගන්න ලක්ෂ 100ක් විතර යන බවත් මම දැනගෙන තියෙනවා.

ඒක මම කොහොම හරි හොයනවා.ගේ දොර විකුණලා හරි ඒ සැත්කම මම කරනවා. ඇත්තටම දැන් මෙග් අතේ සල්ලි හිඟයි. ඒත් එහෙම කියලා මම නිකම් ඉන්නේ නැහැ. මම නරක වැඩවලට මුදල් වියදම් කළකෙනෙක් නෙවෙයි මගේ ආදරණීය බිරිය එක්ක හොඳ පවුල් ජීවිතයක් ගත කරපු කෙනෙක් .

එහෙම අපිට මෙහෙම වුණේ ඇයි කියලත් මම වේලාවකට හිතනවා. පාස්කු සිද්ධියෙන් පසුව අපේ රටේ එළිමහන් ප්‍රසංග කලාව ආපස්සට ගියා. ඉන් පසුව රටට ඇතුළු වුණු වසංගත එකෙන් සංගීත සන්දර්ශනවලට එල්ල කලේ තවත් නරක කාලයක් .

ඉතින්මේ හැම දෙයක්ම සලකලා බලන කොට අපිට හිතෙන දේ තමයි කිසිම ආදායම් මාර්ගයක් නැති චමින්දලා වගේ අය පිළිකාව වගේ දරැණු රෝගයක් ඉස්සරහ ඊට අවශ්‍ය ප්‍රතිකාරවලට මුදල් සොයාගන්නේ කොහොමද කියලා. ඒ හින්දම තමයි අපි අවසන් වශයෙන් ඔහුගේ දුරකථන අංකය හා බැංකු ගිණුම මෙහි සඳහන් කරන්න හිතුවේ.

දුරකථන අංකය: 0777588772
ගිණුම් අංකය: 024020207039 C.P Ranasinghe – HNB මීගමුව ශාඛාව







Next Post

තාමත් කෙල්ල වගේ ඉන්න දුලීකා සහ සුජීවගේ ආදරණීය ඡායාරූප පෙළක්

Mon Jun 7 , 2021
රංගන ක්ෂේත්‍ර යේ කොයි කවුරුත් ආදරය කරන චරිතයක් තමයි දුලීකා මාරපන කියන්නේ. හැම චරිතයකම පරිපුර්ණ රංගනයක් පෙන්වන රංගන ශිල්පිණියක් විදියට ඇය ඉහළින්ම ඉන්නවා. වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවටත් එකසේ දක්ෂතා දක්වන දුලීකා ඇගේ ගෙවුණු ජීවිතය ගැන පුවත්පතකට කියලා තිබුණේ මේ විදියට. ලමිස්‌සි කාලෙඅපේ යාළුවො කණ්‌ඩායමේ හිටපු චණ්‌ඩියා මං තමයි! ඒ […]

Breaking News