තාමත් කෙල්ල වගේ ඉන්න දුලීකා සහ සුජීවගේ ආදරණීය ඡායාරූප පෙළක්

රංගන ක්ෂේත්‍ර යේ කොයි කවුරුත් ආදරය කරන චරිතයක් තමයි දුලීකා මාරපන කියන්නේ. හැම චරිතයකම පරිපුර්ණ රංගනයක් පෙන්වන රංගන ශිල්පිණියක් විදියට ඇය ඉහළින්ම ඉන්නවා. වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවටත් එකසේ දක්ෂතා දක්වන දුලීකා ඇගේ ගෙවුණු ජීවිතය ගැන පුවත්පතකට කියලා තිබුණේ මේ විදියට.

ලමිස්‌සි කාලෙ
අපේ යාළුවො කණ්‌ඩායමේ හිටපු චණ්‌ඩියා මං තමයි! ඒ කාලෙ මගේ යාළුවන්ට ඇතිවෙන ඔය විවිධ විවිධ ප්‍රශ්න වලදී විශේෂයෙන්ම ඔය පිරිමි ළමයි සම්බන්ධ ප්‍රශ්න වලදී මං තමයි ඉතිං අදාළ පාර්ශ්වය එක්‌ක කතාකරන්න ඉදිරිපත් වෙන්නෙ. අපිට ඉතිං පිරිමි ළමයි නිකං නයාට අඳුකොළ වගේ! මොකද අපි ඉගෙන ගත්තෙ කොන්වන්ට්‌ එකකනෙ.

පාසල
පාසලේ අවසාන කාලෙ මම උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදියට කටයුතු කළා. ඒ නිසා මට විශාල වගකීම් කොටසක්‌ භාරවෙලා තිබුණා. නමුත් කියන්නම ඕන පාසලේ දඟම ළමයි කීපදෙනාගෙන් කෙනෙක්‌ මං….! ඒ වුණාට ගුරුවරු, පාසලේ ළමයි සියලුදෙනාම මට හරිම ආදරෙයි! හරිම හිතවත් ! ඒ නිසාම වෙන්න ඇති මට උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර ලැබුණෙත්….!

යාළුවෝ
ඉස්‌කෝලෙ යන කාලෙ මගේ හොඳම යාළුවො තමයි ගංගා වත්තේගම සහ හිමාලි වත්තේගම. ඊට අමතරව තරංගා, තේජානි, සෞම්‍යා, ජයනි, ගයත්‍රි, අනූෂා, දිල්රුක්‌ෂි ඇත්තටම මට යාළුවෝ හුඟක්‌ හිටියා.

1#

2#

3#

4#

අත්දැකීම්
පාසලෙන් අයින් වෙලා ටික දවසකින්ම මට චිත්‍ර ගුරුවරියක්‌ විදිහට පත්වීමක්‌ ලැබුණ. එතකොට මං ගුරුවරියක්‌ විදිහට වෙනම නීති රීති පද්ධතියකට තමයි කටයුතු කෙරුවෙ. මොකද මගෙ අම්මත් ගුරුවරියක්‌! මම විශ්වවිද්‍යාලෙට යනකම්ම ගුරුවරියක්‌ විදිහට කටයුතු කෙරුවා.

බලාපොරොත්තු
මට තිබුණු බලාපොරොත්තුව තමයි රටම කතාකරන කෙනෙක්‌ වෙනවා කියන එක. නමුත් ඒ නිළියක්‌ විදිහටම නෙමෙයි. මම හිතුවා චිත්‍ර ගුරුවරියක්‌ විදිහට හෝ ගායිකාවක්‌ විදිහට ජනප්‍රිය වෙයි කියලා. මොකද මට හොඳට සින්දු කියන්න පුළුවන්. මගෙ අම්මා මාව නන්දා මාලිනී මහත්මියගෙ සංගීත පන්තියකට එව්වා. මම එතුමියගෙන් තමයි සංගීතය හැදැරුවෙ. රංගන ශිල්පිනියක්‌ වීම මම කිසිමදාක නොසිතූ දෙයක්‌.

5#

6#

7#

8#

ගෙදර
මාව පුංචි කාලෙ ඉඳන්ම පුහුණු කරලා තිබුණු විදිහක්‌ තිබුණා. ඒ මගෙ අම්මා සහ එයාගෙ තාත්තා, මගෙ අප්පා. ඒගොල්ලො හිතපු දෙයක්‌ තමයි ඒගොල්ලන්ගෙ සමාජයට වඩා වෙනස්‌ සමාජයකට තමයි මම යන්නෙ. ඉතිං ඒ සමාජයට යන්න පුළුවන් හොඳ පෞරුෂයකින් යුක්‌ත ගැහැනියක්‌ බිහිකරන්න තමයි ඒගොල්ලො මහන්සි ගත්තෙ. ඒ වගේම මම හරි ස්‌වාධීන කෙනෙක්‌. ඒ කාලෙ ඉඳලම මම ගෙදරට බරක්‌ වුණේ නෑ! මම චිත්‍ර ඇඳල ඒවා විකිණුවා. මට මතකයි මං අපේ වත්තේ තිබුණු පුවක්‌ ගස්‌ ටික අයිතිකරගෙන පුවක්‌ එකතුකරලා විකුණලා මගේ වියදම හදාගත්තා. අදටත් මම හරිම ස්‌වාධීනයි!

පටබැඳි නම්
මට ඉස්‌කෝලෙදි නං කෙල්ලො කිව්වෙ ‘මාරයා’ කියලා! ඒ මං හිතන්නේ ‘මාරපන’ කියන නමෙන් අරගෙන. කැම්පස්‌ යන කාලෙනං කට්‌ටිය මට කිව්වෙ ‘කතුර’ කියලා!

9#

10#

11#

12#

විනෝදාංශ
ඉස්‌කෝලෙ යන කාලෙ නං ලොකුම විනෝදාංශය තමයි කැන්ටින් එකට ගිහිල්ලා ලොකු කල්කිරි බෝතල් අරගෙන බොන එක. ඊළඟට මම ගස්‌ නඟින්න හරි ආසයි. ඉතිං ගස්‌ නඟිනවා. ඒ වගේම මං හරි ආසයි කට්‌ටිය එක්‌ක එකතුවෙලා සින්දු කියන්න. පිදුරු ගොඩේ නටන්න. මම ගමේ තියෙන නාන ළිං වලටත් පැනලා තියෙනවා සෙල්ලමට!

පිරිමි ළමයි
ඒ කාලෙ පිරිමි ළමයි යාළුවෙන්න අහනවා. හැබැයි ඉතිං ඒ පණිවුඩේ මුලින්ම යන්නෙ අපෙ අම්මට. ගමේ කවුරුවත් නං මගෙන් අහල නෑ! ගමේ අය අපේ පවුලට ගොඩක්‌ ආදරෙයි, ගරු කරනවා. වැඩිපුරම මට ඒ යෝජනා ආවෙ මගේ ඥති සහෝදරයන්ගෙන්ම තමයි. සමහර යෝජනා වැඩිහිටියො හරහාත් ඇවිල්ල තියෙනවා. මගේ හිතෙන් කැමැත්තක්‌ තිබුණු අය නොහිටියම නෙමෙයි. නමුත් දීර්ඝ කාලීන ප්‍රේම සම්බන්ධතා වලට යන්න අපිට කාලයක්‌ තිබුණෙ නෑ! අනිත් එක අපි ටියුෂන් පන්ති වලට ගියේ ඉතාම අඩුවෙන්. ඒ නිසා පාසලෙන් පස්‌සෙ අපිට එහෙම ලොකු නිදහසක්‌ ලැබුණෙ නෑ!

13#

14#

15#

16#

දෙමවුපියෝ
මගේ අම්මා හරි වසයි. අපේ පවුල්වල ඔක්‌කොම අපේ අම්මට බයයි. අපෙ අම්මා මම විවාහ වෙනකම්ම මට ගැහුවා, බැන්නා! උසස්‌ පෙළ කරනකම්ම මගේ අම්මා මගේ පස්‌සෙන් හිටියා. මම ටිකක්‌ හිතුවක්‌කාරයි. අම්මා කැමති වෙලා හිටියෙ මමත් ගුරුවරියක්‌ හරි ගායිකාවක්‌ හරි වෙයි කියලා තමයි!

ගුරුවරු
මගේ ප්‍රාථමික අංශ ගුරුතුමිය රෝහිණී මිස්‌. ඊළඟට උනම්බුව මිස්‌, ඊළඟට දිසානායක මැඩම්. සාමාන්‍ය පෙළ පන්තියෙ හිටියා ගමගේ මැඩම්, උසස්‌ පෙළ පන්තියෙ විමලා විමලසූරිය මැඩම්! මම අතිශයින්ම ආදරේ කරන ගුරුතුමියක්‌! ඊළඟට චාලට්‌ ගුරුතුමිය…! ඇය තමයි මාව මුලින්ම පාසලේදී වේදිකා නාට්‍යයක ගීත ගායනයට අරගත්තෙ. මගේ ඉතිහාස ගුරුතුමිය නන්දා මනම්පේරි…ඒ වගේම ගුරුවරු බොහෝ දෙනෙක්‌ව මතකයේ තියෙනවා. නිහාල් සර් ගැන තවම අපි ආදරෙන් මතක්‌ කරනවා.

17#

18#

19#

20#

අහල – පහල අය
අපේ පවුලට ගමේ අය හුඟක්‌ ගරුකරනවා. හැබැයි ඒ කවුරුවත්ම මම නිළියක්‌ වෙයි කියලා නං හිතුවෙ නෑ! අදටත් ඒ අය කැමති නෑ මම රංගන ශිල්පිනියක්‌ විදියට පිළිගන්න. “මොන එකකටද ඕවට ගියේ….?” වගේ අදහසකින් තමයි ඒ අය ඉන්නෙ…?

වෙනස
අද හැමදේම ඉතා සීඝ්‍රයෙන් වෙනස්‌ වෙලා! එදා ගැහැනු ළමයකුට ලියුමක්‌ දෙන්න පිරිමි ළමයෙක්‌ බය වුණා! නමුත් අද පළවැනි SMS එකම “මම ඔයාට ආදරෙයි” කියලා ගහනවා. අද වයසට වඩා ඉක්‌මනින් හැමදේම සිද්ධ වෙනවා කියලා මට හිතෙනවා. එදා නිසි කලට නිසි දේ සිදුවුණා. අද පුංචි වයස්‌වලදීම හැම දේම අත්දැකලා ඉවර වෙනවා. ඒක මම දකින්නෙ අපරාධයක්‌ විදිහටයි. තරුණවිය ආයෙමත් එන්නෙ නෑ! අපි ගතකරපු තරුණ කාලෙ අද අයට නෑ! සමාජය හරි ඉක්‌මනට වෙනස්‌ වෙනවා. මම කියන්නෙ ළමයින්ට, තරුණ තරුණියන්ට දෙමාපියන්ගෙ නෑදැයන්ගෙ, අසල්වාසීන්ගෙ ආදරය, රැකවරණය, හව්හරන එදා වගේ අදත් දෙන්න පුළුවන්නං ඒක ලොකු දෙයක්‌!

21#

22#

23#

24#

25#

26#

27#

28#

29#

30#

31#

32#

Next Post

රෝගීන්ගේ ජිවිත රැක ගන්න කැපවන දඹුල්ලේ සුළු සේවක සුව විරුවා - මාස දෙකකින් තාම ගෙදර ගිහින් නෑ

Tue Jun 8 , 2021
මාස දෙකක පමණ කාලයක සිට කිසිදු නිවාඩුවක් නොමැතිව නේවාසික වසංගත රෝගීන්ට උපස්ථාන කරන සෞඛ්‍ය සුළු සේවකයකු පිළිබද පුවතක් දඹුල්ල ඩෙන්සිල් කොබ්බැකඩුව රෝහලෙන් වාර්තා වේ. මෙලෙස මිල කල නොහැකි සේවාවක් කරන ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචි නමින් යු.ඩි.ඒ.ප්‍රේමකුමාර වසර ගණනාවක පටන් රෝහල් සුළු සේවකයකු ලෙස සේවයේ යෙදෙන අතර වසංගතය පැමිණි දවසේ පටන් […]

Breaking News