අම්මායි තාත්තයි දරු දෙදෙනයි නොඑන ගමන් එකට යති – රට රැකියාවට ගිහින් හදපු නිවස – ජායාරූප

පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ මියගිය පිරිස 10ක් දක්වා ඉහළ ගොස් තිබේ.තවත් එක් අයෙකු අතුරුදහන් වු බවයි ආපදා කළමනාකරණ සඳහන් කළේය. අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අවදානම් ප්‍රදේශවලින් ඉවත්වන ලෙස දන්වන රතු නිවේදන නිකුත් කර ඇත්තේ,කළුතර දිස්ත්‍රික්කය-ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස රත්නපුර දිස්ත්‍රික්කය – කලවාන, ඇහැළියගොඩ

වර්ෂාව පවතින්නේ නම් ඉවත් වීමට සූදානම් වන ලෙස දන්වන දෙවන මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ,

කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගාල්ල දිස්ත්‍රික්කය – නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කළුතර දිස්ත්‍රික්කය– වලල්ලාවිට හා හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කෑගල්ල දිස්ත්‍රික්කය– ගලිගමුව, මාවනැල්ල, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, අරණායක හා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

නුවරඑළිය දිස්ත්‍රික්කය-අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රත්නපුර දිස්ත්‍රික්කය-අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මීට අමතරව කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට අද පෙරවරු 6.10ට පමණ පස් කන්දක් නාය යෑම හා ගල් පෙරලීම නිසා එම නිවසේ වාසය කල එකම පවුලේ සිව් දෙනෙකු මිය ගියේය.

පියා වයස අවුරුදු 57 වන කංකානමලාගේ විජේරත්න, මව වයස අවුරුදු 55 වන වීරසිංහ පේඩිගේ ලලිලා වීරසිංහ, පුතා වයස අවුරුදු 29 වන කංකානමලාගේ ශානික පුෂ්පකුමාර විජේරත්න, දියණිය වයස අවුරුදු 23ක් වන කංකානමලාගේ උමේෂා මධුවන්තී විජේරත්න යන අය මෙසේ ජීවිතක්ෂයට පත්වූහ.

ඊයේ රාත්‍රීයේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මෙම නාය යෑම සිදු වී ඇත. හාමුදාව, පොලීසිය හා ප්‍රදේශවාසීන්ගේ දැඩි වෙහෙසින් වාර්ෂාව මැද්දේ උදෑසන දියණියගේ සිරුරු සොයාගත් අතර පසුව පියාගේ හා මවගේ සිරුර සොයා ගන්නා ලදි.

අවසානයේ පුතාගේ සිරුරද සොයා ගන්නා ලදි. මෙම නිවස ඇති ස්ථානයේ මීට පෙරද සුළු නාය යෑම් තත්ත්වයන් තිබී ඇති බවත් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසටද දන්වා ඇත. පසුව මරණයට පත් පුතා විසින් රට රැකියාවකින් පසු නාය යෑමට ලක් වූ නිවස ඉදිරිපිට දෙමහල් නිවසක්ද ඉදිකර ඇත.මියගිය දියණිය ගුරු පත්වීමක් ලබා තවම මාසයක් වත් ගතවී නොමැත.

පවුලේ සාමාජිකයින් පවසන අන්දමට මරණයට පත් පුතා මීට දින කීපයකට නැවත රට රැකියාවකට යෑමට සූදානම් වී පසුව කො_රෝනා තත්ත්වය නිසා එය දින කීපයකට දීර්ඝ වී ඇති බව පවසයි. සොයාගත් සිරුරු මාවනැල්ල මූලික රෝහල වෙත රැගෙන යන ලදි.














Next Post

සුද්දන්ට ගුවන් යානා එන්ජින් හදන්න කියාදෙන සිංහල යුවතිය - මුලදී මගේ යටතේ වැඩ කරන්න විදේශිකයන් කැමැති වුණේ නෑ

Sun Jun 6 , 2021
ඇය ශ‍්‍රී ලාංකික දියණියක් ලෙස මේ වන විට ද ලෝකය හමුවේ තම දක්ෂතා පෙන්නුම්කොට හමාරය. අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යා ඉංජිනේරුවරියක් ලෙස සිය කුසලතා ප‍්‍රකට කර සිටින ඇය දැනට සේවය කරනු ලබන්නේ ලොව අංක එකේ මෝටර් රථ සහ ගුවන් යානා එන්ජින් නිෂ්පාදන ආයතනයක් වන එංගලන්තයෙහි පිහිටි rolls royce සමාගමේ ඩිජිටල් ආකෘතික කළමනාකාරවරිය […]

Breaking News