පොලිස් ලොක්කෙකුගේ පවුල් ජීවිතය අවුලක

තම බිරිඳ රැගෙන ගියැයි චෝදනා කරමින් ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු අප_රාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණීල්ලක් සම්බන්ධයනේ පරීක්ෂණ පවත්වන බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයා රාත්‍රී 9.45ට පමණ ඔහුගේ නිල රථයෙන් තම බිරිඳ රැගෙන යන නුවර මාර්ගයේ ගමන් කරමින් සිටින බවට ලැබුණු තොරතුරකට  ඔවුන් හඹා ගිය බවත්, පසුව ඔවුන් නුවර පාර දළුගම කැළණීය ප‍්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වූ බවත් එම ස්ථානාධිපතිවරයා සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර තිබේ.

එහිදී දෙපාර්ශ්වය අතර යම් බහි_න්බස් වීමක් සිදුවී ඇති අතර අදාළ ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලීසියට පැමිණ පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලීසියේ උසස් නිලධාරියකු සදහන් කළේය.

ඒ අනුව මෙම පැමිණීල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් සිටින බව ද කිරිබත්ගොඩ පොලීසිය කියයි

උපුටාගැනීම – ලංකාදීප 03/06/2021

Next Post

සංචරණ සීමා කාලයේ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්න - පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනයාගෙන් ඉල්ලයි

Thu Jun 3 , 2021
සංචරණ සීමා පනවා ඇති මෙම අවස්ථාවේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්නා ලෙසට ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එහි අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කර සිටියේ මීට අදාළ වැඩිදුර තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාංශයෙන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් ලබා ගත හැකි බවයි. කොවිඩ්-19  […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News