සංචරණ සීමා කාලයේ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්න – පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනයාගෙන් ඉල්ලයි

සංචරණ සීමා පනවා ඇති මෙම අවස්ථාවේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්නා ලෙසට ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එහි අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කර සිටියේ මීට අදාළ වැඩිදුර තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාංශයෙන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් ලබා ගත හැකි බවයි.

කොවිඩ්-19  තත්ත්වය ආරම්භක අවස්ථාවේ සිට මේ වන තෙක් අදාළ සේවාවන් අඛණ්ඩව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බව විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

උපුටාගැනීම – අද පුවත්පතින්

Next Post

සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවෙන් චන්දිමාල්ගේ සාදයට ගිය කලා පවුලක සාමාජිකාවක පොලිසිය සොයයි

Thu Jun 3 , 2021
රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය නිමිත්තෙන් ෂැංග්‍රිලා හෝටලයේ පැවැති සාදයට දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, රෑ රැජිනන්, නළු නිළියන් ඇතුලු විශාල පිරිසකගේ නම් එළියට ඒමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි. ඒ අනුව මෙම පුද්ගලයන් පිළිබදවද සොයා බලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ‌අවධාරණය කර සිටිති. මෙම සාදය උදෑසන […]