නැව මුහුදු බත් වීම ඇරඹෙයි – නෞකාව ගැඹුරු මුහුදට ගෙනයා හැකිදැයි කියන්න බැහැ – නාවික හමුදාව

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ආපදාවට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත්වීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව නැව ගැඹුරු මුහුදට රැගෙන යාමට ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ගලවාගැනීමේ කණ්ඩායමක් කොළඹ වරාය ආසන්නයේ සිට ගැඹුරු මුහුද දක්වා ඇඳගෙන යමින් තිබෙන ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට ගිනිගැනීමෙන් දැඩි හානි සිදුවී තිබීම නිසා කොපමණ දුරක් ගෙන යා හැකි ද යන්න නිෂ්චිතව කිව නොහැකි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

නෞකාව තල්ලු කිරීම ආරම්භ කිරීමත් සමඟ මුහුදු ජලය පිරීම ආරම්භ වූ බවත් ඒ හේතුවෙන් නැවේ පසු පස කොටස තව දුරටත් පහළට තල්ලු වන තත්වයක් ඇති වූ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මුහුදු ජලය අඛණ්ඩව පිරුණ හොත් නෞකාව කොපමණ දුරක් ඇඳගෙන යෑමට හැකිවේද යන්න කිවනොහැකි බවත් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගෙන යන්නේද යන්න තීරණය සෙසු බලාධාරීන් ගත යුතු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙත) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද (02) පෙරවරුවේ ආරම්භ කළේය.

නෞකාව තල්ලු කිරීමේ කාර්යට සහාය වීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් ද සහභාගි වී සිටියි.





Next Post

රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙනවා - අගරදගුරුතුමා අද කල විශේෂ ප්‍රකාශය මෙන්න

Wed Jun 2 , 2021
රට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව වේදනාවෙන් වුවත් ප්‍රකාශ කරන්නට සිදුව ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. වත්මන් රජය ගැන ජනතාවගේ සිත් තුළ ගොඩනැගී තිබූ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් රට තුළ ඉතා අවිනිශ්චිත පරිසරයක් ඇතිවෙමින් තිබෙන බව […]