නගරාධිපතිගේ උපන්දිනය හබක් – පියුමි – චන්දීමාල්ලගෙ උපන්දිනෙත් අවුලෙන් අවුලට

කුරුණෑගල පොලිසිය සංවිධානය කර තිබූ පිරිත් සජ්ජායනාවක් අතර තුර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතාගේ උපන්දින සැමරුම සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයකුගෙන් ප‍්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සිද්ධිය නිරෝධායන නිතිවලට පටහැනිව සිදුකරන ලද්දක් බවත් මෙය පොලීසිය සම්බන්ධවී නොකළ යුතු කි‍්‍රයාවක් බවත් ඔහු සදහන් කරයි.

පිරිත් සජ්ජායනාවකට පැමිණ උපන්දින කේක් කපමින් සිදුකළ මෙම කි‍්‍රයාව සම්බන්ධයෙන් ඉතා දැඩිව නිතිය කි‍්‍රයාත්මක කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කරයි.

වසංගය දුරුවේවායි ප‍්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ‍්‍රයේ දී පැවැත්වෙන අතර, එම පිරිත් දේශනය ශ‍්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ (30* පස්වරුවේ සහභාගි වී සිටියේය. එහිදී ඊයේ දිනට යෙදි තිබු නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීමද සිදුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරින් විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීමද සිදුව තිබිණී.

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පොලිස් අත් අඩ0ගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, කොළඹ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අත් අඩ0ගුවට ගත් බවයි.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 755 දෙනෙකු පසුගිය පැය 24 තුළ මෙහෙයුම්වලින් අත් අඩ0ගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව ඔක්තෝබර් 30 වැනි දා සිට මේ දක්වා අත් අඩ0ගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 18,055 ක් වේ.

Next Post

සනත් ජයසුරියගේ සුරූපී වැඩිමල් දියණිය රටේම කතාවෙන චරිතයක් වෙයි - ඡායාරුප සහිතයි

Tue Jun 1 , 2021
මාස්ටර් බ්ලාස්ටර් ලෙස හදුන්වන සනත් ටෙරාන් ජයසූරිය ඉපදෙන්නේ 1969 ජූනි 30 වන දිනයි හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙක් වෙනවා. සනත් ජයසූරිය එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල කැපී පෙනෙන හා තරග ජයග්‍රාහී සර්වකාලීන දක්ෂතා නිසා ලෝක ප්‍රසිද්ධයි. ඉතින් ලෝකයක් හදුනන මාස්ටර් බ්ලාස්ටර් ලෙස හදුන් වල […]

Breaking News