ඇමරිකා ජනපතිගෙන් ගෞරව උපාධියක් ගත් අපේ නාවිකයා – විශ්ව ෆොන්සේකාගෙන් ලංකාවට තවත් අභිමානයක්

ඇමෙරිකාවේ වෙරළාරක්ෂක ඇකඩමියෙන් සමුද්‍රීය වාස්තුවිද්‍යා සහ සමුද්‍රීය ඉංජිනේරු ගෞරව උපාධියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන්වරයෙකු (පළමු පන්තියේ ) වන විශ්ව ෆොන්සේකා මහතා සමත්ව ඇතැයි ඇමෙරිකාවේ වොෂිනටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මෙහි වැදගත් සිදුවීම වූයේ ඔහුට හිමි උපාධිය සහතිකය ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අතින් ඉකුත් 19 වන දින ලබා ගැනීමට හැකිවීම බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

2015 වසරේ ජූනි 03 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදවට එක්වූ උප ලුතිනන් විශ්ව ෆොන්සේකා මහතා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඇමෙරිකාවේ කනෙක්ටිකට් හි නිව් ලන්ඩන් හි එක්සත් ජනපද වෙරළාරක්‍ෂක ඇකඩමියේ උපාධි ප්‍රධානෝත්සවය ඉකුත් 19 වැනිදා ඇමෙරිකා ජනාපධිපතිගේ ප්‍රදානත්වයෙන් පැවත්වූ අතර එහි ප්‍රධාන දේශනයද ඇමරිකා ජනාධිපතිවරයා විසින් පවත්වනු ලැබීය.

මෙම උත්සවය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක හා තානාපති කාර්යාලය නියෝජනය කළේ වොෂිංටන් ඩී.සී. තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක එයාර් කොමදෝරු සම්පත් වික්‍රමරත්න විසිනි.

ඡායාරූප කැප්ෂන් – ශ්‍රී ලංකා නාවික හමුදාවේ උප ලුතිනන් විශ්ව ෆොන්සේකා මහතා තමා හිමි ඇමෙරිකාවේ වෙරළාරක්ෂක ඇකඩමියේ සමුද්‍රීය වාස්තුවිද්‍යා සහ සමුද්‍රීය ඉංජිනේරු ගෞරව උපාධිය සහතිකය ඇමෙරිකා ජනාදිපති ජෝ බයිඩන් මහතා අතින් ලබා ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ. වොෂිංටන්හි . ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක එයාර් කොමදෝරු සම්පත් වික්‍රමරත්න මහතාද මෙහි වෙති.







Next Post

වසංගත මර්දනය වෙනුවෙන් යතුරු පැදි බලඇණියක් - ජායාරූප

Thu May 27 , 2021
වසංගත මර්දනය වෙනුවෙන් උතුරේ සංචරණ සීමා උල්ලං_ඝනය කරන්න පුද්ගලයන් සොයා  බැලීමට ,සහ සෞඛ්‍යය නීති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පුහුණුව ලැබූ කාන්තා යතුරු පැදි බලඇණියක් යාපනයේ ස්ථාපිත කර ඇති බව යුද හමුදාව පවසයි. ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් […]

Breaking News