නැවේ ගින්න තවත් පැතිරෙයි – කිට්ටු වෙන්නවත් බෑ – මීගමුවට ගොඩ ගැසූ නැවේ සුන් බුන් – ජායාරූප

කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකි තත්වයයක පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

ගිනි නිවීමේ සහ මුහුදු දූෂණ ආරක්‍ෂණ පහසුකම් සහිත ඉන්දීය නෞකා දෙකක් මේ වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා මුහුදු සීමාව නවතා තිබෙන බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගනිමින් තිබීම නිසා ආසන්නයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වීමෙන් ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහලුම්වලින් විශාල සංඛ්‍යාවක් මේ වන විට මුහුදුට පෙරළි ඇති බවත් එය කොපමණක්ද යන්න කිකිවකුට කිවනොහැකි බවත් නාවික හමුදා මාධ්‍ය කියයි.

ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී මෙම නෞකාව පසුගිය 20 වැනිදා ගිනිගැනීමකට ලක්වූ අතර එම කෞකාවේ ඊයේ (25) අළුයම නැවතත් ගින්න ඇවිලුණු අතර මේ දක්වා ගින්න පවතී.

ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටතට විසිවූ බහලුම්වල තිබූ පැකට් වැනි ද්‍රව්‍ය මීගමුව වෙරළ තීරයේ කොච්චිකඩේ සිට බෝපිටිය දක්වා වෙරළේ තැනින් තැනට ගොඩගසා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

එම ගොඩගසා ඇති ද්‍රව්‍යවල රසායනික අඩංගු වීමට ඉඩත ඇති බවත් ඒ හේතුවෙන් ඉනතාව ආරක්‍ෂා කිීම සඳහා එම වෙරළ තීරයට නාවිත හමුදා නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ යොමු කළ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ජායාරූප පහතින් නරඹන්න













Next Post

නැවේ ගින්න පටන් ගත්තේ අරාබි මුහුදින් - කටාරය ඇතුල් වෙන්න දීලා නෑ - නෞකාව හිමි සමාගම් ප්‍රධානියා ගෙන් විශේෂ හෙළිදරව්වක්

Thu May 27 , 2021
කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර වෙනත් වරායන් දෙකකට ඇතුල්වීමට අවසර ඉල්ලා තිබුනත් එම වරායන් දෙකෙන්ම මෙම නෞකාවට ඇතුළු වීම සඳහා අවසර හිමිවී නැති බව එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ටීම් හාර්ට්නොල් ප්‍රකාශ කර සිටිනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා ගේ […]

Breaking News