ශ්වසන අපහසුතා සහ සමෙහි ආසාත්මිකතා – පිපිරුණු නැවෙන් අනතුරු ඇඟවීමක් – ගින්න නිවන්න බෑ – මෙන්න කරන්න යන දේ

කොළඹ වරායට ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ අද උදෑසන සිදු වූ පිපිරීමත් සමග යම් බහාලුම් ( containers ) ප්‍රමාණයක් මුහුදට වැටී ඇති අතර එම බහාලුම් අතර තිබූ බහාලුම් තුනක epoxy resin නම් රසායනික ද්‍රව්‍යය අඩංගු වන බව දැනුම් දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.එම රසායනික ද්‍රව්‍ය මගින් ශ්වසන අපහසුතා සහ සමෙහි ගැටුනහොත් ආසාත්මිකතා පෙන්වන බවද වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි එහි සඳහන් වන්නේ.

යම් හෙයකින් පාවෙමින් තිබෙන බහාලුමක් දුටුවහොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට සුළු පන්න ධීවර කාර්මිකයින්ට සහ වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්ව සිටින සියලුම ධීවර ජනතාවට දන්වා සිටින බවයි එම සටහනේ දැක්වෙන්නේ.

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් පවතින නෞකාවේ පිපිරීම් රැසක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.ඒ සමඟින් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන් මුදා ගැනීමට කටයුතු කළා.

සිංගප්පූරු ධජය සහිත එක්ප්‍රස් පර්ල් නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව තුළ ගිනි ගැනීමක් ඇතිව තිබුණේ පසුගිය 20 වැනිදායි.ඒ අවස්ථාවේ එම නෞකාව කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 10ක පමණ දුරකින් මුහුදේ නැං ගුරම්ලා තිබූ අතර ඒ අවස්ථාවේ එම නෞකාවෙහි බහාලුම් 1486ක රසායනික ද්‍රව්‍ය හා රූපලාවන්‍ය ද්‍රව්‍ය අඩංගු වූ බවට පසුව අනාවණය වුණා.

ඒ අතර නයිට්‍රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25ක පමණ ප්‍රමාණයක් අන්තර්ගතව තිබූ බවද හෙළි වුණා.නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වරාය අධිකාරිය හා ගුවන් හමුදාවේද සහයෙන් මෙහෙයුම් සිදු කෙරුණා. නෞකාවේ ඇති වූ ගින්නත් සමඟින් එහි සිටි විදේශීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනා බේරා ගැනීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කෙරුණා.

ඒ අතර සිටි තුවාල ලැබූ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැණුනා. මේ වන විට එක්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න එහි අභ්‍යන්තරයටද දැඩිව පැතිර ගොස් ඇති අතර මුහුදේ පවතින සුළං තත්ත්වයේ වැඩිවීම සහ සාගරයේ කැළඹිලි සහගත තත්ත්වයට අමතරව නෞකාවේ බහාලුම් තුළ ගබඩා කර තිබූ අන්තරායකර භාණ්ඩ හේතුවෙන් පිපිරීම සිදු වන්නට ඇති බවට සැකකෙරෙනවා. මෙවන් වාතාවරණයක් තුළ නෞකාවේ ගින්න නිවා දැමීමට අපහසු මට්ටමකට ළඟා වී ඇති අතර ගිනි ගන්නා නෞකාව ඈත දියඹට ඇදගෙන යාමට තීරණය වී තිබෙනවා.

මේ වන විට එක්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න එහි අභ්‍යන්තරයටද දැඩිව පැතිර ගොස් ඇති අතර මුහුදේ පවතින සුළං තත්ත්වයේ වැඩිවීම සහ සාගරයේ කැළඹිලි සහගත තත්ත්වයට අමතරව නෞකාවේ බහාලුම් තුළ ගබඩා කර තිබූ අන්තරායකර භාණ්ඩ හේතුවෙන් පිපිරීම සිදු වන්නට ඇති බවට සැකකෙරෙනවා.මෙවන් වාතාවරණයක් තුළ නෞකාවේ ගින්න නිවා දැමීමට අපහසු මට්ටමකට ළඟා වී ඇති අතර ගිනි ගන්නා නෞකාව ඈත දියඹට ඇදගෙන යාමට තීරණය වී තිබෙනවා.






Next Post

සිරුරු ආදාහනයට කාඩ්බෝඩ් මිනී පෙට්ටි - පෙට්ටියක් රුපියල් දහදාහකි - වීඩියෝ සහිතයි

Tue May 25 , 2021
ලංකාවේ පළමු වතාවට මළසිරුරු බහාලන ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ්වවලින් තැනූ පෙට්ටියක් හදුන්වා දීමට දෙහිවල ගල්කිස්ස නගර සභාව පියවර ගෙන ඇත.පරිසර හිතකාමී ලෙස සකස් කොට ඇති මෙම පෙට්ටියට සෞඛ්‍ය අංශවලින්ද අනුමැතිය හිමිව ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව අද දිනයේදී පළමුවරට කො_රෝනා මළසිරුරක් එවැනි පෙට්ටියක බහා ආදාහනය කොට ඇති බව වාර්තා […]