කතානායකවරයාට මන්ත්‍රීවරු කල ඉල්ලීම ඵලදරයි – නවක මංත්‍රීවරුන් සියල්ලටම අලුත් වාහන

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ක්‍රියාත්මක කළා තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර ඇති බැවින් මෙම පියවර ගැනෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවීමේ පදනම මත ජිප්රථ ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවනු ඇත .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන වල අවශ්‍යතාව පෙන්වා දෙමින් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ලිපියක් ද යොමු කරනු ලැබීය.

ටොයොටා ලංකා සමාගම විසින් ආනයනය කරනු ලබන මෙම වාහන කල්බදු පහසුකම් යටතේ ලබාගැනීමට යෝජිතය..

මීට අමතරව, රජයේ හදිසි වාහන අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ගිලන්රථ 50ක් ,ඩබල් කැබ් රථ 50ක් සහ බවුසර් 50 ක් ද ඉහත පහසුකම් යටතේ ලබා ගැනීමට රජය සැලසුම් කර ඇත .


Next Post

225 ට 227ක් ලෑන්ඩ් කෘෂර් ගෙන්වන්න සියල්ල සුදානම් - පක්ෂ විපක්ෂ කවුරුත් විරුද්ධ නෑ

Mon May 24 , 2021
මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන අවශ්‍යතාවක් ඇති බැවින් ඒ වෙනුවෙන් වාහන ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි. මන්ත්‍රීවරුන් සඳහා ආසන 07 ලෑන්ඩ් ක_සර් ප්‍රාඩෝ රථ 227ක් ගෙන්වීමට මේ වනවිටත් කටයුතු යොදා ඇතැයිද වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මේ සතියේදී කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද […]