ඔබ පාවිච්චියට ගන්නා මාස්ක් නැවත භාවිතා කිරීමට වටිනා මේ කරුණු දැනගන්න

N95 / KN95 මාස්ක් නැවත භාවිතය පිළිබඳව.

N95 මාස්ක්ස් පැය 9ක භාවිතයෙන් පසු ඉවත දැමීමට නිෂ්පාදනය කර තිබුණත්,දැඩි ඉල්ලුම සහ මාස්ක් හිඟය නිසා ඒවා නැවත භාවිතයට උපදෙස් WHO, CDC යෝජනා කර ඇත.N95 / KN 95 මාස්ක්වල ස්තර 4-5 ක් ඇති අතර, මධ්‍ය ස්තරය polypropylene කෙදි වලින් සාදා ඇති අතර එහි විද්‍යුත් අරෝපනයක් ඇත.එමගින් පෙරනය වීම 10-20 වරකින් වැඩි වනු ඇත.මෙම ස්තරවල ගුණාංග වෙනස් වීමෙන් එහි ගුණාත්මකභාවය / පෙරන කාර්යක්ෂමතාවය (filtering efficiency) අඩුවනු ඇත.

අප භාවිතා කරන වැරදි ක්‍රම
නැවත භාවිතයේදී සබන් යොදා සේදීම සහ මධ්‍යසාර භාවිතයෙන් සේදීම නිර්දේශ නොකරයි. එහිදී මාස්ක් එකෙහි ගුණාත්මකභාවය; සබන් මගින් 54% දක්වාත්, මධ්‍යසාර මගින් 67% දක්වාත් අඩුවන බැවින් සබන් හෝ මධ්‍යසාර යොදා සේදීම නොකරන්න.

නිර්දේශිත ක්‍රම
මාස්ක් මාරුවෙන් මාරුවට දවස් 3-4කට වරක් භාවිතා කිරීම

මාස්ක්ස් කිහිපයක් ළඟ තබාගෙන, මාරුවෙන් මාරුවට භාවිතා කළ යුතුය.

70–73°F කාමර උෂ්ණත්වයේ,40% ආර්ද්‍රතාවයේ තැබිය යුතුය.මෙමගින් මාස්ක් එකේ ගුණාංග කිසිවක් වෙනස් නොවේ.

New England Journal of Medicine සමීක්ෂණ වාර්තාවට අනුව වෛරසය ප්ලාස්ටික් පෘෂ්ට මත දින 3කට වඩා නොපවතින බවට සාක්ෂි ලබා දේ.

මාස්ක් එක රත් කිරීම
උඳුනක (oven) 70°C / 158°F උෂ්ණත්වයට, පැයක් රත්කර නැවත භාවිතා කළ හැක.

පැය 24ක් පමණ රත් කිරීමේදීත් මාස්ක් එකේ ගුණාත්මකභාවය 98.5% ක පමණ පවත්වාගත හැක.

නටන වතුරේ විනාඩි 5ක් තැබීම:
මෙහිදී ගුණාත්මකභාවය 92.4% ක පමණ පවත්වාගත හැක.
නැටවීමේදී, මාස්ක් එක කැලැත්තවීම නොකළ යුතුයි.

හුමාල වාෂ්පයේ තැම්බීම:
125°C / 257°F උෂ්ණත්වයේ විනාඩි 5ක් තැම්බීම.මෙහිදී ගුණාත්මකභාවය 91.7-98.5% අතර පවත්වාගත හැක.

සැ.යු – රත්වීමේදී, මාස්ක් එකේ පිටත ස්තරයට භාවිත කර ඇති අමුද්‍රව්‍ය අනුව,එහි හැඩය වෙනස් විය හැක.එමගින් නිසි ලෙස මුහුණට සවි නොවීම නිසාද පෙරන කාර්යක්ෂමතාවය අඩු විය හැක..

මෙම පණිවිඩය ඔබේ මිතුරන්ටත් දැන ගන්න සලස්වන්න.

Next Post

මඩ නාගෙන කුඹුරු කොටා ටයි දාගෙන වැඩට යන - අපේ රටේ ඉඩම් කොමසාරිස්

Thu May 6 , 2021
නගර සභාවට ඇතුළු වීමට අපේක්ෂාවෙන් පැමිණ ප්‍ර‍ධාන පිවිසුම අසල නතර කළ ඩබල් කැබ් රියකි. අසල ත්‍රිරෝද නැවතුම් පොළේ තරුණයෙක් කැබ් රියේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයා එකවර හඳුනා ගත්තේය. “ආ… මචං.. උඹ නං කොහොම හරි ආණ්ඩුවෙ කන්තෝරුවක ඩ්‍ර‍යිවින් ජොබ් කට්ටක් සෙට් කරගෙන වගේ නේද..?’’රියැදුරු අසුනේ තරුණයා නිහඬව සිට සිනාසුණේ තම මිතුරාගේ […]

Breaking News