සිසු සිසුවියන් 194,297කට සරසවි වරම් – 2020 උසස්පෙළ විශිෂ්ඨයින් මෙන්න

ඊයේ පස්වරුවේ නිකුත් වූ 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථපල වලට අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 194,297දෙනෙකු සරසවි වරම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව ප්‍රතිශතයක් ලෙස සියයට 64.39ක් බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සමස්ත සිසු සිසුවියන් සංඛ්‍යාව 301,771කි.ඉන් විභාග අපේක්ෂකයින් 86දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කර ඇත.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් සපයන බවත් ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

එහිදී දිවයිනේ ප්‍රථම ස්ථාන පහත පරිදි වෙයි. මෙහිදී හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහලෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන දෙකක් වාර්තාවීම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.

ගණිත අංශය – ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට යාපනය, චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ, ධනරාජ් සුන්දර්බවන්

කලා අංශය- ප්‍රථම ස්ථානය දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණි

වාණිජ අංශය- ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක

ඉන්ජිනේරු තාක්ෂණවේදය – ප්‍රථම ස්ථානය හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ  අවිශ්ක චානුක

ජෛව තාක්ෂණවේදය – ප්‍රථම ස්ථානය හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලයේ  සුසික සඳසර

ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය – මනුජය ප්‍රවීන් විජේසිංහ – කොළඹ රාජකීය විද්‍යාල​ය

Next Post

ජනප්‍රිය ප්‍රසිද්ධ අයට - නළු නිලියන්ට විතරද පුලුවන් මෙහෙම දේවල් කරන්න - මේ බලන්න හැමෝම කතාවෙන ලස්සන පවුලක අපූරු 21වෙනි විවාහ සංවත්සරයේ ජායාරූප

Wed May 5 , 2021
මේ දවස් වල ජායාරූප ශිල්පීන් හරි අපුරු ෆොටෝ ෂූට් කරලා දානවා. ඉතින් ඒ දේවල් හරි අසාවෙන් ඔයාල බලනවා කියලත් අපි දන්නවා. මේ ලඟකදී ඉතාමත් ලෙස ජනප්‍රිය වුනේ කළු ජාතික තරුණියකගේ ලංකාවේ සිදු වුන විවාහය. ඉතින් ඒ වගේ විශේෂ දේවල් ජායාරූප ශිල්පින් ජරි අපුරුවට අපට බලන්නට සමාජ මාද්‍ය ඔස්සේ ගෙන එනවා. […]