උ.පෙළ විභාගයේ හපන්නු මෙන්න – ටිල්වින් සිල්වාගේ දූවරු දෙන්නාත් පළමු තැනට හා තෙවැනි තැනට?

2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා.උසස් පෙළ දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ගණිත අංශයේ ධනරාජ් සුන්දර්භවන් හිමි කර ගෙන තිබෙනවා.ඔහු යාපනේ චාවකච්චේරි හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා.

එමෙන්ම කලා අංශයේ චමල්කා සෙව්මිණි ද දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා තිබෙනවා. ඇය ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලයෙනුයි අධ්‍යාපනය හදාරා ඇත්තේ.

හොරණ තක්ෂිලා විද්‍යාල මධ්‍යම මහා විද්‍යාලයේ සිසු දෙදෙනෙක් අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූහ. තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හා ජෛව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය එසේ දිනාගෙන ඇත.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, ටිල්වින් සිල්වාගේ දරුවන් දෙදෙනෙකු මෙවර උසස් පෙළ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම හා තෙවන ස්ථාන ලබාගෙන ඇති බව සඳහන් කළ ඡායාරූපයක් අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබෙනවා.

මේ පිලිබදව ටිල්වින් සිල්වා මහතා පළකෙළේ මෙවන් අදහසක් “මේ ෆොටෝ එක මීට අවුරුදු දෙක තුනකට කලින්, දෙහිඅත්තකණ්ඩිය පැත්තේදී ගත්ත ෆොටෝ එකක්. මේ දරුවෝ දෙන්නා අපේ පාක්ෂිකයෙකුගේ දරුවෝ දෙන්නෙක්. ඒ දවස්වල කවුරුහරි මේක ෆේස්බුක් එකට දාන්න ඇති. ඒ ෆොටෝ එක අරගෙන මගේ දරුවෝ දෙන්නා උසස් පෙළ විභාගය සමත් කියලා ඔය විදිහට කවුරුහරි පෝස්ට් එකක් හදලා. මේ ෆොටෝ එක ඇත්ත වුණාට, කියලා තියෙන කතාව බොරු….”

Next Post

ඇලවුණු කුලුනේ නිවසක මිල අඩු වෙයි - මාබල් ඉතාලි - ලී ජර්මන් - නාන කට්ටල ඔස්ට්‍රියාවේ - ඇමෙරිකාවේ ජිම්

Tue May 4 , 2021
කොළඹ කොටුවේ සිට කොම්පඤ්ඤවීදිය දෙසට ගමන් කරන අපට ගංගාරාමය පසුවෙත්ම ‘‘ඇලවුණු ගොඩනැගිල්ලක්” පෙනෙන්නේය. එය ඊයේ පෙරේදා විවෘත වූ ඕල්ට්එයාර් නිවාස සංකීර්ණයයි. එය දුටු පමණින් ඕනෑම අයෙක්ට සිහිවන්නේ ඉතාලියේ පිහිටි පීසා කුලුනයි. තවත් අයෙක්ට මේ ගොඩනැගිල්ල දෙස බැලූ බැල්මට පෙනෙන්නේ තවත් ගොඩනැගිල්ලකට ගැසූ කූඤ්ඤයක් සේය. අනෙක් අතට මේ අමුතුම ගොඩනැගිල්ල අසලින් […]