අද පැවති මගුල් ගෙදර ගැන හමුදාපති හෙළි කරයි – වීඩියෝ සහිතයි

මේ දිනවල ලංකාවේ වසංගත ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් සෞඛ්‍ය අංශය විසින් වසංගත මර්දන මාර්ගෝපදේශය මේ වන විට ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම මාර්ගෝපදේශ බලපැවැත් වෙයි.

මෙවන් වාතාවරණයක යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ කටකතාවක් පැතිරුණා. එහි සඳහන් වුණේ, ඒ මහතාගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය අද දින (03) පැවති බවයි.

මෙවන් තත්ත්වය හමුවේ අප්‍රේල් 03 වන දින සිය සහෝදරියගේ දියණියගේ විවාහ මංගල්‍ය පැවැත්වීමෙන් පසුව මංගල උත්සව නැවත්වීමට තීරණය කර ඇති බවට හමුදා පතිට එල්ල වූ කරුණ සම්බන්ධයෙන් විමසීමට අප යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධ කර ගත්තා.ඒ මහතා සඳහන් කළේ, මෙය සම්පූර්ණ අසත්‍යක් බවයි. තමන්ට නැගණියක් ඇති බව සත්‍ය කරුණක් මුත් නැගණියගේ දියණිගේ විවාහ උත්සවයක් පැවැත්වූවේ නැති බවත්, එම දියණියන් අවුරුදු 20 ටත් අඩු වයසේ වන අතර මෑතක දී විවාහ වීමේ අපේක්ෂාවක් ද නොමැති බවයි.හුදෙක් ජනතාව නොමග යැවීමට හා යුද හමුදාපතිවරයාට අ:පහාස කිරීමට මෙලෙස කටයුතු කර ඇති බවක් ද පෙනී යනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණ 360 වැඩසටහනට සහභාගී වෙමින් පලකල අදහස් පහතින් නරඹන්න

Next Post

ලොව සුපිරි කෝටිපතියා දික්කාසද වෙයි - බිල් ගේට්ස්ගේ වසර 27 ක පවුල් ජීවිතය අවසන්

Tue May 4 , 2021
බිල් සහ මෙලින්ඩා ගේට්ස් වසර 27කට පසු ඔවුන්ගේ විවාහය අවසන් කරමින් දික්කසාදයකට යන බව නිවේදනය කරයි. අපගේ සම්බන්ධතාව පිළිබඳ විශාල සිතිවිල්ලකින් මෙන්ම, බොහෝ වැඩ කිරීමෙන් පසුව අපගේ විවාහය අවසන් කිරීමට අපි තීරණය කර තිබෙනවා” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ. මෙම යුවළ 2000 දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමග එක්ව […]