හැදුනු රටට වඩා උපන් රටෙන් ඔලිම්පික් යන ලංකාවේ මැටිල්ඩා – අශ්වයාගේ වටිනාකම කෝටි 15 යි

ඕනෑම කී‍්‍රඩකයකුගේ එකම පැතුම ජීවිතයේ එක් වරක් හෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා සහභාගි වීමය. ඒත් ඒ වරම හිමිවන්නේ කී‍්‍රඩකයන්ගෙන් කීදෙනකුටද? ලොව පුරා කෝටි ගණනින් කී‍්‍රඩකයන් සෑම උදෑසනකම අවදි වන්නේ ඔලිම්පික් සිහින දකිමින් වුවද මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට වරම් ලබන කී‍්‍රඩකයන් ගණන එකොළොස් දහසක් පමණි.

ඒ මහඟු විරල භාග්‍යය උදාකර ගන්නට ශී‍්‍ර ලංකාවෙන් සමත් වූ පළමු පුද්ගලයා ලෙස මැටිල්ඩා කාල්සන් වාර්තා පොත් අතරට එකතු වන්නීය. සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න වැනි නම් තරම් මැටිල්ඩා කාල්සන් නම අපට හුරු පුරුදු නැතිවා මෙන්ම ඇය ඔලිම්පික් වරම් ලබාගත් කී‍්‍රඩා ඉසව්වද අපට එතරම්ම නුහුරුය.

තුරඟ හරඹ – බාධක පැන්නීම නම් තරගයෙන් මැටිල්ඩා කාල්සන් ඔලිම්පික් වරම් ලද පුවත ඔබ අප පුදුමයට පත්කරන කරුණක් වන්නේ එනිසාය. එහෙත් ඇය අපේය. ශී‍්‍ර ලංකාවේ කන්ද උඩරට මහනුවර උපත ලද ඇය හැදී වැඩුණේ ස්විඩනයේය . මහනුවර ඉපිද ස්වීඩනයේ හැදී වැඩුණු ඇය ශී‍්‍ර ලංකා ධජය යටතේ මෙවර ඔලිම්පික් උළෙලේ තුරඟ හරඹ – බාධක පැන්නීමේ තරගයෙන් සිය හරඹ පෙන්වන්නීය. එය ශී‍්‍ර ලංකා මාතාවට ගෞරවයකි, ආඩම්බරයකි.

ස්වීඩනයේ හැදී වැඩුණු මේ ‘වස්තුව’ ශී‍්‍ර ලංකා ධජය යටතට පැමිණීමේ කතාවද අපූරුය. එහි කථානායකයා ශී‍්‍ර ලංකා තුරඟ තරග සම්මේලනයේ සභාපති සුරන්ජිත් පෙරේරා මහතාය. අප රට තුළ ඉපිද අප රටෙහිම හැදී වැඞී මේ පොළොවේම වයසට යන එහෙත් අවශ්‍ය ඇගැයීම නොලැබෙන කී‍්‍රඩා වස්තූන්ද ඕනෑ තරම් තිබියදී කිලෝමීටර් දහස් ගණනක් එපිට සිටියදී මැටිල්ඩා හමුවීම අරුමයක් නොවන්නේ කෙසේද? ඇය ඔලිම්පික් වරම් දිනනවා හා සමානම කතාවක් ඇයව අපට හමුවීම පිටුපසත් තිබිය හැක. සුරන්ජිත් පෙරේරා මහතා ඒ පිළිබඳව සිය හඬ මෙසේ අවදි කළේය.

අපේ රටේ තුරඟ හරඹ සඳහා අවශ්‍ය පහසුකම් නැහැ. කී‍්‍රඩාංගණ නැහැ. ඒ සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදෙන බව ප‍්‍රකාශ කර තිබෙනවා. ඒත් එය තවම ස්ථිර නැහැ. මේ නිසා ඔලිම්පික් කෙසේ වෙතත් තුරඟ හරඹ පුහුණු කිරීමත් අපට විශාල ප‍්‍රශ්නයක්. මගේ යටතේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1250 ක් පමණ ඉන්නවා. ඒත් අපට අශ්වයන් ඉන්නෙත් 200 ක් පමණ සංඛ්‍යාවක්. මේ වගේ ප‍්‍රායෝගික ප‍්‍රශ්න බොහෝයි.

මෙහෙම තත්ත්වයක් තුළ අපේ රටේ ඉපිද වෙනත් රටවල මේ කී‍්‍රඩාවට දක්‍ෂ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඉන්නවද කියලා අපි හොයලා බැලූවා. එහි ප‍්‍රතිඵලයක් මත මැටිල්ඩා ගැන තොරතුරු ලැබුණේ. ඒ වගේම තවත් තිදෙනකු ගැන තොරතුරු ආවා. ඉන් දෙදෙනකුට සහාය දෙන්න අපට නොහැකි වුණා. ඇයි ඒ?

ඔවුන්ට මේ තරග සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය තිබුණේ නැහැ. ඔවුන් මගෙන් මුදල් ඉල්ලූවා. ශී‍්‍ර ලංකාවෙන් තුරඟ හරඹ සඳහා මුදල් දෙන්න තරම් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා මං ඔවුන්ට කිව්වා. අපේ රටේ සිටින කී‍්‍රඩකයන්ටවත් අවශ්‍ය පහසුකම් නැති තත්ත්වයක් තුළ ඒ අයට කවුද අනුග‍්‍රහය දක්වන්නේ. ඒත් මැටිල්ඩාට අවශ්‍ය මූල්‍ය ශක්තිය තිබුණා.

ඇය මොනවද ඔබෙන් ඉල්ලූවේ?
මැටිල්ඩා සමග අපි අන්තර්ජාලයෙන් අදහස් හුවමාරු කරගත්තා. ඇයට ඕනැ වුණා ශී‍්‍ර ලංකා ධජය යටතේ ඔලම්පික් යන්න. මං ඇයට පොරොන්දු වුණා ඒ සඳහා සහාය දක්වන බවට. ඊට පසුව ඇය ලංකාවට පැමිණ ද්විත්ව පුරවැසිභාවය ලබා ගත්තා. අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කරගත්තා. මේ විදිහට තමයි ඇයට ඔලිම්පික් වරම් හිමි වුණේ.

මැටිල්ඩා කාල්සන් නම් එම කී‍්‍රඩිකාව අද ශී‍්‍ර ලංකාවට වටිනා සම්පතක් බවට පත් වී ඇත. මේ වනවිට 37 වැනි විය ආසන්නයේ සිටින මැටිල්ඩාගේ ඔලිම්පික් සිහිනය දැන් සඵල වී ඇත. එහෙත් කුමක්දෝ අහේතුවකට ඔලිම්පික් සඳහා නිර්දේශ වී තිබියදී ද ඇයගේ නම ඉන් ඉවත් කෙරිණි. ඒ 2020 වසරේදීය. එහිදී සිදුවූයේ මැටිල්ඩා අන්තර්ජාතික තුරඟ හරඹ කී‍්‍රඩා තරගාවලි කිහිපයකදී ඇය රැස්කළ ප‍්‍රසාද ලකුණු ඉවත් කිරීමට පසුව කටයුතු කිරීමයි.

අන්තර්ජාතික තුරඟ කී‍්‍රඩා සම්මේලනය විසින් සිදු කරන ලද එම කි‍්‍රයාවට විරුද්ධව ශී‍්‍ර ලංකා තුරඟ සම්මේලනයත්, ජාතික ඔලිම්පික් කමිටුවත් ස්වීඩනයේ අධිකරණයට කීවේය. ඒ නඩුවෙන්ද අත්වූ ප‍්‍රතිඵලය වූයේ මැටිල්ඩාගේ ඔලිම්පික් ගමනට බාධා පැමිණීමය. තුරඟ හරඹ මගින් තුරඟයන් පිට සිට බාධක පැන ගිය මැටිල්ඩා ඉන් නොනැවතී අන්තර්ජාතික තුරඟ කී‍්‍රඩා සම්මේලනයට ඒ පිළිබඳව අභියාචනයක් ද ඉදිරිපත් කළාය. එයින්ද සාර්ථක ප‍්‍රතිඵල නෙළා ගැනීමට නොහැකි වූ ඔවුන් අවසානයේ නතර වූයේ ජිනීවා කී‍්‍රඩා බේරුම්කාර මණ්ඩලයේය. එයට ඉදිරිපත් කළ අභියාචනයෙන් මැටිල්ඩාට ජය අත්වූවාය.

ඊට පසුව නැවතත් මැටිල්ඩාට අභියෝගයක් විය. ඒ ඔලිම්පික් සඳහා අවශ්‍ය පරිසාධන මට්ටමට අවශ්‍ය කඩඉමක් සම්පූර්ණ කිරීමය. මැටිල්ඩා පසුගියදා එය ද ජය ගැනීමෙන් අනතුරුව ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙළ සඳහා ඇය සුදුසුකම් ලැබුවාය. කෙසේ වෙතත් කො_විඞ් හේතුවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 ට කල් නොයන්නට මැටිල්ඩාට ඔලිම්පික් යන්න ලැබෙන්නේ නැත. මන්ද ඒ වසරේදී ඔලිම්පික් පැවැත්වූවා නම් මැටිල්ඩා එම නිර්දේශ කළ නාම ලේඛනයෙන් ඉවත් කළ කී‍්‍රඩිකාවක් වීමය. දැන් නැවත ඇය ජීවය ලබා ඇත.

ඒ ජීවයෙන් සිය චොපින් නම් යුරෝ ලක්‍ෂ හයක් ශී‍්‍ර ලංකාවේ මුදලින් 152750000ක්, එනම් රුපියල් කෝටි 15කට වඩා වටිනා අශ්වයා මතින් ඇය ශී‍්‍ර ලංකා ධජය ඔලිම්පික් උළෙලේ බබළවන්නට සමත් වේද? වසර 1912 දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ පැවැති ඔලිම්පික් උළෙල සඳහා පළමු වරට ඇතුළත් වූ තුරඟ හරඹ – බාධක පැන්නීමේ කී‍්‍රඩාවට එහි ඇති ඉතිහාසය වසර සියය ඉක්මවයි. එහෙත් මේ කාලය පුරාවටම ශී‍්‍ර ලංකාවෙන් මෙම ඉසව්ව සඳහා කිසිම නියෝජනයක් ඔලිම්පික් උළෙලේ සිදුවී නොමැත. එසේම සත්ත්වයකු ආශ‍්‍රයෙන් ඔලිම්පික් උළෙලේ පැවැත්වෙන එකම කී‍්‍රඩා ඉසව්වද මෙය වේ.

එසේම ඔලිම්පික් උළෙලේදී අසුන් පිට නැග ශිල්ප දැක්වීම තුන් ආකාරය. එය අශ්වයාගේ ඩෙ‍්‍රෂාස් පරීක්‍ෂාව (පුහුණුව පරීක්‍ෂාව), බාධක පැනීම සහ දැරීමේ හැකියාව පරීක්‍ෂාව නම් වේ. මැටිල්ඩා සහභාගි වන්නේ මින් බාධක පැනීමේ තරගයට වේ. මේ කී‍්‍රඩාව 19 වැනි සියවසේ සිට පැවත එන්නකි. ඒ සඳහා නියමිත ඇඳුමෙන් සැරසී සිටිය යුතු අතර පොලිස් හෝ හමුදා නිලධාරීන්ට තම නිල ඇඳුම ඇඳීමට ද අවසර ඇත.

මැටිල්ඩා කාල්සන් මේ කී‍්‍රඩාවේදී ශී‍්‍ර ලංකාවට ලබාදුන් තැන අපේ රටේ නම ලෝකය ඉදිරියට ගෙනයන තවත් අවස්ථාවකි.ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්වලින් මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ටෝකියෝ ඔලිම්පික් සරිසාධන මට්ටමට ළගාවී ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා නොමැති තත්ත්වයක් තුල මැටිල්ඩා කාල්සන්ගේ මතුවීම කැපී පෙනෙන සිදුවීමක් මෙන්ම ශ්‍රී ලංකාවට විශාල ගෞරවනීය අවස්ථාවකි.

වසර 1984 දී ඇයට මාස තුනක් වෙද්දී ශ්‍රී ලාංකේය මව්පියන් යුවල ආර්ථික අපහසුතා හේතුවෙන් ස්වීඩන යුවලකට දරුකමට හදා ගැනීමට මැටිල්ඩා කාල්සන් ලබාදී ඇති අතර කුඩා කාලයේ සිට ක්‍රීඩාවට ආදරය කරමින් පුහුණුවීම්වල නිරතවීමේ උච්චතම ප්‍රතිඵලය ලැබී ඇත. 35 හැවිරිදි මැටිල්ඩා කාල්සන් ස්වීඩනයේ ක්‍රිස්ටියන්ස්ටාඩ් හි හැදී වැඩුණු අතර අශ්වාරෝහක වෘත්තිය ආරම්භ කර ඇත්තේ රයිටාර්සෝල්ස් කැප් එරට ක්‍රීඩා සමාජයේදීය. එහිදී මැටිල්ඩා අශ්වයන්ට ඇගේ ආදරය හා කරුණාව දැක්වූ බවත් පසුව එය ක්‍රීඩාවට වර්ධනය කරගත් බවත් සදහන් වේ.

ශ්‍රී ලංකාවේ ඉපදී මාස තුනකින් පසු මේ දක්වා මා ස්වීඩනයේ ඉතා ආදරණීය පවුලක හැදී වැඩීමට වාසනාවන්ත වූණා. මා හදාවඩා ගත් මව හා පියා දරුවෙකුට ලැබිය යුතු ආදරය සෙනෙහස හා සියලු සහයෝගය මට ලබා දුන්නා. මම අද ඔලිම්පික් වරම් ලැබීම දක්වා විශාල ගමණක් පැමිණියේ මගේ ස්වීඩන් පවුලේ අය මට ලබාදුන් අවස්ථාව හා සහයෝගය නිසයි. ඒ වුනත් අවසානයේ මා තෝරා ගත්තේ හැදුන වැඩුන රට නොවෙයි. මා ඉපැදුන රටේ සිංහ කොඩියයි“ මැටිල්ඩා සදහන් කළාය.

ස්වීඩනයේදී ඔලිම්පික් වරම් ලබාගත්ත ද ඇය ස්වීඩන ජාතික කොඩිය යටතේ ටෝකියෝ ඔලිම්පික් උලෙලට ක්‍රීඩා නොකර ශ්‍රී ලංකා නාමය යටතේ ක්‍රීඩා කරන බව ඹලිම්පික් සංවිධායකයින් වෙත දැනුම්දී තිබිණි. “ ස්වීඩනයේ මගේ ජීවිතය ගොඩ නැග්නත් මා උපන් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හිතා ගත්තා“ මැටිල්ඩා කාල්සන් සදහන් කළාය.

ඇය අවසන්වරට 2017 දී ශ්‍රී ලංකාවට පැමිණි බවත්, උපන් රටේ සුන්දරත්වය හා හමු වූ ශ්‍රී ලාංකිකයින්ගේ කරුණාව ආදරය මිහිරි මතකයක් බව ඇය පවසන්නීය. මෙතෙක් පැවැති ඔලිම්පික් ඉතිහාසය පුරා අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් සුදුසුකම් ලැබූ පළමු පැනීමේ ක්‍රීඩිකාව ලෙස මැටිල්ඩා කාල්සන් දැනටමත් ඉතිහාසයට එක්වී ඇත.

මා ශ්‍රී ලංකාවේ ඉපැදුනත් සැමවිටම ස්වීඩන් ජාතිකයෙක් වගේ ක්‍රියා කළේ. මගේ හදවතේ විශාල කොටසක් සැමවිටම ස්වීඩනයට අයත් වනවා. මොකද මා හැදී වැඩුණේ එතැන. මගේ සියලු දේ ඉගෙන ගත්තේ ස්වීඩනයෙන් කොහොම වුනත්, ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ගැන මා ආඩම්බර වෙනවා“ මැටිල්ඩා පැවැසූවාය.

අශ්වාරෝහක ඉසව්වලින් ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඉන්දියාව හා පාකිස්තානය වැනි දකුණු ආසියා රටවලින් ද ක්‍රීඩකයකු බැගින් සුදුසුකම් ලබා ඇති අතර රටවල් 200කින් රටවල් 50ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේවනවිට අශ්වාරෝහක ඉසව්වලට සුදුසුකම් ලබා සිටී.

Next Post

මැතිඇමැතිවරු බීලා පෙන්වපු ධම්මික පැණියෙ රෙදි ගැලවෙයි - රජරට විශ්වවිද්‍යාලයේ රසායන පරීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න

Sun May 2 , 2021
කෑගල්ල, හෙට්ටිමුල්ල භද්‍රකාලි කෝවිලේ කපු මහතා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය වසංගත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇත. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සායනික පරීක්ෂණය සිදුකලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදිය. ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන වසංගත ආසාදිත රෝගීන් 68 දෙනෙකුට එම පැණිය […]