ජනාධිපතිගේ මාධ්‍ය ඒකකයේ මුල් පුටු දෙකට පැමිණි සුදේව සහ කිංස්ලිගේ සොදුරු ජිවිතයේ ජායාරූප

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලිපිය භාරගත් සුදේව හෙට්ටිආරච්චි මහතා ඉදිරි සතියේ දී ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා හසල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.

වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, නිෂ්පාදකවරයෙකු වූ ඒ මහතා ප්‍රමුඛ මාධ්‍ය ආයතන කිහිපයක සහකාර කළමනාකාරවරයෙකු, කළමනාකාරවරයෙකු, සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු, සාමාන්‍යාධිකාරීවරයෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ දක්ෂ පරිපාලන නිලධාරියෙකි.

සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.සුදේව හෙට්ටිආරච්චි හිරු අයත් වන ඒ බී සී මාධ්‍ය ජාලයට බැඳෙන්නේ 1998 වසරේ.

ගුවන් විදුලියේ ළමා පිටියෙන් ඇරැඹි මාධ්‍ය චාරිකාව තුළදී ඔහු හඬ කැවීමේ ශිල්පියකු වශයෙන් පසුව කටයුතු කරනවා. ඒ ටයිටස් තොටවත්තයන් සහ අතුල රන්සිරිලාල් යන අය යටතේ. අනතුරුව සවන ගුවන් විදුලියට එක්වන සුදේව ඊළඟට පා තබන්නේ හිරු ගුවන් විදුලියට. එහි උදෑසන වැඩසටහන හා හා පුරා කියලා මෙහෙය වන්නේ ඔහු. හිරු එළිය තමයි සුදේව එහෙම නිවේදන කටයුතු කළ පළමු වැඩ සටහන. 

1#

2#

3#

4#

5#

6#

7#

8#

9#

10#

11#

උසස් පෙළ අවසන් වූ සැනින් ම වාගේ සිරස නාලිකාව සමග සම්බන්ධ වී පසුව එම ආයතනයේ විවිධ තනතුරු දරමින් වසර 28 කට ආසන්න කාලයක් සේවයේ නිරත වූ කිංග්ස්ලි රත්නායක නැත්නම් කවුරුත් දන්නා ‘කිංග්’ හදිසියේම සිරස ආයතනයෙන් ඉවත් වෙලා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීමක් ගැනීම ගැන මේ වනවිට බොහෝ දෙනා අතරේ කතා බහට ලක්වෙනවා. බොහෝ දෙනෙක් දන්නා දෙයක් තමයි කිංග්ස්ලි බොහෝම කෙටි කාලයකින් ඉහළටම ගියා කියන එක

. ටිකක් ආඩම්බරකාරයෙක් වුණාට කිංග්ස්ලි තමන්ගේ හිතවතුන් ඉදිරියේ අමුතුම චරිතයක්, විනෝදකාමියෙක්. කතා කියන්න, මඩ ගහන්න දක්ෂයෙක්. කාලයත් එක්ක මාධ්‍ය ක්ෂේත්‍රයේ නොයෙක් වෙනස්කම් වුණා. කිංග්ස්ලි අයියා කියාගෙන හිටපු මල්ලිලා ඉහළට ගියා.

එයින් කෙනෙක් තමයි සුදේව හෙට්ටිආරච්චි. දෙන්නම හෝමාගම එකම ළමා සමාජයේ, දහම් පාසලේ හැදිච්ච ළමයි. සුදේව එක තැනකත්, කිංග්ස්ලි තව තැනකත් හිටියට ඔවුන්ගේ ආනන්දේ බැඳීම, මිත්‍රකම නැති වුණේ නෑ. මේ නිසා තමයි සුදේව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෙද්දි කිංග්ස්ලි ආරාධනා ලැබෙන්නෙ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක වෙන්න.

කිංග්ස්ලි කියන්නේ සිරසෙ වැඩිම වැටුපක් ගත්ත කෙනෙක්. කාලයක් තිස්සේ වැඩි වගකීම් ප්‍රමාණයක් නොතිබූ නිසා බොහෝම නිදහසේ තමයි කිංග්ස්ලි හිටියේ. මේක සුදේව ගත්තා වගේම ටිකක් බරපතළ තීරණයක්. ඒත් කිංග්ස්ලිව දන්නා අය නම් කියන්නෙ ආයෙත් මහන්සි වෙලා වැඩක් කරලා ජනතාව එක්ක සංවාදයකට එන්න කිංග්ස්ලිගේ කැමැත්තක් තියනවා කියලා.

ඒ නිසා කිංග්ස්ලි යන්නේ අලුත් වැඩ ටිකක් කරන්න කියන එක තමයි අපට කියන්න වෙන්නේ. ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ විපක්ෂයට අනුව කඩේ යෑමක්. ඒත් හොඳට කඩේ යන්න පුළුවන් නම් ප්‍රතිඵලය ආණ්ඩුවට. එයින් රටට හොඳක් වෙනවා නම් කමක් නෑ. ඒත් කිංග්ස්ලිගේ මාධ්‍ය ජීවිතය මෙතනින් ඉවරයි කියලා දුක්වෙන පිරිසකුත් ඉන්නවා.

කොහොම වුණත් කිංග්ස්ලිගේ රූපය මැයි මාසෙ ඉඳලා වැඩි වැඩියෙන් දැකගන්න ලැබෙයි. හඬ හැම චැනල් එකේම අහන්න ලැබෙයි. කොහොමින් කොහොමහරි මෙහෙම ගිහින් කිංග් පාර්ලිමේන්තුවෙත් ඉඳීද කියන්න බැහැ ඉතින්. සිරස FM පටන් ගත්ත දවසේ පළමුවෙන්ම ඇහුණෙ කිංග්ස්ලිගේ කටහඬ. එතැනින් පස්සෙ කිංග්ස්ලි 1990 දශකයේ රේඩියෝ වීරයෙක් වුණා.

ඉතින් ඒ කාලේ පොඩි කොල්ලෙකුට මෙච්චර දැනුමක් තියෙනවද කියලා බොහෝ ප්‍රවීණයෝ අහන්න ගත්තා. කිංග්ස්ලි තමන්ගේ ජොබ් එක හරියටම කළා. අසන්නන් උදේ පාන්දර ඉඳලා තමන්ගේ ගාව තියා ගන්න ඔහුට හැකිවුණා. කිංග්ස්ලි සහ සුරංගි තමයි ලංකාවේ වර්තමාන FM කලාවේ ආරම්භක යුගලය.

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

Next Post

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියට ඇතුළු වීම තහනම් වෙයි - ඊයේ ගුවන් යානයේ 213න් 23ක් පොසිටිව් - බල පැවැත්වෙන දින වකවානු මෙන්න

Thu Apr 29 , 2021
දකුණු ආසියාවේ පැතිර යන නව කො_රොනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් අද (29දා) නව ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය. මෙයට පෙර ඉන්දියානු හා බංග්ලදේශ ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් […]