ධනවතුන් රටින් පැන යද්දි වාහනේ විකුණා ඔක්සිජන් නැති මිනිස්සු 950ක් බේරාගත් ඉන්දියාවේ ඔක්සිජන් මෑන්

නොසිතූ විරූ ලෙස ඉන්දියාවේ වසංගත වෛරසය දැඩිව ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇති හෙයින් එරට ධනවතුන් සිය පවුල්වල සාමාජිකයින් සමග පෞද්ගලික ජෙට් යානාවලින් ඉන්දියාවෙන් පළා යමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ ඔක්සිජන්, රෝහල් ඇඳන් සහ ඖෂධ ආදිය හිඟකම හේතුවෙන් ධනවතුන් විශාල වශයෙන් මුදල් වැය කර වෙනත් රටවලට යාම සඳහා ගුවන් ටිකට් පත් ඇණවුම් කරමින් සිටින බව එම වාර්තාවල දැක්වේ.

ඔවුන් මෙලෙස පළා යාමට තැත් කරනුයේ, යුරෝපීය රටවල්, මැද පෙරදිග රටවල් ආදී ස්ථාන වෙතය.ඊට අමතරව තවත් පිරිසක් ඉන්දියන් සාගරයේ ආරක්ෂිත රටවල් වෙත ද යමින් සිටින බව වාර්තා වී තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවර Shahnawaz Shaikh නමින් ජිවිත්වන අවුරුදු 32ක තරුණයෙක් තම Ford Endeavour රථය ඉන්දියානු රුපියල් ලක්ෂ 22කට විකුණා ඒ මුදලින් ඔහු oxygen ටැංකි මිලදී ගෙන ඇත ඒ ඉන්දියාවෙ මේ දිනවල විශාල වශයෙන් කොවිඩ් රෝගයෙන් oxygen නොමැතිව මියයන මිනිසුන් වෙනුවෙන් oxygen නොමැති අසරණ රෝගීන් හට oxygen ටැංකි බෙදාදීම මෙම තරුණයාගේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

Shahnawaz සහ ඔහුගේ මිතුරන් එක්ව 4000කට අධික රෝගීන් පිරිසකට උදව් කර තිබෙනවා.

මෙම උතුම් ක්‍රියාවට ඔහුට සිත යොමුවී ඇත්තේ, මාස 6 ක ගැබිනියක්ව සිටි ඔහුගේ මිතුරාගේ බිරිඳ රෝහල් 5 කින් හරවා යවා තිබුනේ oxygen නොමැතිවීම නිසා, ඒ හේතුවෙන් ඔහු ඉදිරිපිටදී මිය ගියේ ත්‍රීරෝද රථයක් තුලය.

එයින් අතිශය කම්පාවට පත් ඔහු තම මෝටර් රථය විකුණා ඒ මුදලින් oxygen ටැංකි මිලට ගෙන oxygen ලබා ගැනීමට නොහැකි රෝගීන්ට එවා බෙදා හරිමින් සිටි.

ඉන්දියාවේ ඔහුව දැන් “Oxygen Man” යනුවෙන් හඳුන්වන අතර ඔහු විසින් දැනට oxygen නොමැතිව මිය යමින්  සිටි බේරාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 950 කි. ඒ සියලුදෙනාම රෝහල් වලින් oxygen නොමැතිව හරවා යැවු මිනිස්සුන් බව සඳහන්.

ඊට අමතරව ඔහු ආහාර පැකට් සහ වතුර බෝතල් බෙදා හැරියා මේ සියල්ල Shahnawaz කළේ ඔහුගේ පෞද්ගලික ඉතිරිකිරීම් වලින්.





Next Post

මෙරට වයිරසය ස්ථීරවම හඳුනා ගනී - වයිරසය ඇති ප්‍රදේශ මෙන්න

Wed Apr 28 , 2021
මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති බ් 117 සැර විකෘති වයිරස ප්‍රභේදය බව පරීක්ෂණවලදී ස්ථිරයෙන්ම හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. කොළඹ ,බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් ලබා ගත් සාම්පල […]