ඉතාලියට – සෞදියට නව තානාපතිවරු – රජයේ අමාත්‍යාංශ සඳහාද ලේකම්වරුන් 5ක්

රජයේ අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පස් දෙනකු සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

මේ අනුව මෙසේ අනුමැතිය ලැබී ඇත්තේ අනුර දිසානායක මහතා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද සිරි නිමල් පෙරේරා මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද විශ්‍රාමික මේජර් ජෙනරාල් ජනරාල් ජගත් අල්විස් මහතා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද භද්‍රානි ජයවර්ධන මහත්හා එකේ කේ රණවක මහතා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද ආර්. ඒ. කේ. කේ. රණවක මහතා ඉඩම් අමාත්‍යාංශය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද පත්කිරීමටය

මෙයට අමතරව ටී. එම්. අම්සා මහතා සෞදි අරාබියේ තානාපතිවරයා ලෙස ද එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද රැස්විය.

මෙම රැස්වීමට සභානායක සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ,,අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ රමේෂ් පතිරණ ,රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේමන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා ,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ඩ් සිද්ධාර්ථන් යන මහත්වරුද සහභාගි වූහ .

Next Post

රෝහල් වල වාට්ටු පිරෙයි - රජයේ සේවකයන්ට සතියට දින 2යි රාජකාරි - චක්‍රලේඛයෙන් දැනුම් දෙයි

Tue Apr 27 , 2021
වසංගත රෝගීනට ප්‍රතිකාර කිරීම සඳහා පිහිටවූ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වසංගත වාට්ටුව සහ වැරැල්ලවත්ත කාන්තා වසංගත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි ඇදන් සියල්ල පිරී පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. රෝහල් වාට්ටුවෙහි ඇදන් 13 සහ වැරැල්ලවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි පවතින ඇදන් 120 මෙලෙස පිරී පවති. එබැවින් ආසාදිතයින් වූවද රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් […]