සියළුම පාසල් – පෙර පාසල් – පිරිවෙන් වසා දමයි

බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු රජයේ පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙම 30 වැනි දා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පවසයි.

වසංගත පැතිරයාමේ අවධානම හේතුවෙන් එලෙස මෙම සතියේ පාසල් වසා තැබෙන බව ද අමාත්‍යවරයා කියයි.

එම පළාත්වල පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සති අන්තයේ තීන්දුවක් ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර රජයේ තීරණය අනුව යමින් බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම කතෝලික පාසල් ද අප්‍රේල් 30වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු නිල නිවස නිවේදනය කරයි.රට තුළ පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

අද (26) රාත්‍රී 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා සඳහන් කළේය.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරලුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම සේවා වසම් සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම සේවා වසම හුදකලා කෙරෙනු ඇත.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ පැලවත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම් ද හුදකලා කරනු ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ පූම්පුහාර් ග්‍රාම සේවා වසමද හුදකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මීට අමතරට දඹුල්ල, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය ද සති දෙකක කාලයක් හුදකලා කෙරෙනු ඇත.

Next Post

ඉතාලියට - සෞදියට නව තානාපතිවරු - රජයේ අමාත්‍යාංශ සඳහාද ලේකම්වරුන් 5ක්

Mon Apr 26 , 2021
රජයේ අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පස් දෙනකු සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. මේ අනුව මෙසේ අනුමැතිය ලැබී ඇත්තේ අනුර දිසානායක මහතා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද සිරි නිමල් පෙරේරා මහතා නාගරික සංවර්ධන […]