ඉදිරි සති තුන තීරණාත්මකයි – දිස්ත්‍රික්ක 3 අධි අවදානම් – හමුදාපතිගේ විශේෂ නිවේදනය මෙන්න

කොළඹ, ගම්පහ සහ කුරුණෑගල වසංගත අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රමාණ සැලකිල්ලට ගෙන මෙලෙස ප්‍රකාශයට පත් කළ බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

රටපුරා වසංගතය සීග්‍ර ලෙස පැතිරීමේ අවදානමක් මතුව ඇති බවත් මේ තත්ත්වය යටතේ ජනතාව මේ සති අන්තයේ දැඩි පරිස්සම් කාරී ලෙස කටයුතු කිරීම වැදගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය .

හැකිතාක් දුරට සංචාරණ සීමා කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපදින ලෙස රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි .

වසංගතයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී ඉදිරි සති තුන තීරණාත්මක බව වසංගත පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ජනතාව හැසිරුණු ආකාරය අනුව මේ දිනවල එහි ප්‍රතිඵල ලැබෙමින් තිබෙන බව කී යුද හමුදාපතිවරයා අවුරුද්දෙන් පසු දින කීපයේ දී ජනතාව හැසුරුණු ආකාරයේ ප්‍රතිඵල ඉදිරි සති දෙකේදී දැකගත හැකිවනු ඇතැයි ද සඳහන් කළේය .

සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපදින ලෙසද විශාල වශයෙන් සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසද තමා මහජනතාවගෙන් මහත් ඕනෑකමින් ඉල්ලාසිටින බව ඔහු කීය .

සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර ඇතැම් ජනතාව ගේ හැසිරීම ඉතා නරක තත්ත්වයේ තිබූ බව ද යුද හමුදාපතිවරයා පැවසීය .

Next Post

රංජන්ට ජනාධිපති සමාව - ලිපිය නාමල් අතට - ගී ගයමින් විනෝදයේ

Sun Apr 25 , 2021
දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළහොත් ඔහුට ජනාධිපති සමාවක් හිමිවීමට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් පැවසෙයි. රන්ජන් රාමනායකට ලබාදෙන සමාව සම්පූර්ණ සමාවක්ද කොන්දේසි සහිත සමාවක්ද යන්න මෙතෙක් තීරණය කොට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(4) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකදී කවර […]