තෙවැනි රැල්ලට ඇවිත් – අද දවසේ දැනට 796ක් අසාධිතයින් – වැදලා ඉල්ලනවා අපි මේක නවත්වමු – සෞඛ්‍ය ඇමති පවිත්‍රා

ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ වෛරසයේව්‍යාප්තිය පාලනය කිරීම සදහායි

මේ අතරආසාදිතයින් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශයෙන් හුදකලා කිරිමටද පියවර ගන්නා බවයි ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.ළමයින් අතරද වෛරසය ශරීරගත වීමේ ප්‍රවණතාව වේගයෙන් ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා සියලුම වෙද්‍ය වෘත්තිය සංවිධානවල අන්තර් විද්‍යාල කමිටුවේ සභාපතිනී විශේෂඥ ‍වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසයි.

තවද නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ හා සංකූලතා පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක කරුණු පැහැදිලි නොවන බැවින්, ස්වසන රෝග ලක්ෂණ ඇති සියලුම ජනතාව, අනිවාර්යයෙන් පරික්ෂාවකින් පසු නිසි වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවට තරයේ නිර්දේශ කරන බවද ඇය නිවේදනයක් මගින් සඳහන් කරයි.

වෛරසය ආසාදිත 796 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 99,518ක් දක්වා ඉහළගොස් තිබේ.තුන්වෙනි රැල්ලට අපි රටක් විදිහට ඇතුලු වී ඇතිබව වෛරස ⁣රෝග විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර මහත්මිය පැවසුවාය.

අපි මේ වෙද්දී තුන් වෙනි රැල්ලට පියවර තියලා කියලා කියන්න පුලුවන් ..නමුත් ඉන්දියාවේ වර්තමානයේ පවතින තත්ත්වයට යන්නට නොදී රට ආරක්ෂා කරගන්නට ජනතාව මේ මොහොතේ සහය ලබා දෙන්න.” යැයි වෛද්‍ය වරිය පැවසූවේ ⁣ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සති අන්තයේ වගකීමෙන් කටයුතු කරන ලෙසත් සති අන්තයේ ජනතා ඒකරශීවීම් අවම කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.“අවුරුදු උත්සව නිසා වැඩි වුණා. වත්තල පිරිසක් නුවරඑළිය ගිහින් එන විට ආසාදිත වෙලා.

මේ දින තුන තුළ වන්දනා ගමන්, පුද්ගලික විනෝද සංචාර සැලසුම් කර තිබුණා. අපි වැදලි ඉල්ලනවා මේවා අපි නවත්වමු.මේ රෝගය මම අත්වින්දා. මර_ණය පෙනි පෙනී තනිවෙනවා. වර්තමාන ප්‍ර භේදය දවස් 14ක් ගියම තමයි රෝග ලක්ෂණ පෙන්වන්නේ.

දවස් තුන හතරකට කලින් තරුණ කෙනෙක් නැතිවුනා වෙනත් රෝගයක් නැතිව. ඔලුව ඔස්සන්න පටන් ගත්තාමයි නව ප්‍ර භේදය හමුවුණේ ඉතිරි මාස තුනේදී අපි වගකීමෙන් කටයුතු කරමු”

Next Post

දැනුවත් වෙන්න - රෝග ලක්ෂණවල වෙනසක් -මේ රෝග ලක්ෂණ ආවොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න

Fri Apr 23 , 2021
කැස්ස නැතත් උණ, ඇඟපත වේදනාව ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නනැයි ජාතික බෝවන රෝග විද්‍යාආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියි. මින් පෙර රෝගයේ රෝග ලක්ෂණ ලෙස උගුරේ අමාරුව කැස්ස ආදී රෝග ලක්ෂණ වලින් පසු නිව්මෝනියා තත්ත්වය ඇති වුවත් වර්තමානයේ අනෙක් ලක්ෂණ වලින් තොරව සෘජුවම නිව්මෝනියාව තත්ත්වයට […]