ගැබිණි මවයි තව තුනකුයි රථයේ හප්පා රෝහලට ගොස් නැවතුනු ඇමති පුතා මෙන්න

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ  පුතකු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැ.කපිට අත් අඩ0ගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මන්ත්‍රී පුතා පැදවූ මෝටර් රථය  ඊයේ රාත්‍රී 10.45 පමණ වැලිකඩ දී මෝටර් රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගැබිනි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තුවාලබා ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන්  පසු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා වාහනය නතර නොකර ගොස් ඇති අතර  කොළඹ  පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බවට ලැබුණු තොරතුරක අනුව ඔහු අත් අඩ0ගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අත් අඩ0ගුවට ගෙන තිබේ.මේ වන විට පොලිස් අරක්ෂාව යටතේ  ප්‍රතිකාර ලබයි.

Next Post

සියල්ලෝම සතුටින් එකතු වෙයි - දියවන්නාවේ අවුරුදු සමරපු හැටි ජායාරූප

Tue Apr 20 , 2021
අලුත් අවුරුදුත් ඉවරයි . ඉතින් ජනතාව වෙනදා වගේම වැඩ රාජකාරි වල යෙදෙන්න අයෙත් පටන් ගත්තා. අලුත් අවුරුද්දේ අවසන් චාරිත්‍රය විදියට තියෙන්නේ රැකි රක්ෂා සදහා පිටත්ව යෑමයි . එම නැකත ඊයේ උදෑසන 6.39 යෙදී තිබුනා.මෙවර හිතේ හැටියට ගොඩ දෙනෙක්ට හරියට නෑ ගමනක් බිමනක් යන්නවත් උදා වුනේ නැහැ ඒ මේ දිනවල අපේ […]