ආණ්ඩුවට මෙහෙම කියන්නේ ඇමතිකමක් නොලැබුණු නිසා – ජනාධිපතිතුමා විජේදාසට කතා කල හේතුව මෙන්න

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව කතා කරන්නේ, ඔහුට ඇමති ධූරයක් නොලැබුණු නිසා බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා හට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ කරුණු පැහැදිලි කිරීමට බවට අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා

විජයදාස රාජපක්ෂ ඊයෙ මේ කරපු ප්‍රකාශය එතුමා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමාට තිබ්බා ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට ඇවිල්ල මේක ගැන අහන්න. දැන් මේක පාර්ලිමේන්තුවට තාම අපි ඉදිරිපත් කරල නෑ.

එතුමට කවුරුහරි වැරදි තොරතුරක් දීලා සමහර විට විවිධ පුද්ගලයන් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාට අමාත්‍ය ධූරයක් ලැබෙන්න ඔ්න. ඒක අපි පිළිගන්නවා. එතුමාට අමාත්‍ය ධූරයක් නොලැබීම පිළිබඳව එතුමාගෙ හි‌තේ ලොකු කනස්සල්ලක් තියෙනවා. ඒක සාධාරණයි. හැබැයි තමන්ට ඇමති ධූරයක් නොලැබුණා කියල නොදන්න කතා හදල ඒක කරනවා නම් ඉතා ම අසාධාරණයි.

වත්මන් ජනාධිපතිවරයා ඉතාමත් සරල අයෙක් බවත් ඔහු ජීවත් වන්නේ සරල තට්ටු 2කේ නිවසක බවත් ජනාධිපතිවරයා භාවිතා කරන්නේ වාහන 3ක් පමණක් බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

Next Post

පොඩි වයසින් ධනපතිනියක් වුන මාශිගේ ජායාරූප

Fri Apr 16 , 2021
පොඩි කලේ ඉදන්ම ගොඩක් අයගේ අසව මොකද්ද කියල ඇහුවොත් හොඳ ජොබ් එකක් කරලා හොද සල්ලි කාරයෙන් වෙන්න කියලනේ හැමෝම කියන්නේ. හැමෝම කැමතියි ලොකු වෙලා ගොඩක් ලස්සන ජිවිතයක් ගත කරන්න තමයි නේද.ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ ඒ වගේ දියුණු වුන තරුණියක් ගැන. ඇය ලාබාල වයසින්ම සැප ජිවිතයක් ගත කරන ලස්සන […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News