තානාපති කාර්යාලයේ වැඩ ගැන ශ්‍රී ලාංකිකයෙක්ට ඉතාලියේ අධිකරණයෙන් දුන්න සාධාරණ තීන්දුව

ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් සේවය කරනවා. ඉතින් මේ අය තමන්ගේ දරු පවුල් ඉතාලියට ගෙන්වා ගැනීමට නිත්‍යානුකූලව කටයුතු කරන අතර බොහො දෙනෙක්ට මේ කටයුතු වලදී නොයෙක් බාධක දුශ්කරතා වලට මුහුණ දීමට සිදුවේ.

බොහෝ විට ලංකාවේ තානාපති කාර්යාලයේ වැඩකටයුතු වලදී බොහෝ දෙනක් නොයෙක් අපහසුතා වලට ලක් වේ. මේ ඒ ගැන සමාජ ජාල මාධ්‍ය වල පලවූ පුවතක් ඔබ වෙත උපුටා ගෙන මෙසේ ගෙන එන්නෙමූ. මෙම සටහන සකස් කර පල කරන ලද්දේ නීතිඥ සචිනි වර්ණකුලසූරිය මහත්මියයි

උපුටාගැනීම

කොළඹ ඉතාලි තානාපති කාර්යාලය හා Vfs Global di Colombo යන ආයතනයන්ට විරුද්ධව ශ්‍රී ලාංකික ශ්‍රමිකයාගේ නඩු තීන්දුව.

මහමෙරක් බලාපොරොත්තු පොදිබැඳගෙන දහසකුත් දුශ්කරතා මද්‍යයේ ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් තම මවු බිමේ වෙසෙන ආදරණීය දරුපවුල් තමන් සමීපයට ගෙන්වා ගැනීමට විශාල කැපකිරීමක් කරනවා.

මාද 1996 වර්ශයේදී කුඩා දැරියක් වශයෙන් ඉතාලියේ රෝම නගරයේ Fiumicino ගුවන් තොටුපළ වෙත පා තැබුවේ මෙවැනි දාඩිය මහන්සියෙන් තම ජීවිතය ජය ගැනීමට වෙර දැරූ දෙමාපියන්ගේ අප්‍රමාණ කැපවීම හේතුවෙන් බව කිව යුතුයි.

නමුත් පසු ගිය දින වල මා හට අධ්‍යනය කිරීමට සිදු වූයේ සියලුම සුදුසුකම් ඇති වුවද තම දරැ පවුල් ඉතාලියට ගෙන්වා ගැනීමට නොහැකිව හැඩූ කදුලින් කල් ගෙවීමට සිදු වූ ඉතාලියේ රැකියාවන්හී නිරතවන දෙමාපියන්ගේ කදුළු කතා පිළිබඳවයි.

එහිදි මෑතකදී එනම් පසුගිය මාර්තු 17 වන දින රෝම අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ තීරණාත්මක හා වැදගත් නඩු තීන්දුවක් පිලිබඳව මා අද ඔබගේ දැනගැනීම පිනිස ගෙන එන්නට සිතුවා.

එක්තරා ශ්‍රී ලාංකික බිරිඳක් හා දැරියක් මාස ගණනාවක් මුලුල්ලේ කොළඹ ඉතාලි තානාපති කාර්යාලය හා Vfs Global di Colombo ආයතන හරහා තම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට නොහැකිව බෙහෙවින් වෙහෙසට පත්ව සිටියදී ඉතාලියේ වෙසෙන තම සැමියා හරහා ඉතාලියේ රෝම අධිකරයෙහි, කොළඹ ඉතාලි තානාපති කාර්යාලය හා Vfs Global di Colombo ආයතනයන්ට විරුද්ධව ණඩු ගොනු කරනු ලැබුවා.

මෙහිදී ඉතාලියේ රෝම අධිකරණය විසින් කල් ඉකුත් වූ Nulla osta භාරගන්නා ලෙසත් වීසා ලබා දීම විධිමත් කරන ලෙසත් යුරෝ €2000,00කට ආසන්න මුදලක් නඩු ගාස්තු හා වියදම් ලෙස වන්දි මුදලක් වශයෙන්, අදාල ලාංකික පැමිණිලි කරැ හට ලබාදෙන ලෙසත් කොළඹ ඉතාලි තානාපති කාර්යාලය යටත් වන ඉතාලියේ විදේශ කටයුතු අමත්‍යාංශය හට අදාල රෝම අධිකරණයේ විනිසුරුවරයා පසුගිය මාර්තු 17 වනදා නියෝග කරනු ලැබුවා.

ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් කොළඹ ඉතාලි තානාපති කාර්යාලය ඉදිරියේ හෑල්ලුවට ලක්වන කුමන අවස්ථාවක වුවද ඒවාට එරෙහිව ඉතාලියේ ස්වාධීන අධිකරණයන්හී පිහිට පැතීමට උවමනා තරම් ඉතාලි නීතිය තුල ප්‍රතිපාදන ඉතාලි ව්‍යවස්ථාව මගින් ස්ථාපනය කොට ඇති බව මෙයින් මතක් කිරීමට කැමතියි.

ඕනෑම මනුෂ්‍යයකු තම අයිතිවාසිකම් වෙනුවෙන් නැහී සිටීමට මැලි වුවහොත් එම අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආයතනයන් හෝ පුද්ගලයන් තව තවත් තම බලය අයුතු ලෙස පාවිච්චි කරනු ඇති බව මාගේ විශ්වාසයයි.

සකස් කලේ,
නීතිඥ සචිනි වර්ණකුලසූරිය

උපුටාගැනීම අවසන්

Next Post

සීමිත පිරිසක් සහභාගී වූ කාල්ටන් නිවසේ ජයටම අවුරුදු සමරපු හැටි ජායාරූප 25ක්

Wed Apr 14 , 2021
සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාති පිරිසක් සහ අසල්වැසි හිතවතුන් පිරිසක් සමඟ හෙළ සිරිතට අනුව අද (14) උදෑසන කාල්ටන් නිවසේ දී සමරනු ලැබිය. අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් කිරි ඉතිරවීමේ මංගල්‍යය සිදුවූයේ අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්ය. මේ අවස්ථාවට නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ […]

Breaking News