අලුත් අවුරුද්ද අහිමි වූ ගම්මානය – කරපු දේ ගැන ඇමතිට දොස්

වනඅලි තර්ජන හේතුවෙන් අලුත් අවුරුද්ද අහිමි වූ ගම්වැසියන් පිරිසක් පිළිබඳව අද (14) මහියංගනයෙන් වාර්තා වුණි.එලෙස අලුත් අවුරුදු දින වනඅලි ගැටලුවෙන් ගම්මානයක් පීඩා විඳින්නේ වනඅලි ගැටලුවට විසඳුම් ඉල්ලා ප්‍රදේශ දෙකක සත්‍යග්‍රහ පැවැත්වෙන පසුබිමකය.එවන් වාතාවරණයක මහියංගනය, දෙහිගොල්ල රඹුක්යාය ගම්මානයට ඊයේ (13) රාත්‍රියේ වනඅලියෙකු කඩා වැදී තිබුණි.

එහිදී වනඅලියා සිදුකළ අලහභානිය නිසා නිවාස කිහිපයකට දැඩි හානි සිදුව තිබුණි. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ පිළිබඳව කොතෙක් බලධාරීන් දැනුවත් කළද ඵලක් නොවූ බවය.”අපේ බඩුමුට්ටු ඔක්කොම විනාශ කළා. දරුවා බේර ගත්තෙත් බොහොම අමාරුවෙන්. දැන් මේ වෙනකොට ගෙවල් 10ක් විතර කඩලා දාලා තියෙනවා,” යනුවෙන් ද ගම්වාසීන් පැවසීය.

ව‍නඅලි ගැටලුවට විසඳුම් ලෙස හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් සූරියවැව වල්සපුගල ප්‍රදේශවාසීන් දියත් කළ සත්‍යග්‍රහය අද 88 වන දිනටත් ක්‍රියාත්මක විය.වනඅලි ගැටලුවට විසඳුම් ඉල්ලමින් මහියංගනය නගරයේදී ගොවීන් පිරිසක් ආරම්භකර ඇති සත්‍යග්‍රහයට ද අදට දින 29කි.

වීඩියෝව පහතින් නරඹන්න – දර්ශන අනුග්‍රහය දෙරණ

Next Post

නම ඈදුනු ක්‍රිකට් ක්‍රීඩකයා ගැන ගයාත්‍රී ඩයස් කියයි - ඔයාලා ආදරේ කරන ගයත්‍රී ගේ ලස්සන ජායාරූප එකතුවක්

Thu Apr 15 , 2021
රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් ව්‍යාපාරිකාවක් වගේම නිවේදිකාවක් හැටියට ඇය වරින් වර ඔබ හමුවට එනවා. විටෙක බිරිඳක් වගේම දෙදරු මවක් වුණ ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා. මේ නිසාම ඇය අන්තර්ජාලයේ හරි ජනප්‍රිය නිළියක්.ඇය හැම අතින්ම දක්ෂ කළාකාරිනියක්. නමින් ගයාත්‍රි ඩයස්. පසුගිය දවස්වල ඇයටත් හරි හරි කතාන්දර තමයි ගෙතුණේ. […]

Breaking News