හඳුකූරු විකුණූ ගැබිණි මව ගැන බඩු දෙන්න ගියාම හෙළිවුන ඇත්ත

2021 .04.12 වන දින කෑගල්ල නගරයේ හදුන්කූරු විකුණූ මෙම ගැබිනි කාන්තාව වරකාපොල පොල ආසන්නයේ තම නිවස පිහිටා තිබෙන බව පවසා කූට ලෙස අහින්සක මිනිසුන්ගේ අනුකම්පාව දිනාගෙන මුදල් සහ අනෙකුත් දේවල් ලබාගෙන ක්‍රියාකරන තැනැත්තියක් බවට හෙළි වී ඇති බව අපේ අට වෙබ් අඩවියට වාර්තා වුණා. ඒ අද උදෑසන අප විසින් එම කාන්තාව සොයාගෙන ගොස් උදව් කිරීමට යෑමේදී ඇති වූ සැකය මත විමසිලිමත්ව ක්‍රියා කල අවස්ථාවේදීය.මේ වන විටත් සමාජ ජාල මාධ්‍ය වල මේ පිලිබදව පලකළ පොස්ට් දැකගත හැකි අතර බොහෝ දෙනෙක් මේ ව0චනිකයින්ගේ බොරු වලට රැවටී තවදුරටත් උදව් උපකාර කරන බැවින් හැකි අයුරින් මිතුරන් දැනුවත් කරන්න.

මැය තමන් ජීවත්වෙන ස්ථානය වරකාපොල පොල අසල යැයි මුලින්ම පවසා සිටියත් අද උදෑස අපට පවසා සිටියේ අඹේපුස්ස – කුරුණෑගල පාරේ ශෙඩ් එකක් අසල කුලියට ජීවත් වෙන බවයි.

එහෙත් දිගින් දිගටම ඇය සිටින ස්ථානයට අප ඒමට ඇය අකමැති වූ අතර ඇය වරකාපොල නගරයට එන බවත් එහිදීඉ ආධාර කරන ලෙසටයි ඇය පවසා සිටියේ. එහෙත් අප විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇය සිටින ස්ථානය සොයාගත් අතර එම ස්ථානය වූයේ තුල්හිරිය ප්‍රදේශයේ ලැඟුම්හලකි.

එහිදී අප විසින් හෙළි කරගත්තේ එම ගැබිණි මව තනිව නොව ස0විධානාත්මක කල්ලියක් සමග මාතර ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර මෙම කල්ලිය නැවතී සිට මෙම කූට ක්‍රියාව සිදු කර ඇති බවටයි.

කෙසේ වෙතත් අප මෙම කරුණු සොයා ගනිද්දිත් ඊයේ සිට ෆේස්බුක් සටහන් වලට ප්‍රතිචාර ලෙසට බොහෝ පිරිසක් මෙම ගැබිණි මවට ආධාර කර තිබෙන බව අපට ඡායාරූප එවා සනාථ කර සිටියේය.එවැනි උදව් උපකාර කල අය අපට ලබා දුන් ජයාරූප පහතින්

මේ පිළිබඳව අප විසින් වරකාපොල ප්‍රාදෙශිය සභාවේ සභාපති සරත් සුමනසූරීය මහතාගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ, මෙම කූඨ කල්ලිය ගැන දැනගත් වහාම පොලිය දැනුවත් කර ඊට අදාල නීතිමය පියවර ගත් බවයි.එමෙන්ම ඇයගේ ගම් ප්‍රදේශය පුත්තලමේ බවත්, ලොරියකින් පිරිසක් සමග පැමිණ මෙම ලැගුම්හලේ ඇය සහ පිරිස නවාතැන් ගෙන ඇති බවත්  හෙළිදරව් කරගත් බවයි.

ඒ පිළිබඳව වරකාපොල ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමන් තමන්ගේ පුත්‍රයා මගින් ෆේස්බුක් සටහනක් තැබීමට ක්‍රියා කල බවටත් ඔහු දන්වා සිටියේය.

එය පහතින්,

කෙසේ වෙතත් මෙවැනි  අයට  උදව් කිරීමට යෑමේදී ඔවුන් සිටින ස්ථාන සහ ඔවුන්ගේ අසල්වැසියන්ගෙන්, අදාල ප්‍රදේශය භාර පොලිස් ස්ථානයෙන්,  ග්‍රාම සේවක මහත්වරුන්ගෙන් ඒ පිළිබඳව සොයාබලා ආධාර උපකාර කරන ලෙසටයි.

එමෙන්ම මෙවැනි ස0විධානාත්මක කල්ලි වල කූට ක්‍රියාවන්ට හසු නොවන ලෙස දන්වා සිටිමු..!

Next Post

තානාපති කාර්යාලයේ වැඩ ගැන ශ්‍රී ලාංකිකයෙක්ට ඉතාලියේ අධිකරණයෙන් දුන්න සාධාරණ තීන්දුව

Wed Apr 14 , 2021
ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් සේවය කරනවා. ඉතින් මේ අය තමන්ගේ දරු පවුල් ඉතාලියට ගෙන්වා ගැනීමට නිත්‍යානුකූලව කටයුතු කරන අතර බොහො දෙනෙක්ට මේ කටයුතු වලදී නොයෙක් බාධක දුශ්කරතා වලට මුහුණ දීමට සිදුවේ. බොහෝ විට ලංකාවේ තානාපති කාර්යාලයේ වැඩකටයුතු වලදී බොහෝ දෙනක් නොයෙක් අපහසුතා වලට ලක් වේ. මේ ඒ ගැන සමාජ […]

Breaking News