බිරියට අඩියක් පිටුපසින් ගිය පිලිප් කුමරු

එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු පසුගියදා (10)ජීවිත ගමනට සමු දීමත් සමඟ ලෝකයේම අවධානය ඒ දෙසට යොමු වුණා. පිලිප් කුමරුගේ අභාවයත් සමඟම රැජිණ අතිශය ශෝකයට පත්ව සිටින ඡායාරූපත් අන්තර්ජාලය තුළ හුවමාරු වන අයුරු අපට දැකගත හැකි වුණා.පිලිප් කුමරුගේ අහිමි වීම, ඇගේ ජීවිතයේ විශාල අඩුවක් ඉතිරි කර ඇති බවයි, ඇගේ පුත් යෝර්ක් ආදිපදවරයා සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ඇන්ඩෲ කුමරු තම පියාගේ අභාවය “ලොකු පාඩුවක්” සිදු කළ බව කියා තිබුණා. “අපට ජාතියේ සීයා අහිමි වී තිබෙනවා..” ඔහු එසේ පවසන්නේ ඉතාම කණගාටුවෙන්. පවුලේ අයට පිලිප් කුමරුගේ මේ හදිසි නික්ම යාම ඔවුන්ට දරාගත නොහැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දී තිබුණේ.

එංගලන්තයේ මේ වන විටත් පවතින දැඩි සංචරණ සීමා නිසා පිලිප් කුමරුගේ අවමඟුල් උත්සවය රාජකීය උත්සවයක් ලෙස නොපැවැත්වෙනු ඇති. මේ අතර, පිලිප් කුමරුගේ අභාවයත් සමඟ ලොව පුරා ජනතාවගේ සිත් තුළ පැතිර ගිය තවත් ප්‍රශ්නයක් වූයේ හැරී සහ මේගන් යුවළ අවමංගල්‍යය සඳහා සහභාගී වේවීද යන්න යි.

ඔවුන් පැමිණෙනවා නම් පැය 10ක ගුවන් ගමනක් ගෙවා ඔවුන් ට එංගලන්තයට පැමිණීමට සිදු වන අතර බකිංහැම් මාළිඟය දැනටමත් නිවේදනය කර ඇත්තේ, හැරී කුමරු පමණක් අවමංගල්‍යයට සහභාගී වනු ඇති බවයි. මේගන් කුමරියට ඇගේ වෛද්‍යවරයා “සංචාරය නොකරන” ලෙස උපදෙස් දී ඇත්තේ මේ වන විටත් මේගන් ගැබ් ගෙන සිටින නිසයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දරුවෙක් අපේක්ෂාවෙන් සිටින මේගන්, අවමංගල්‍යයට සඳහා යාමට දැඩි උත්සහයක් ගත් නමුත් ඇගේ වෛද්‍යවරයා ඒ සඳහා අවසර දීම තරයේ ප්‍රතික්ෂේප කළ බවයි.

ෆිලිප් කුමරුට කෙදිනවත් සිහසුනට උරුමයක් නොතිබූ අතර එතැනට හිමිකම දරන්නේ ඔහුගේ වැඩිමහල් පුතු චාල්ස් කුමරු ය. එසේම ඔහුව ‘රජු’ ලෙස කෙදිනකවත් හදුන්වනු නොලැබීය.

ඔහුට සිය බිරියට ඉදිරියෙන් ගමන් කිරීමට නොහැකි වූ අතර,අඩියක් පිටුපසින් ගමන් කිරීමට විය.එය රාජකීය නීතියකි. සිය වාසගම තම දරුවනට ලබාදීමට නොහැකි විය.එයද රාජකීය නීතියකි.

එක්සත් රාජධානිය තුළ රජ කෙනෙකු හා විවාපත් වන කාන්තාවකට රැජිණ යන ගරු නාමය භාවිත කළ හැකි නමුත් සිහසුන දරන රැජිණ හා විවාහ වන පුරුෂයකුට රජු යන නාමය දැරිය නොහැක. එය දැරිය හැක්කේ සිහසුන අරා සිටින පුරුෂයෙකුට පමණි. නමුත් 1947 නොවැම්බර් 20 වෙනිදා විවාපත් වූ තැන් සිට ඔහු එලිසබෙත් රැජිණගේ සමීපයෙන් නිරන්තරයෙන් ම වූ සහකරු විය.

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම කාලයක් කිරුළ දරන රැජිණගේ සැමියා වූ අතර රැජිණට සහය වීම ඔහුගේ මූලික කාර්යය විණි. ඔවුන් සෑහෙන දුරකට කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ අතර රැජිණගේ සෑම කතාවක් ම ඇරඹෙන්නේ “මාගේ ස්වාමි පුරුෂයා සහ මම…” යනුවෙනි.

මේ වසර ගණනාව පුරාම මා සමග සිටි ඔහු, සරලවම මගේ ශක්තිය,” යැයි හෘදයාංගමව ඇය කියා සිටියේ සිය විවාහයේ ස්වර්ණ සංවත්සරයේ කතාවේදී ය. “මමත්, ඔහුගේ මුළු පවුලත්, මෙම රාජ්‍යය මෙන්ම අනෙක් සියළු රටවල්ද, ඔහු අයිතිවාසිකම් කියනවාට වඩා, අප සිතනවාට වඩා ඔහු හට ණය ගැතිය.

එය ඔහුගේ අභාවය ආවරණයට වැදගත්කමක් ගෙනෙනවා යැයි ප්‍රත්‍යක්ෂ වනවාද? “මේ, ඇත්තෙන්ම අවසාන ගෝලීය රාජකීයයා සහ රැජිණගේ පසෙකින් හිඳින, රැජිණ සමග ගමන් ගත්, ලෝකයේ සෑම කොනකම දැකගත හැකි වූ ෆිලිප් කුමරු,” යැයි ඩයිමන්ඩ් පැවසීය. “ඔහු ඇත්තෙන්ම ගෝලීය තාරකාවක්, ඒ වගේම එවැනි තැනකට ආ මුල් අයගෙන් කෙනෙක්”

අභාවප්‍රාප්ත එඩින්බරෝහි ආදිපාදවරයා වූ ෆිල්ප් කුමරු වෙනුවෙන් ලොව පුරා සිටින රාජ්‍ය නායකයින් සහ අගමැතිවරුන් විශාල පිරිසක් ශෝකය පළ කර තිබේ. මහ බ්‍රිතාන්‍යය ඔහුට ගෞරවය දැක්වීම පිණිස ආචාර වෙ.ඩි මුර 41ක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තම ශෝකය ප්‍රකාශය කරමින් සඳහන් කළේ, ආදිපාදවරයාගේ දෙවන ලෝක සමග සේවය සහ පාරිසරික ක්‍රියාකාරකම්වලට දැක්වූ සහයෝගය ප්‍රශංසා කරන අතර ඔහුගේ වයස අවුරුදු 99ක් වුවත් ඔහු කිසිවිටෙක මන්දගාමි නොවූ බවය. ෆිලිප් කුමරු දෙවන එළිසබෙත් මහ රැජිණගේ සහකරු ලෙස 73 වසරක් ගත කළ අතර වයස අවුරුදු 99 ක්ව සිටියදී අප්‍රේල් 09 අභාවප්‍රාප්ත විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු වින්ඩ්සර් රාජකීය මන්දිරයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී සිදුකිරීමට සැලසුම් කර තිබූ නමුත් කො_රෝනා හේතුවෙන් එය වෙනස් කිරීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කර ඇත.

Next Post

රටම කතා වුන ලංකාවේ දොස්තර කළු කෙල්ලක් බැන්ද ආදර කතාවේ ප්‍රී ශූට් ජායාරූප

Mon Apr 12 , 2021
ආදරේට උස් මිටිකම්, ආගම ජාතිය, කලු සුදු කිසිදෙයක් බලපාන්නේ නැහැ කියලා කියනවා අපි කවුරුත් අහලා තියනවනේ. ඉතින් ඒ වගේ අපිට වැඩිය දකින්න නොලැබෙන විදිහේ වෙනස්ම ආදර කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මුහුණු පොතේ ගොඩක් අය කතා බහට ලක් කරපු ආදරණීය යුවලක් තමයි මොවුන්. ඉතින් ඇත්තටම මේ දෙන්නා හරි […]

Breaking News