ඉස්සර තිබුණු ප්‍රේක්ෂක ආදරය ඒ විදිහට දැනුත් දැනෙනවා – සැමියාගෙන් වෙන් වෙලා ශේෂාද්‍රි අලුත් පෙම්වතා එක්ක ගෙවන ජිවිතේ ජායාරූප

ශේෂාද්‍රි ප්‍රියසාද් වැඩිපුරම දකින්න ලැබුණේ සිනමාවෙන්. එහෙත් ඇය සිනමාවෙනුත් නිහඬ වුණු කාලයක් තිබුණා. සියලු නිහඬතා බිඳිමින් ශේෂාද්‍රි නැවත තම රංගන ගමන අලුත් කරගෙන. ඒ පුංචි තිරයෙන්. ‘ආලියා’ ලෙස ප්‍රේක්ෂකයන්ට හමුවෙන ඇයට මේ ඉඩකඩ වෙන් වුණා.

කාලෙකට පස්සේ ඔබට අලුත් වුණු මාධ්‍යයකින් නේද නැවත රංගන ගමන පටන්ගෙන තියෙන්නේ?
‘ආලියා‘ කියන්නේ මම සම්බන්ධ වෙන පළමුවැනි නාට්‍යය. මීට කලිනුත් නිර්මාණ කිහිපයකට කතා කළා. නමුත් මගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. චිත්‍රපට කිහිපයකට ලැබුණු ආරාධනා බාරගෙන තිබුණත් කොවිඩ් ප්‍රශ්නය නිසා ඒ වැඩ කල් ගියා. ඒ අතරේ තමයි මට ‘ආලියා‘ මුණගැහෙන්නේ. ඒ නිර්මාණයට එකතු වෙන්න මම කැමැති වුණා. ඒක මම නොහිතපු ආරම්භයක්.

නිර්මාණ මගහරිමින් හිටපු ශේෂාද්‍රිට මේ නිර්මාණය බාරගන්න විශේෂත්වයක් තිබුණද ?
මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ මේනක රාජපක්ෂ අයියා. ඔහු මට කිව්වා ”මම දන්නවා ඔයා නාට්‍ය කරලා නෑ කියලා. නමුත් මේ වැඩේ කරන්න හොඳයි කියලා හිතුණොත් කතා කරන්න” කියලා. මට කරන්න ලැබුණු ආලියාගේ චරිතයත් ජීවිතේ ගොඩක් දේවල් නැති වුණ කෙනෙක්. ඇය ඒ නැතිවුණු වටිනා දෙයක් හොයාගෙන යනවා. පිටපත කියවද්දි මට ඒ කතාව ගැන ආසාවක් ඇති වුණා. මේ නිර්මාණයේ පුබුදු අයියා, බිමල් අයියා, ක්ලීටස් අන්කල්, මොරින් ආන්ටි වගේ ප්‍රවීණ සේම දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් හිටියා. මේනක අයියා කියන්නේ අලුත් විදිහට හිතන කෙනෙක්. මේ සියලු දේවල් එක්ක මේ නිර්මාණය හොඳ වේවි යැයි මට හිතුණා.

මේනක අධ්‍යක්ෂණයට අලුත්. ඔබට ඒ ගැන ගැටලුවක් තිබුණේ නැද්ද?
ඔහු අධ්‍යක්ෂණ කළ කෙටි චිත්‍රපට කිහිපයක් මම දැකලා තිබුණා. ඒ නිර්මාණ පිළිබඳත් මට තිබුණේ ධනාත්මක අදහසක්. මම ඉන්න මට්ටම එක්ක මට හොඳ වැඩකට සම්බන්ධ වෙන්න ලැබෙයි කියලා හිතුවා. රූගත කිරීම්වලට ගිය මුල් දවස් කිහිපයේදිම මම මේ නාට්‍යයට එකතු වීම ගැන සතුටක් දැනුණා. මේ වෙනකොට හිතුවටත් වඩා සාර්ථකව නාට්‍ය කරගෙන යනවා. සියලු දෙනාගෙන් හොඳ සහයකුත් ලැබෙනවා.

ඒ කියන්නෙ ඔබේ දෙවැනි ආරම්භය ගැන ඔබට සතුටු වෙන්න පුළුවන් ?
මම නැති වුණු දේවල් ගැන දුක් වෙවී ඉන්නේවත් ලැබුණ දේවල් ගැන අධිතක්සේරුවකින් හිතන්නේවත් නැති කෙනෙක්. මට ලැබිලා තිබෙන දේවල්, මම ගත්තු තීරණ සහ දැනට කරගෙන යන දේ ගැන මම තෘප්තිමත්.

පුංචි තිරයට අලුත් ඔබට මේ වෙනස අත්දකින්නේ කොහොමද ?
අවුරුදු පහකට විතර පස්සේ තමයි මම රංගනයට එකතු වෙන්නේ. ‘චැලෙන්ජර්ස්‘ චිත්‍රපටයෙන් රංගනයට එකතු වුණු මම අවුරුදු දොළහක් විතර යන කල් ටෙලි නාට්‍යයක් කරලා තිබුණේ නැහැ. ඉතින් මේක මට හොඳ වෙනසක් විදිහටයි දැනෙන්නේ.

පුංචි තිරයේ පේන්න ගත්තම සිනමා නිළියක් විදිහට හදාගත් ගමනට හානියක් වේවි යැයි හිතන්නේ නැද්ද?
රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වුණාම ප්‍රධාන වෙන්න ඕනේ කරන චරිතය. වේදිකාව, පුංචි තිරය, සිනමාව වුණත් චරිතයට සාධාරණයක් කරන්නයි ඕනේ. ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ලොකුයි. මිනිස්සු අතරට ඒ මාධ්‍යයෙන් ගොඩක් සමීප වෙන්න පුළුවන්. ඒ නිසා මම මොන මාධ්‍යක වුණත් තත්ත්වය බාල කරගන්නේ නැතුව වැඩ කරනවා.

ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
අවුරුදු පහක් හයක් නොපෙනී ඉඳලා අයෙත් රංගනයට ආපු එක ගැන බොහෝ අය සුබ පැතුවා. ඉස්සර තිබුණු ප්‍රේක්ෂක ආදරය ඒ විදිහට මට දැනුත් දැනෙනවා.

ඒ ආදරය වගේම එන විවේචනත් ශේෂාද්‍රිට දරාගන්න පුළුවන්ද?
ඉස්සර නම් මට මොනවා හරි කතාවක් කිව්වොත් මං ඒ ගැන හරියට හිතනවා. දැන් එහෙම නැහැ. රංගනයෙදි හොඳම ගේම මගේ වැරැද්දක් අඩුපාඩුවක් පෙන්වා දුන්නත් මං ආදරෙන් බාර ගන්නවා. හැබැයි මගේ පෞද්ගලික ජීවිතයට කතා ගොතලා කියනවට මම කැමැති නැහැ. අනවශ්‍ය දේවල්වලට මම උත්තර නොදි ඒ අයව එතැනින්ම කපාහරින එකයි මම කරන්නේ. මම ප්‍රශ්න එක්ක ගැටෙන්නේ නැහැ.

ඔබේ පෙම්වතා ක්‍රිෂාන්ගෙන් සීමා නැද්ද?
මම රඟපානවට ඔහු අකමැති කියලත් නැහැ.රඟපාන්න එපා කියලත් නැහැ. අපි හිතින් සතුටු වෙන දේ සහ කැමැත්තෙන් කරන දේ තමයි අපිට හරියට කරන්න පුළුවන්. ඔහු එය තේරුම් ගෙන මගේ තීරණවලට ගරු කරනවා. ඔහු කියන්නේ පිටපත කියවලා මගේ සාමාන්‍ය ජීවිතයට හානියක් නොවෙන්න වැඩ කරන්න කියලා.

ශේෂාද්‍රි – ක්‍රිෂාන් විවාහය ළඟදීම සිද්ධ වෙයිද ?
මමයි ක්‍රිෂානුයි වැඩත් එක්ක කාර්යබහුලයි. ඒ වගේම කොවිඩ් ප්‍රශ්නය තවම ඉවර නැති නිසා තවම විවාහයට හරි දිනයක් තීරණය කරලා නැහැ.

විවාහ වුණු කාලෙක ශේෂාද්‍රි ට රංගනයෙන් ඈත් වෙන්න වුණොත් ?
මම දැන් තියෙන දේ ගැන විතරයි හිතන්නේ. පෞද්ගලිකව මම ලබපු අත්දැකීම් එක්ක ජීවිතේ ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න හොඳ නෑ කියන දේ තමයි මම ඉගෙන ගත්තේ. අපි ගන්න තීරණ සමහර වෙලාවට වරදින්න පුළුවන්. නමුත් අපි ඒ වෙලාවේ ගත්ත හොඳම තීරණය තමයි ඒ. විවාහ වුණාට පස්සේ පවුල් ජීවිතයට බාධාවක් වෙයි කියලා හිතුණොත් රංගනයෙන් මම ඈත් වෙයි. ක්‍රිෂාන්ගේ සහාය එක්ක රංගනය නියැළෙන්න පුළුවන් වුණොත් කරගෙන යයි.

ඔබේ සහෝදරියන් දෙදෙනාත් මේ ක්ෂේත්‍රයේම නිසා රංගනයේදී ඔබ තිදෙනා අතර තරගකාරීත්වයක් තියෙනවා යැයි හිතන පිරිසකුත් ඉන්න පුළුවන්?
අපි අතර කවදාවත් තරගයක් තිබිලා නැහැ. අපි කවමදාක්වත් එකිනෙකා කපා ගෙන ඉස්සරට යන්න උත්සාහ කරන්නේ නැහැ. පිට අයටත් එහෙමයි. අපිට ලැබෙන දේ කරගෙන හිටියම ඇති. නමුත් අපිට නිර්මාණ ලැබුණම මම, නංගි සහ අක්කා කරන්නේ තමන්ට ඒක කරන්න බැරි නම් අපි තුන් දෙනාගෙන් කාව හරි ඒකට යෝජනා කරන එක.

නැවත රංගනයට එකතු වුණු ශේෂාද්‍රිත් ඉදිරියේදී සම්මාන තරගයට එකතු වෙයිද?
කවදාවත් මම සම්මාන බලාගෙන වැඩ කළේ නැහැ. සම්මාන ලැබුණොත් හොඳයි. හැබැයි ඒවා නොලැබුණාට දුක් වෙන්න එපා කියලයි තාත්තා අපිට කියන්නේ. ජනතාවගෙන් ලැබෙන ආදරය තමයි ලොකුම සම්මානය. ඒ ආදරය තියාගෙන වැඩකරන්න කියලා තාත්තා හැමදාම කියනවා.

ඔබ ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තුවක් නැද්ද?
පූර්ව ළමාවිය සම්බන්ධයෙන් තමයි මගේ අධ්‍යයන කටයුතු සිදු කළේ. තව අවුරුදු කිහිපයකින් පෙර පාසලක් පටන් ගන්න අදහසක් තියෙනවා.ඉස්සර තිබුණු ප්‍රේක්ෂක ආදරය ඒ විදිහට දැනුත් දැනෙනවා

Next Post

සැමගේ දැන ගැනීම පිණිසයි! - පුෂ්පිකාගේ සැමියා මාධ්‍යට යැවු ලිපිය මෙන්න

Sat Apr 10 , 2021
විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැලදී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනි ස්ථානය දිනාගත් රුවත්තියගේ හිස පළදන්නේ අවසන් තරඟය නැරඹීමට පැමිණි සියල්ලන් මවිත කරමින්.මෙම සිදු වීම් මාලාව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබන පුෂ්පිකා ද සිල්වාගේ සැමියා වන තිලංක දාබරේරා සඳහන් කරන්නේ, තමා සහ පුෂ්පිකා අතර වසර 4ක පමණ කාලයක […]

Breaking News