ගම සමඟ පිළිසඳරෙන් මී මුරේට දෙනවා කිව්ව ATM එක තාම නෑ

ශ්‍රී  ලංකා මහ බැංකුවේ බැංකු අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මන්දගාමී ක්‍රියා පිළිවෙත හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීමුරේ ගම්මානයට ලබාදීමට තීරණය කළ ලංකා බැංකුවේ මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම සඳහා යොදා ගන්නා ATM යන්ත්‍රය තවමත් එහි  ස්ථාපිත කරන්නට නොහැකි වී තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (08දා) පැවැති රජයේ බැංකු නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී ඇත.

ජනාධිපතිවරයා ගම සමඟ පිළිසඳර වැඩසටහනට සහභාගි වූ අවස්ථාවේදී සංචාරකයන්ගේ පරිහරණය සඳහා එම ATM යන්ත්‍රය ලබාදීමට බැංකු බලධාරීන්ට උපදෙස් දීමෙන් අනතුරුව ලංකා බැංකුව ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වුවද ඊට අනුමැතිය පතමින් මහ බැංකුවේ බැංකු අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යවන ලද ලිපියට මෙතෙක් අනුමැතිය ලැබී නැතැයිද එහිදී හෙළිදරව් වී තිබේ.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා එම පමාව ගැන ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරුවකුගෙන් කළ විමසීමකදීය.

යහපාලන රජය සමයේ අක_ටයුතු ක්‍රියාවන්ට රට තුළට මුදල් ගලා එනවිට ඒ ගැන නොතකා සිටි ඇතැම් මහ බැංකු නිලධාරීන්ට උසස්වීම් ලැබී තනතුරු දරමින් වත්මන් රජයේ වැඩපිළිවෙළ කඩා කප්පල් කරමින් සිටින බවද එහිදී කතාබහට ලක්වී තිබේ.

මහ බැංකුවේ බැංකු අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ ප්‍රතිපත්ති කඩ කරමින් රාජ්‍ය බැංකු දෙකට දිගින් දිගටම කෙනෙහිලිකම් සිදු කරමින් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත් එම සාකච්ඡාවේදී පුළුල්ව කතාබහට ලක්වී ඇත.

Next Post

"ඇෆ්ලටොක්සීන්" නැමැති පිළිකා කාරකය අඩංගු තවත් පොල්තෙල් තොගයක් අදත් හමුවෙයි

Sat Apr 10 , 2021
ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් ආනයනය කළේ යැයි චෝදනා එල්ල වී තිබෙන ප්‍රසිද්ධ පෞද්ගලික ආනයනික සමගමකින් ආනයනය කළ තවත් පොල්තෙල් තොගයක, ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගු බවට තත්ත්ව පරීක්ෂාවෙන් සනාථ වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති අයතනය උසස් නිලධාරියකු අද (10) පැවැසීය. එම සමාගමට අයත් පොල්තෙල් තොගය කින් ලබාගත් සාම්පල් දෙකක […]

Breaking News