ආණ්ඩුව දෙදරයි? පක්ෂ 12 ඉල්ලිම් මෙන්න – විමල් – පාඨලී එකට එකතුව නව ගමනක්

ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 12ක නායකයෝ සහ ආණ්ඩුව අතර ප්‍රබල අරගලයක් මතුව තිබේ. 

මේ පිළිබඳ පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් ඇතැයි යන්න සත්‍යයක් බවයි.

නමුත් ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැති කිරීමට නොව රැකගැනීමට බවද රටේ ජනතාව දුන්නු ජනවරම, ජනතාව තැබූ විශ්වාසය හා 69 ලක්ෂයේ අභිලාෂයන් රැකගැනීමට මෙම අරගලය සිදු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 12ක නායකයෝ පසුගිය සතියේදී කොළඹදී අවස්ථා දෙකකදී රැස්විය. ඉන් එක හමුවක් පැවැත්වුණේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේය. දෙවැනි හමුව පැවැත්වුණේ ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේය.

එම හමුවීම්වලට උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ටිරාන් අලස්, අතාවුල්ලා, වීරසුමන වීරසිංහ යන අයද අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක්ද සහභාගි වී කිබිණි.

එහිදී ජීවන බර සහ පළාත් සභා ඡන්දයේදී එක් ආසනයකට එකම පක්ෂයෙන් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාව ගැන සාකච්ඡාවට ලක්වූ ප්‍රධාන කාරණා දෙකකි.

ජීවන බර සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේදී පක්ෂ නායකයන් සියලු‍ දෙනාම පෙන්වා දී ඇත්තේ ජනතාව ඉතා අසීරුවෙන් ජීවත්වන බැවින් ඔවුන්ට සහන පැකේජයක් වහා හඳුන්වාදීමට රජය පියවර ගත යුතු බවය.

අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට පක්ෂ නායකයන් සියලු‍ දෙනාම තමන් විරුද්ධ බව ප්‍රකාශ කර තිබේ.

අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එක්කරගත් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන පාර්ශව කිහිපයක් අතර සාකච්ඡා වෙමින් ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවේ දැක්වෙන්නේ පැවති යහපාලන රජයක් පිහිටුවීමට මූලිකත්වය ගත් සිවිල් සංවිධාන කිහිපයක් ද මෙම සාකච්ඡාවල සිටින බවයි.

එමෙන්ම කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනා එක්ව දේශපාලන ගමනක් යා යුතු බවයි.

කෙසේ වෙතත් මෙතෙක් මෙම දෙදෙනා මුණ ගැසී සාකච්ඡා කර නැති අතර නුදුරේම එම හමුව සිදු කිරීමට අදාළ පාර්ශවයන් උත්සාහ දරමින් සිටින බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

Next Post

අද උපන් දිනය සමරන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සුන්දර කැදැල්ලේ ජායාරූප

Wed Apr 7 , 2021
අපේ රටේ වර්ථමාන යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නම කියනකොට කවුරුත් ඔහුට ගෞරව කරන්‌නේ අපේ මව්බිම වෙනුවෙන් එතුමන් ඇතුළු පිරිස සිදු කළ අනුපමේය කාර්යයභාරය හේතුකොටගෙන වේ.අද එනම් ජුනි මස 22දා එතුමාගේ ජන්ම දිනයයි. මෙතුමන් සතු කැපවිම, උත්සහය රටේ ආරක්ෂාව ගැන දැඩි කැපවීමකින් කටයුතු කිරිම හේතුවෙන් යුද්ධ හමුදා මාණ්ඩලික […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News