2020 විවාහක රූ රැජිණ කිරුළ තවමත් හිමි මැතිසබේ මන්ත්‍රීගේ සුරූපී බිරිඳගේ ජායාරූප 25ක් මෙන්න

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලියේ අවසන් තරගයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජිණ තරගාවලි සංවිධායකයන් සිය අප්‍රසාදය පළ කර තිබේ.නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, වර්තමාන ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමි කැරොලයින් ජූරිගේ හැසිරීම පිළිබඳව තම සංවිධානය දැඩි කනස්සල්ලට පත්වෙන බවත් ය.

කැරොලයින්ගේ හැසිරීම ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලියේ ආචාරධර්ම පද්ධතියට පටහැනි බව ඔවුන් එහි සඳහන් කර ඇත.ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් තම සංවිධානය සමාලෝචනය කර එහි ප්‍රථිපල අනුව කැරොලයින් සම්බන්ධයෙන් පියවර ගන්නා බව ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

1

2

3

4

5

එමෙන් ම, වර්තමාන ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරිට මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් සිදු කරන ලෙසත් ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තරගාවලියේ ලෝක අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ මහතා ඉදිරියේදී ඒ සඳහා කටයුතු කරන බවත් ඔවුන් එම නිවේදනයේ සඳහන් කර ඇත.

6

7

8

9

10

කැරොලයින් ජූරිට සිය ක්‍රියාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෙසත් ඒ පිළිබඳව සමාව ගන්නා ලෙසත් දැනුම් දීමට නියමිත බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.ලෝක විවාහක රූ රැජිණ තරගාවලි සංවිධායකයන් වැඩිදුරටත් සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් පූර්ව නිගමනවලට එළඹීමක් සිදු නොකරන බවත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික තරගය සඳහා එවනු ලබන තරගකාරිය නීත්‍යනුකූලව විවාහවී ඇත්නම් ඔවුන් ඇය පිළිගන්නා බවත් ය.

11

12

13

14

15

මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තරගාවලියේ ලෝක අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කළේ, ලෝක විවාහක රූ රැජිණ තරගාවලි සංවිධායකයන් තමන්ට සම්පූර්ණ බලය පවරා ඇති බවත් සිදුවීම පිළිබඳව සමාව ඉල්ලා ප්‍රකාශකයක් කරන ලෙස වර්තමාන ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි මහත්මියට දැනුම් දී ඇති බවත් ය.

16

17

තරගකාරිණියන් විසි දෙනකුගෙන් සමන්විත වූ 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේ අවසන් තරගකාරිණියන් තිදෙනා ලෙස කිරුළ වෙනුවෙන් තරග වැදුණේ 2011 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජන කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා, ආශ්‍යා බස්නායක සහ දිනාලි ජයසිංහය.

18

19

20

2020 වසරේ විවාහක රූ රැජිණ පෙලස කිරුළ පළඳවා නැවත එය උදුරා ගැනීමට ලක්වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට නැවතත් එම කිරුළ ලබා ගැනීමට තීරණය කර තිබේ.විවාහක රූ රැජින තරගයේ මෙරට ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරන්නේ එම කිරුළ නැවත උදුරා ගැනීම සිදු නොකළ යුතුව තිබූ දෙයක් බවයි.පුෂ්පිකාද සිල්වා දික්කසාද වූ බවට ලියවිලි කිසිවක් නැති නිසා අදාළ කිරුළ ඇයට නැවත ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

21

22

23

24

25

වාර්තා වන්නේ කැරොලයින් ජූරි විසින් කිරුළ ගලවා එම කිරුළ පළදවන ලද තරගාවලියේ දෙවැනියා වූ ආශා බස්නායක කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක ගේ විවාහක බිරිද බවයි.ඒ අනුව තවමත් කිරුල හිමිව ඇත්තේ ආශා බස්නායක මහත්මියට බවත් ඉදිරියේදී මාධ්‍ය හමුවක් කැදවා රූ රැජන කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියට පැළදීමට කටයුතු සුදානම් කරන බව සංවිධායකයින් සඳහන් කරයි

26

27

විනිශ්චය මණ්ඩලය අවසන් තීන්දුව ලබා දුන්නයින් පසුව 2020 වසරේ Mrs world ලෙස කිරුළ පැලැදූ කැරොලයින් ජූරි එක් වරම වේදිකාව පසුපස සිට පැමිණ වේදිකාව වෙත ගොඩවී මයික් එකක් රැගෙන කියූ බයිලාව කිසිසේත්ම අදාල නොවන බවටත් වාර්තා වෙනවා.

28

29

30

ඊයේ දිනයේ කැරොලයින් ජූරිගේ එම හැසිරීම තරගයේ ප්‍රතිරූපයට හා,නිකර ලෙස බලපා ඇති බව ද චන්දිමාල් ජයසිංහ තව දුරටත් සඳහන් කරයි.අපේ රට වෙත වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ මේ වන විට කිරුළ දිනූ පුෂ්පිකා රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන අතර, මේ නාඩගම සඳහා කෙලින්ම සම්බන්ධ වී ඇත්තේ 2020 වසරේ Mrs world  ලෙස කිරුළ පැලැදූ කැරොලයින් ජූරි බවටයි.

Next Post

සංඝ රත්නය එලියට දමා ප්‍රමිති ආයතනයේ ගේට්ටු වසයි - දෙනවා කිව්ව පිළිකාකාරක සහිත ආහාර සහ ආයතන ලැයිස්තුව නෑ

Tue Apr 6 , 2021
ඔහු මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.එමෙන් ම, අදාළ ප්‍රකාශය රජය අනුමත නොකරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය. පොල්තෙල් පමණක් නොව විෂ සහිත ආහාර තවත් තිබෙන බවත් ඒවා ගැන කරුණු හෙළි කළහොත් නිෂ්පාදකයින් බිඳවැටිය […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News