පස්සර මාපියන් අහිමි වූ දරු තිදෙනාටම රැකවරණ දෙන්න සුදානම් වෛද්‍යවරයා

පසුගිය 20 වන දා සිදු වූ පස්සර බස් අනතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු මි.ය ගිය අතර තම මව සහ පියා දෙදෙනා ම එම අනතුරෙන් ජීවි.ත ක්ෂයට පත්වීමෙන් තනි වූ දරුවන් තිදෙනෙකු පිළිබඳ පුවතක් වාර්තා විය.

ලුණුගල ප්‍රදේශයේ පදිංචි එම දරුවන් තිදෙනා දෙමාපියන්ගේ වියෝවෙන් පසු ඔවුන්ගේ මිත්තණිය සමග ජීවත් වූ අතර එම දරුවන් රැක බලා ගැනීමට වෛද්‍යවරයෙකු ඉදිරිපත් වී තිබේ.මෙලෙස දරුවන් තිදෙනා රැක බලා ගැනීමට ඉදිරිපත්ව ඇත්තේ අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා ය.

ඒ මහතා තමන් එම දරුවන් තිදෙනා රැකබලා ගැනීමට කැමති බව පවසා දරුවන් ලබා ගැනීමට පස්සර පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.ඒ අනුව, වෛද්‍ය වජිර රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පිළිබඳව පස්සර පොලිසිය අධිකරණය වෙත දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


Next Post

ලංකාවේ අවසන් ගම්මුලාදෑනියා අවුරුදු 106ක පරම ආයුෂ භුක්ති විඳ අවසන් ගමනේ

Thu Mar 25 , 2021
මෙරට ජීවත් වූ අවසන් ගම්මුලාදෑනිවරයා ලෙස සැලකෙන ගාල්ල, කලහේ, වංචාවල, පියසිරි නිවෙසේ පදිංචිව සිටි සිව් දරු පියකු වන සැමී යාපා සිරිවර්ධන මහතා වසර 106ක පරම ආයුෂ භුක්ති විඳ පසුගියදා අභාවප්‍රාප්ත විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය 21 දා පවුලේ සුසාන භූමියේදී සිදු කෙරිණි. නිදහසෙන් පසු සෑම මැතිවරණයකදීම ඡන්දෙ […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News