බුද්ධිමත් ‍රසිකයින්ගෙ තේරීම් අනුව වසරේ ජනප්‍රියම තරු මෙන්න – අටපට්ටමට ලෝක වාර්තාවක්

15 වෙනි ස්ලීම් නිල්සන් ජනතා සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය  සහ  ශ්‍රී ලංකා නීල්සන් පර්යේෂණ  එජන්සිය එක්ව  මෙම සම්මාන උළෙල සංවිධානය කරයි .

මෙවර ස්ලිම් නිල්සන් සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා ලෙස සම්මාන ලැබුවේ හේමාල් රණසිංහයි.

මාලනි ෆොන්සේකා ජනප්‍රියම නිළිය ලෙස සම්මාන ලැබුවා.

අතිවිශිෂ්ඨ සම්මානයක් එක් කරමින් ස්වාධීන රූපවාහිනි අටපට්ටම ලෝක වාර්තා අතරට එක් වුණා. ඒ එම වැඩසටහන අඛණ්ඩව දහතුන් වන වතාවටත් ස්ලිම් නිල්සන් ජනකාන්ත හා ජනප්‍රියම සම්මානයෙන් පිදුම් ලැබීමත් සමඟයි.

වසරේ ජනතාවගේ රූපවාහිනි නිවේදකයා ලෙස තෙවන වරටත් ස්ලිම් ජනතා සම්මානයට පාත්‍ර වුයේ චතුර අල්විස් ය.

TV දෙරණ ඔස්සේ විකාශය වන “දෙවෙන ඉනිම“ ටෙලි නාට්‍ය වසරේ ජනතාවගේ ටෙලි නාට්‍ය ලෙස ස්ලිම් ජනතා සම්මානයට පාත්‍ර විය.

“දෙවෙනි ඉනිම“ ටෙලි නාට්‍ය දෙව්මිගේ චරිතයට පණ පොවන නයනතාර වික්‍රමආරච්චි වසරේ ජනතාවගේ ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මාන හිමිකර ගත්තා

එම ටෙලි නාට්‍යයේ අනුහස්ගේ චරිතයට පණ පොවන රවීන් කණිෂ්ක වසරේ ජනතාවගේ ටෙලි නාට්‍ය නළුවාට හිමි ස්ලිම් ජනතා සම්මානය හිමිකර ගත්තේය.

මීට අමතරව වසරේ තාරුණ්‍යය ගුවන් විදුලි වැඩසටහන ලෙස FM දෙරණ ඔස්සේ විකාශය වන “අනූපමා කෝච්චිය“ වැඩසටහන ද ස්ලිම් ජනතා සම්මාන උළෙලේ දී නිර්දේශවීම විශේෂත්වයකි.

TV දෙරණ වසරේ ජනතාවගේ රුපවාහිනී නාලිකාව ලෙස සිව්වන වරටත් ස්ලිම් ජනතා සම්මානය හිමිකර ගත් අතර ජනතාවගේ තාරුණ්‍ය රුපවාහිනී නාලිකාව ලෙස පස්වන වරටත් ස්ලිම් ජනතා සම්මානයට පාත්‍ර වුණේ TV දෙරණයි.

2021 ස්ලිම්  ජනතා සම්මාන උළෙලේදී පළමු වරට ජනතාවගේ තාරුණ්‍යයේ ගුවන් විදුලි නාලිකාව ලෙස FM දෙරණ පිදුම් ලැබීය.

ජනතා සම්මානයෙන් අඛණ්ඩව හයවන වරටත් වසරේ හොදම/ දක්ෂතම ගුවන් විදුලි නිවේදකයා සම්මානයෙන් සියත එෆ්එම් අරවින්ද ලොකුගේ මහතා පිදුම් ලැබීය

වසරේ ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පුවත්පත මහජන සම්මානය දිනාගත්තේය.

ජනතාවගේ සිනමාපටය: රෂ්

තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් නිළිය: පූජා උමාශංකර්

ජනතාවගේ ගීතය: උමාරියා සිංහවංශ විසින් ගායනා කරන “මන්ද පමා

ජනතාවගේ ගායිකාව: ශෂිකා නිසංසලා

ජනතාවගේ ගායකයා: ශිහාන් මිහිරංග සහ චාමර වීරසිංහ

Next Post

පරීක්‍ෂණ වාර්තාව එන්න කලින් වරායෙන් බෙදා හැරලා - අවුරුදු සමයේ පරිස්සමින් වස පොල්තෙල් රට හැමතැනම

Wed Mar 24 , 2021
පිරිපහදු නොකළ පොල්තෙල් සහ පොල්තෙල් වෙනුවට ගෙන්වන ලද ආදේශක තෙල් වරායේ තිබෙන බවත්, කන්ටේනර් 13ක බහාලූ එවැනි තෙල් පරීක්‍ෂා කර බැලීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු පි,ළිකා කාරක බව හෙළිවී තිබෙන බවත් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි. මෙම තෙල් පිළිබඳ පරීක්‍ෂණ වාර්තාව ලැබෙන […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News