A.S.P එරික්ට ඇමතිගෙන් ලැබුණු තෑග්ග

පොලිස් සේවයේ දක්ෂ නිලධාරියකු ලෙස සැලකෙන වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ප්‍රදේශයේ රජයේ ප්‍රබල දේශපාලකයකුගේ බල.පෑම් මත වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ පොලිස් මූලස්ථානයට මාරුකර එවා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් ප්‍රදේශයේ ම-.ත් ජා.-වාරම් කරුවන්ට එරෙහිව ඔහු විසින් නීතිය ක්‍රියාත්මක කරනු ලැබීම මේ මාරු කිරීමට ආසන්නතම හේතුව වී ඇති බවත් පසුගිය කාලය තුළ මේ කටයුතු හේතුවෙන් ප්‍රද්ශයේ රාජ්‍ය අමාත්‍යවරයා ඔහු සමඟ උරණව සිටි බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කරයි

එරික් පෙරේරා මහතා කලක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කළ අතර 2002 වසරේදී නැගෙනහිර පළාතේ කංචනකුඩා විශේෂ කාර්ය බලකා කඳවුරට කොටි ත්‍ර-ස්.ත වා-දීන් විසින් එල්ල කිරීමට ආ ප්‍ර. හාරය සාර්ථක මැඩ පවත්වාගත් නිලධාරියා ලෙස සැලකෙන්නේ ඔහුය.ඔහුගේ ජීවිතය නැති කිරීම සඳහා එකල ම-රා ගෙන මැ-රෙ.න බෝ- ම්.බ කරුවන් පස් දෙනකු යොදවා තිබුණු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුව පොලිස් පරීක්ෂකවරයකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස ඔහු පත්වීම් ලබන සෑම ප්‍රදේශයකට මහජන සාමය සහ විනය ඇති කිරීමට ක්‍රියා කළ නිලධාරියකු වූ එරික් පෙරේරා මහතා පසුගිය කාලයේ වෙන්නප්පුවේ රාජකාරී කරන කාලයේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ රජයේ ප්‍රබල අමාත්‍යවරයකු සමඟ මත භේදාත්මක තත්ත්වයක් නිර්මාණය වූ බව පැවසෙන අතර මෙම මාරුවීම ඒ මත සිදුවූ බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

Next Post

සිංහරාජයේ ඉදිවන වැව් දෙකේ අලුත්ම තත්වය - ජනතාවට ආදායමක් ලැබෙන වැඩක් ඇමති චමල් හෙලිකරයි

Tue Mar 23 , 2021
සිංහරාජ කැලෑව මුදුණේ වැව් සාදන බවට පළවන වාර්තා අසත්‍ය බවත් එම කැලෑව මුදුනේ වැව් සැදීමේ කිසිදු සැලැස්මක් නැති බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දි අද (23) පැවැසීය. නිල්වලා හා ගිංගගේ ගංවතුර ගැලීම් නිසා විශාල හානියක් සිදුවෙනවා. කළු ගඟේ, ගිංගඟේ හා නිල්වලා ගඟේ වතුර ඊසාන දිගට යෑමේ සැලැස්මක් වාරිමාර්ග […]

Breaking News