මරණ තවත් වැඩි වෙයි – ඒ අතර රියදුරාත් – මනුස්සකමට ප්‍රණාමය – අනතුරේ දරුණුකම හිතාගන්න පුළුවන් මේ පොටෝ ටික දැක්කම

මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් මි.යගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශාක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මි.ය ගිය පුද්ගලයින් අතර බස් රථයේ රියදුරු ද සිටින බවය. 

අද (20) උදෑසන 07.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අදාළ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදු විය.

පොලිසිය පැවසීය සඳහන් කළේ, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ ඉදිරිපස රෝදය මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑම නිසා බසය ප්‍රපාතයට පෙරළී ඇති බව ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 30ක අධික බවය.

තුවාලකරුවන් මේ වන විට පස්සර සහ බදුල්ල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

1 අනතුරට පත් බස්රථය
2 අනතුරට පත් බස්රථයේ සුන් බුන්
3 අනතුරට පත් බස්රථයේ සුන් බුන්
4 අනතුරට පත් බස්රථයේ සුන් බුන්
5 අනතුරට පත් බස්රථයේ සුන් බුන්
6 අනතුරට පත් බස්රථයේ තුවාල කරුවන් සොයා මෙහෙයුම්
7 අනතුරට පත් බස්රථයේ සුන් බුන්
8 අනතුරට පත් බස්රථයේ තුවාල කරුවන් සොයා මෙහෙයුම්
9 අනතුරට පත් බස්රථයේ තුවාල කරුවන් සොයා මෙහෙයුම්
10 අනතුරට පත් බස්රථයේ තුවාල කරුවන් රෝහලට රැගෙන යාමට
11 අනතුරට පත් බස්රථයේ තුවාල කරුවන් රෝහලට රැගෙන යාමට
12 අනතුරට පත් බස්රථයේ තුවාල කරුවන් රෝහලට රැගෙන යාමට
13 අනතුරට පත් බස්රථයේ තුවාල කරුවන් රෝහලට රැගෙන යාමට
14 මුහුණු පොතෙන් උපුටා ගත් සටහනක්

Next Post

මාස 6කට වැඩියි කළුගල මහපාරේ - රටම කම්පා කල අනතුර ගැන ගම්මු කියන කතාව

Sat Mar 20 , 2021
ලුණුගල- බදුල්ල මාර්ගයේ බස් රථ අනතුරට හේතුව මීට මාස 6කට පෙර එම මාර්ගයට  කඩා වැටුණු කළු ගලක් බව ප්‍රදේශවාසීහු කියති. එක් මංතිරුවක් වසාගෙන තිබු එම කළු ගල පසුකර ඉදිරියට ආ ලොරි රථයකට ඉඩ දීමට යාමේ දි මෙම අනතර සිදුවන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාකව සටහන් වී ඇත. මෙම අනතුර […]

Breaking News