වෙළෙඳ පොලේ ටයර් හිඟයක් – ගිලන් රථයේ ටයර් නෑ ගාල්ලෙ රෝගියෙක් අවසන් ගමනේ

රජයේ රෝහල් කිහිපයක් සතු ගිලන් රථ වල ටයර් නොමැතිවීම නිසා මේ වන විට එම ගිලන් රථ ධාවනයෙන් ඉවත් කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එසේම ඇතැම් ගිලන් රථ වල ටයර් ගෙවී තිබීමෙන් එහි රෝගීන් ප්‍රවාහනය කිරීම අනතුරුදායක බවද එම සංවිධානය සඳහන් කරයි.

මේ තත්ත්වය හේතුවෙන් ඊයේ (17) දිනයේදී ගාල්ල ප්‍රදේශයේ රෝහලකින් රෝගියෙක් වෙනත් රෝහලකට මාරු කිරීමේදී ඇතිවූ ප්‍රමාදයකින් එම රෝගියා මි.ය ගොස් ඇත.

මෙරට වෙළෙඳපොලේ ටයර්වල හිඟයක් පවතින බව ටයර් අළෙවිකරුවෝ සහ වාහන හිමිකරුවෝ පවසති.

තිබෙන ටයර්වල ද මිල විශාල ලෙස ඉහළ යෑමෙන් තවත් අපහසුතාවට පත්ව සිටින බව ද ඔවුහු පෙන්වා දෙති.

ටයර් මිල සියයට 10 කට අසන්න සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති බවත් ඇතැම් ටයර්වල මිල රුපියල් 1000 සිට 2000 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාහන හිමියෝ පවසති.

වෙළෙඳපොළේ ඇතැම් ටයර් වර්ග ඉහළ මිලට හෝ මිලදී ගැනීමට නොමැති වීමෙන් මෝටර් රථ හිමියෝ වඩාත් අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

මහා පරිමාණ ටයර් අළෙවිකරුවන් පවසන්නේ රජය ටයර් ආනයනය අත්හිටුවීම සහ ශ්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදනය ඉල්ලුමට ප්‍රමාණවත් නොවීම මෙම හිඟයට හේතුව බවයි.

Next Post

පොඩි කෙල්ල වගේ තාමත් ලස්සනට ඉන්න ජනප්‍රිය නිලි සසන්තිගේ අලුත්ම ජායාරූප

Fri Mar 19 , 2021
අද වෙනවිටනම් දකින්න නොලැබෙන අපේ රටේ හිටපු ඉතා ජනප්‍රිය චරිතයක් ගැන තමයි අපි සොයා බලන්න හදන්නේ. රසික ආදරේ නම් කිසිම අඩුවන් නැතුව අදටත් ලැබෙන ඇය අද ජිවත් වෙන්නේ ලංකාවේ නම් නෙවෙයි. ඒ නිසා වෙන්න ඇති අපිට අද වැඩිය දකින්න වෙන්නේ නැත්තේ. නමින් ඇය සසන්ති ජයසේකර. දැන් ජිවත් වෙන්නේ එංගලන්තයේ ඒ […]

Breaking News