ලංකාවේ ජාතික කොඩිය පාපිස්සක

අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර ඇත.

ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com ‌වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර තිබේ.

අන්තර් ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සඳහන් කර ඇත.

ඇමසන් සමාගමේ වාර්ෂික පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 21 ඉක්මවයි. සේවකයින් දොළොස් ලක්ෂ අනූඅටදාහක් එම ආයතනයේ සේවය කරති.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ​මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් කළ විමසුකදී පැවසුවේ මෙය ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවශ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

මෙවැනිම ආකාරයේ නානකාමර සදහා පාපිසි සහ අනෙකුත් ඒ සමාන භාන්ඩ ඇෆ්ගනිස්තානයේ ජාතික කොඩිය යොදාගනිමින් කරන ලද නිශ්පාදන ඇමසන් වෙබ් අඩවියේ තිබූ අතර එරට වැසියන් එකතු වි අන්තර්ජාල පෙත්සමක් අත්සන් කල පසු ඇමසන් වෙබ් අඩවියෙන් එම නිශ්පාදන ඉවත් කර ඇත.

Next Post

දරුවන්ගේ ජීවිත බේරා ගන්නට ගොස් අවාසනාවන්ත ඉරණමක් අත් වූ තරුණ ඉංජිනේරුවා

Fri Mar 12 , 2021
කළුතර කැලිඩෝ මුහුදෙහි රළ පහරට ගසාගෙන යමින් සිටි කුඩා ළමුන් පිරිසක් බේරාගැනීමට ඉදිරිපත් වූ සිවිල් ඉංජිනේරුවෙකු මුහුදු රළ පහරට හසුව මි.යගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. මෙසේ මි.යගොස් ඇත්තේ මතුගම කලුපහන ප්‍රදේශයේ පදිංචිව සිටි දමිනිගේ දමිත් ශ්‍රීමාල් උදය කුමාර නමැති 31 හැවිරිදි සිවිල් ඉංජිනේරුවකු ලෙසින් රාජකාරි කල  පුද්ගලයෙකු බවයි පොලීසිය […]

Breaking News