සනත්ගේ වැක්සීනය නිසා ලේකම්ට වැඩ වරදියි – අභයාරාමාධිපති ආනන්ද හිමියන් මාධ්‍යට කල ප්‍රකාශය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සනත් ජයසූරියට කොවිඩ් වැක්සීනය ලබාදීමට මැදිහත් වීම හේතුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය, කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා එම තනතුරෙන් ඉවත් කර තිබේ.

තනතුරෙන් ඉවත් කළ ඔහු පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන හා ගෘහාශ්‍රිත සත්ව පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත.

මේ බව සඳහන් කරමින් නාරහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍යටද ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

සනත් ජයසූරිය මහතාට කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍ය රමේෂ් පතිරණ පැවැසුවේ එන්නත්කරණයට ජනතාව පෙලඹවීම සඳහා ජනප්‍රිය පුද්ගලයන්ට එන්නත් ලබාදෙන බවයි.

ප්‍රාථමික සෞඛ්‍ය කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සඳහා සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය පත්කර ඇති බව වාර්තා වෙයි.

උදයජීව ඒකනායක

Next Post

වේල්ලවීදියේ බෑග් එකේ සිරුර තම බිරින්දෑවරුන්ගේදැයි දැන ගැනීමට පොලීසියට ඇමතුම් 200 ක් ඇවිත්

Thu Mar 4 , 2021
වේල්ලවීදියේ ගමන් බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තාව හඳුනාගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථනයට පෙරේදා (2 වැනිදා) දිනයේ පමණක් දුරකථන ඇමැතුම් 200ක් පමණ ලැබී ඇත. පැනගිය දියණියන් හා බිරින්දෑවරුන්ගේ සිරු_රුදැයි තහවුරු කරගැනීමට විවිධ පුද්ගලයන් මෙම දුරකථන ඇමැතුම් ලබාදී තිබේ. මෙරටින් මෙන්ම විදෙස්ගතව සිටින අයගෙන් පවා වේල්ලවීදිය පොලිස්ස්ථානාධිපති ප්‍රධාන […]

Breaking News