අද සිට Full Face වලට කේස් බෑ – අභියාචනාධිකරණයෙන් පොලිස්පතිවරයාට උපදෙස්

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස  නීතිපතිවරයා විසින්  පොලිස්පතිවරයා වෙත   උපදෙස් ලබාදී ඇතැයි  අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා  අද (16) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක  සොලිස්ටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා මෙම දැනුම් දීම කළේය.

එම දැනුම් දීමත් සමඟ මෙම පෙත්සම්කරුට එරෙහිව වැල්ලවාය  මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස පොලිසිය වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

2017 වසරේ අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ මෙම නඩුව ගොනු කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු එම රෙගුලාසි නිසි පරිදි පාර්ලිමේන්තු මගින් අනුමත කර නොමැති බවත් එය නීතියට පටහැනි බව සඳහන් කළේය.ඒ අනුව එම රෙගුලාසි යටතේ තමන්ට එරෙහිව නඩු පැවරීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.

එහිදී නීතිපතිවරයා  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාලන්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සම්පූර්ණ මුහුණු ආවරණය කළ හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන් ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව කීය.

Next Post

පළමු නියෝජ්‍ය පොලිස්පතිවරියට එරෙහි පෙත්සම සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් දේවානි පෙරට

Wed Feb 17 , 2021
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය වශයෙන් ඉකුත් දා පත් වූ බිම්ශානි ජාසිංආරච්චි මහත්මියගේ එකී උසස්වීමට අභියෝග කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙනෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරී දේවානී ජයතිලක මහත්මිය අදහස් පළ කර තිබේ. ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් […]