අරවින්ද, මහානාම, මුරලි හා සංගා ක්‍රිකට් කමිටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුව සඳහා අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර පත්කර තිබේ.

ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිර්දේශ අනුව මෙම ක්‍රිකට් කමිටුව පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මෙම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් උපදෙස් දීමයි.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කර එමඟින් ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීමට හා පුහුණු කිරීමට අවශ්‍ය මග පෙන්වීම මෙම කමිටුවන් බලාපොරොත්තු වන කටයුත්තකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක වන තාක්ෂණික උපදේශක කමිටුවට මෙම කමිටු සාමාජිකයින්ගේ නම් ඇතුළත්කර ගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා විසින් යෝජනා කරනු ලැබ තිබේ.

Next Post

සාමාන්‍ය ජනතාවට එන්නත් දීම අරඹන දිනය මෙන්න

Fri Feb 5 , 2021
සාමාන්‍ය ජනතාව සඳහා කො.විඩ් එන්නත් ලබාදීම මාර්තු මස පළමු සතියේ සිට ඇරඹිය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කො.විඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා. අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කරන්නේ එන්නත් වලින් කිසිදු ප්‍රධාන අතුරු ආබාධයක් මෙතෙක් වාර්තා […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News