සැබෑ නිදහස නම් මෙයම නොවේද ? වසර 14 ක් තිස්සේ කොටු වූ බල්ලෙකුගේ කතාව

අද අපි හැමෝම කතා වෙන්නේ නිදහස් දිනය ගැනයි. 73 වැනි අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රෙය්දී පැවැත්විණ.නමුත් මේ කියන්න යන්නේ නිදහස් දින යෙදෙන අද දින සමාජ ජාල මාධ්‍ය වල පල වූ සංවේදී සටහනක් මේ වන විට බෙහො දෙනෙක්ගේ කතා බහට ලක්ව ඇත. ඒ පිලිබදව පළවූ සටහන පහතින්

මාතර වල්ගම ප්‍රදේශයේ නිවසක වසර 14 ක් තිස්සේ කිසිසේත් පිටතට පැමිණීමට නොහැකි ලෙස සදාකාලිකව සි ර ගත කර සිටි බල්ලා පිළිබඳව Nadeeka Samanmalee අක්කා විසින් ලබා දුන් පණිවිඩය අනුව එම සි ර කුටියක් බඳු කුඩුවෙහි වහල කොටස කඩා ඉවත් කර බල්ලා ඉන් පිටතට ගෙන මිදිගම Animal SOS Sri Lanka ආයතනය වෙත ප්‍රතිකාර සඳහා යොමු කරන ලදි.නිවැසියන් පැවසූ පරිදි බල්ලා රැගෙනවිත් තිබෙන්නේ සුනාමි ව්‍ය සනයට මසකට පෙරයි.

පසුව නිවසියෙකු සහ අසල්වාසියෙකු සපා කෑමට ලක් කිරීමේ චෝදනාව මත සදාකාලික සි ර දඩු වමකට ලක් කර ඇත.ඊ⁣ට පෙරාතුවද රැගෙන ආ මුල් දින සිට දම්වැලකින් බැඳ දමා තිබී ඇත.මුලින් ලෑලි කූඩුවක සි ර කළ මෙම සතා පසුව වසර කිහිපයකට ඉහත නිවසේ මංගල උත්සවයක් පැවැත්වීම නිසා ලෑලි කූඩුව වටා ස්ථිරව බදාම යොදා බ්ලොක් ගලින් තව කූඩුවක් නිර්මාණය කර ඇත.

මොහුට කෑම ලබා දීම සඳහා කුඩා කවුලුවක් ( පිඟානක් ඇතුලට තල්ලු කර හැකි පරිදි ) සාදා ඇති අතර මළ පහ හෝ මුත්‍රා ඉවත් කිරීමක් නොමැත.මතක් වූ දිනයක නෑවීම සිදු කර ඇත්තේ වහලේ සෙවිලි තහඩුවක් ඔසවා වතුර බාල්දියක් බල්ලා කූඩුව තුළ සිටියදීම ගැසීමෙනි.ඔවුන් එතරම් රෞ ද්‍ර දරු ණු යයි කී මේ සතා අප එහි ගොස් මුදවා ගන්නා තෙක්ම බිරුවේ වත් නැත.මෙතරම් අකාරුණික මිනිසුන් අද සමාජයේ වෙසෙනවාද යන්න සිතීමට පවා නොහැක.

නිවසේ ඇති දැඩි කරන බල්ලා මෙවන් හිරි හැර සහගත දිවියක් ගෙවන නමුත් ඔවුන්ට එය ගාණක් වත් නොවුනි.කුඩා දරුවන් කිහිපදෙනෙකුද සිටි එම නිවසේ වැඩිහිටියන් සිහියේ තබා ගත යුතු කරුණ නම්,දරුවන්ට ඔවුන් ලබා දෙන ආදර්ශය මෙය නම් ඒ දරුවන් දිනක ඔවුන් බලු කූඩුවක සි ර ගත කර මෙසේ තැබුවාට වරදක් ඇතිද යන්නයි…නිදහස් දිනයේ සැබෑ නිදහස ලැබු බල්ලා ඔහුයි…









Next Post

වෛද්‍ය ගයාන්ගේ පියා කතා කරයි - හැකිනම් ඔහුගේ සත්කාර්යයට ඔබත් දායක වන්න

Thu Feb 4 , 2021
මෙරට කො.වි.ඩ් වැළදීමෙන් ජීවිතය අහිමි වූ පළමු වෛද්‍යවරයා ලෙස වෛද්‍ය ගයාන් දන්තනාරායන මෙලොව හැර ගියේ මීට දින කිහිපයකට පෙරයි. වෛද්‍ය ගයාන්ගේ වියෝවෙන් වේදනාවට පත් සිත සුවපත් කරගන්නට අදටත් ඔහුගේ පියාට හැකිවී නැහැ.තම ආදරණීය පුතනුවන් ගැන ගයාන්ගේ පියා හිරු ප්‍රවෘත්ති සමඟ සාකච්ජාවක් අද අපට දැකගත හැකි වුනා.තම දරුවාට අවශ්‍ය ප්‍රතිකාර අවසන් […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News