අම්මයි බිරිඳයි දෙන්නටම සටනක. අද සමුගත් හිත හොඳ දොස්තර ගැන නොදත් කරුණු සහ නොදුටු ඡායාරූප

කොළඹ, නුගේගොඩ ජාත්‍යන්තර පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ගයාන් අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පිවිස තිබුණි.ගයාන් දන්තනාරායන චීනයේ, ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේදී වසර 5ක ඉගෙනුම් කටයුතු නිම කරමින් 2010 වසරේ වෛද්‍ය උපාධිය හිමිකරගෙන තිබුණි.සංගීතයට ද කැමැත්තක් දැක් වූ ගයාන් ගිටාර් වාදනයට වැඩි වශයෙන් ප්‍රිය කළේය.

උපාධිය ලබාගෙන ලංකාවට පැමිණි ගයාන් වෛද්‍යවරයෙකු ලෙස මෙරට සේවය කිරීමට අවශ්‍ය විභාගයට මුහුණ දී ඉන් සමත්ව හලාවත, අම්පාර වැනි දුෂ්කර රෝහල්වල කාලයක් සේවය කර තිබුණි.

විශේෂයෙන් ළමා වාට්ටුවේ සේවාව කළ වෛද්‍ය ගයාන් දන්තනාරායන වෙහෙස මහන්සිය නොබලා දරුවන්ගේ ජීවිත බේරාගැනීමට මහඟු සේවයක් කළ අයකු හැටියට ප්‍රසිද්ධ ය.
වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පියාත් දක්ෂ වෛද්‍යවරයෙකි.

මේ වනවිට ඔහුගේ මව හා බිරිඳ පවා සිටින්නේ කො.රෝනා ආසාදිතවය.වෛද්‍ය ගයාන්ගේ පවුලේ ඔහුට බාල සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිති.

වැඩිමහල් සහෝදරයා හදිසි දුම්රිය අනතුරකින් මියගොස් තිබුණි.පාසල ඇරී නිවෙසට එනවිට සිදුවූ අනතුරකින් ඔහුට තම සහෝදරයා අහිමි වී තිබුණි.

කො.විඩ් වෛරසයට ගොදුරුවීමෙන් පසු ගයාන්, ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබුණි.පසුව ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.එහිදී ඔහුව ‘එක්මෝ’ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කෙරුණි. ඒ ඔහුට කෘත්‍රිමව ඔක්සිජන් ලබාදිය යුතුව තිබූ බැවිනි.ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිතර වෙමින් සිටි වෛද්‍ය ගයාන් අවසානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස අවසන් ගමන් ගියේය.

ඔහුගේ මිතුරෙක් මුහුණු පොතේ තැබූ සටහනක් සහ ජායාරූප පහතින් නරඹන්න

දරුවන් දහස් ගණනකගේ ජිවිත බේරා දුන් වීරයා ඔහුයි..ගමේ දරුවන්ගේ ජිවිත රැක්කේ ඔහුයි – කො.විඩ් ම.රුවා අද රැගෙන ගිය ආදරණිය වෛද්‍යවරයා ගැන කඳුළු හිතෙන කතාවක්..

වෛද්‍ය ගයාන් දන්තනාරායන අද (02) ජිවිතයෙන් සමුගත්තේ කො,විඩ් ආසාදිතව මරණයට පත් පළමු ලාංකික වෛද්‍යවරයා ලෙසයි.

මෙරට ගම් නියං ගම්වල දරුවන් දහස් ගණනකගේ ජිවිත බේරා ගත් කීර්තිමත් වෛද්‍යවරයෙකු වූ මෙම තරුණයා මෙරට සුව විරුවා යන නමටම ගැලපුණු මිනිසෙකි.

ඔහුගේ වියෝවත් සමග ඒ ආදරණිය ලාංකිකයාගේ අතීත මතකයන් රැසක් වෛද්‍යවරු අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.
ඉන් කිහිපයක් පහතින්. ගයාන් වගේ මිනිස්සු මේ වෙලාවෙ ජීවත් වෙන්න ඕනෙ ඒ වගේ නැති මිනිස්සුන්ගෙන් මේ ලෝකෙ පිරිලා ඉතිරිලා නිසා.

මේ කථාව, මගේ පලවෙනි පත්වීම අරගෙන දෙහිඅත්තකන්ඩිය ළමා රෝග ඒකකයේ වැඩකරපු කාලෙ. යුද්ධෙ අවසන් වෙලා අම්පාරට පොලොන්නරුවට සංවර්ධනයේ අලුත් බලාපොරොත්තු එන කාලෙ.දෙහිඅත්තකන්ඩියට ලඟම නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකය පොලොන්නරුව මහ රෝහල, ඒ කාලේ හැමදාම ඒක පිරිලා.ඉතිං,අලුත ඉපදුන අසාද්‍ය නොමේරූ ළදරුවො අරගෙන අපිට යන්න වෙන්නෙ අම්පාරට.

දෙහිඅත්තකන්ඩියෙ ඉඳන් ඒකාලෙ අම්පාරට යන ගමන අවම පැය 3ක්. කිලෝමීටර් 125 ක දුරෙන් වැඩි කොටසක පාරෙ ඇම්බියුලන්ස් එකේ යට බිම වදින සයිස් වලවල්.

ඒ කාලෙ තිබ්බ ඇම්බියුලන්ස් කියන්නෙ නිකංම ඇඳක් හයිකරපු, පිටිපස්සෙ දුනු තියන හයිඒස් වෑන්. මාදුරුඔය රක්ෂිතය මැදින්, අරලගංවිලෙන් යන පාරෙ තියන වලවල් වල වැටෙනකොට හූමිකම්පාවක් වගේ ගැස්සෙන්නෙ.ගමන මැද ගැස්සෙනකොට අර දරුවට කෘතීම ස්වශනය දෙන්න දාපු ET tube එක (ඔක්සිජන් දෙන්න පෙනහලුවලට දාන නලය) ගැලවිලා.

ඉතිං ඇම්බියුලන්ස් එක නවත්තලා ටෝච් එකක් ගහගෙන ආයෙ ඒක දාන්න ඕනෙ.දරුවගෙ විජලනය වලක්වන්න ඇම්බියුලන්ස් එකේ ජනෙල් ඔක්කොම වහන්න ඕනෙ, උශ්නත්වය රැකගන්න ඕනෙ නිසා AC එක දාන්නෙ නෑ. මේ වෙනකොට ඇම්බියුලන්ස් එක ඇතුල පෝරනුවක් වගේ.

කොහොමත් ගමනෙ මේ වෙලාව වෙනකොට නර්ස් මිසී, සුළු සේවිකාව එහෙම බොහෝවිට වමනෙ දාන්න පටන් අරන්.
අපි ඔය දුශ්කර ගමන ගෙවාගෙන යනකොට අම්පාරෙ ලදරු දැඩි සත්කාර ඒකකයෙ බොහෝවිට ඉන්නෙ ගයාන්. සෞඛ්‍ය ක්ශේත්‍රයේ මේ වගේ කේස් එකක් ඇම්බියුලන්ස් එකක දාලා අරන් එන එකට කියන්නෙ “බකට් එකක්” කියලා. බකට් එකක් අරන් යන අපිව ඕන තැනකින් බාරගන්නෙ කැමැත්තෙන් නෙවෙයි.

ඒ අතින්,අම්පාරෙදි ළමයා භාරගෙන කෘතීම ස්වශන යන්ත්‍රවලට සෙට් කරපු ගමන් ගයාන් අහන්නෙ, “අයියෙ – කාලද ආවෙ ” ? කියලා.

බොහෝවිට රෝහලේ කැන්ටින් එකට ගිහින් තේ එකක්, කන්න දෙයක් අරන්දීලා ළමයා අමාරුවෙන් එක්කගෙන ආවට තෑන්ක්ස් කියලා තමයි ආයෙ අපිව එවන්නෙ. ඒ වගේ පුරුද්දක් කිසිම කෙනෙක් කරනව මගේ ජීවිත කාලෙදි දැකලා නෑ.

ගයාන් ලගෙ PBU එකෙන් භාරගත්තු දරුවො , සති කීපයකින් සුවකරලා ආයෙ එවනවා. එහෙම බාගෙට මැරිලා ගිහිං සනීපවෙලා ආපු සමහර දරුවො අදටත් උපන්දිනේට මාව බලන්නත් එනවා.ඒ ගොඩක් දරුවො දැන් පෙරපාසල්, පාසල් යන නිරෝගී ළමයි.
(Chanith Peduruarachchi)











Next Post

වෛද්‍ය ගයාන්ගේ අවසන් කටයුතු අදම ගාල්ලේදී සිදු වුන හැටි

Tue Feb 2 , 2021
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මිය ගිය කො. විඩි ආසාදිත වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝ ධායන නීති රීතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනා ගාරයේ දී අද (02දා) පස්වරුවේ දි සිදුකෙරිණි. රාගම රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නැමති (32) හැවිරිදි වියේ පසුවු වෛද්‍යවරයෙක් මෙසේ මිය ගියේය.  නැසීගිය වෛද්‍යවරයා […]

Breaking News