එන්නතේ වෙනත් බලපෑම් නෑ – පළමු දින සාර්ථකයි

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍ රාසෙනිකා එන්නත අද (28දා) සිට එන්නත් කිරීම ආරම්භ කළ බවත් එහි වෙනත් බලපෑම් කිසිවක් නොමැති බවත් වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

අද දිනයේදී එන්නත් මධ්‍යස්ථාන 10කදී එන්නත් 5286ක් ලබාදී තිබේ. එහිදී වැඩිම ප්‍රමාණයක් එන්නත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේදී වන අතර එම අගය 1886කි.

එන්නත් කිරීමේ වැඩසටහන හෙට දිනයේදී රට පුරා දියත් කිරීමට නියමිතව තිබේ.නාවික හමුදාව වෙත වෙන් කරන ලද එන්නත් ප්‍රමාණය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නාවික මහ රෝහල වැලිසර වෙත රැගෙන ඒමෙන් පසු එහි පළමු මාත්‍රාව නාවික හමුදාව තුල කො ව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කටයුතු කරනු ලබන ඉදිරිපෙළ නාවික හමුදා සාමාජිකයින් වෙත සංකේතාත්මකව ලබා දීම අද (29) වැලිසර නාවික මහ රෝහලේදී සිදු කෙරිණි.

“ඇස්ට්‍ රාසෙනෙකා කො වි ෂීල්ඩ්” එන්තත්කරණ රජයේ වැඩ පිළිවෙල අනුව යමින් මෙහි පළමු මාත්‍රාව නාවික හමුදාවේ සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු කො ව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෘජුවම සම්බන්ධ වන ඉදිරි පෙළ නාවික හමුදා පුද්ගලයින් සහ කො ව්ඩ් 19 අවධානම හමුවේ ආරක්‍ෂක රාජකාරි හා මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන නාවික හමුදා සාමාජිකයින් වෙත සංකේතාත්මකව ලබා දීම අද සිදු කරන ලදි.

ඒ අනුව නාවික හමුදාව වෙත ලබා දුන් “ඇස්ට්‍ රාසෙනෙකා කො වි ෂීල්ඩ්” එන්නත් දස දහසක (10000) ප්‍රමාණය එම ප්‍රමුඛත්වය අනුව නාවික හමුදා සාමාජිකයින් වෙත ලබා දීම සිදු කෙරේ

Next Post

පාර්ලිමේන්තු පොකුරේ මැති ඇමතින්ගේ අත්දැකීම්

Fri Jan 29 , 2021
කො.රෝනා වසංගතයේ මේ වන විට ලංකාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන්නේ මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවමිනි. ගෙවුණු සතිය මැද වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 7 දෙනෙකුට කො.රෝනා රෝගය වැලඳි තිබුණු අතර ලිපිය ලියන මොහොත වන විටත් ඉන් කිහිප දෙනෙක් සුවය ලබා නිවෙස්වලට ගොස් තිබුණි. ඇමැතිවරුන් වන පවිත්‍රා […]

Breaking News