වැලිසර – කන්දකාඩු පොකුරු මර්දනය කලා – මිනුවන්ගොඩ, පෑලියගොඩ පොකුරු මර්ධනය කරමින් සිටිනවා – ඒලියන්ත වයිට්

ඉන්දියාවේ වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 63 දෙනෙකුට වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් ලබාදුන් ප‍්‍රතකාර හේතුවෙන් ඔවුන් කඩිනමින් සුවය ලබා නිවෙස් වලට ගොස් තිබෙන බව ඔහුට දන්වා ඇතැයි සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි.

ඉන්දියා රජයේ ඉල්ලීම මත සහ ශ්‍රී ලංකා ජනාධිපති සහ අගමැතිගේ අවසරය මත මෙම ප‍්‍රතිකාර එලියන්ත වයිට් මහතා විසින් ඉන්දියාව වෙත යවා ඇති අතර කොරෝනා වැළඳුණු වයස අවුරුදු අනූ දෙකක පුද්ගලයෙක් ද මේවා භාවිතා කිරීමෙන් ඉක්මනින් සුව වී ඇතැයිද වාර්තාවේ සදහන්ය.

ඒලියන්ත වයිට් මහතා පවසා ඇත්තේ වැලිසර නාවික හමුදා පොකුර, කන්දකාඩු පොකුර කඩිනමින් මර්දනය කළ ආකාරයටම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරුද කඩිනමින් පාලනය කිරීම ආශිර්වාදය ලබා දෙමින් සිටින බවයි.

ඒ සඳහා ද මේ වන විට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවත් ඔහු සඳහන් කර තිබේ.

මෙරට කොරෝනා වෛරසය පාලනය සඳහා සෞඛ්‍යය සහ ආරක්ෂක අංශ විශිෂ්ට කාර්යයක් කරමින් සිටින බවත් තම ආශිර්වාද කටයුතු සඳහා එය බෙහෙවින් බලපාන බවත් ඔහු සඳහන් කර ඇත.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ සම්පූර්ණයෙන්ම මර්දනය කළ පසුව ඉන්දියාවේ සංචාරය කොට ආශිර්වාද කිරීමට ඒ මහතා බලාපොරොත්තු වන බවද වාර්තාවේ.

Next Post

ලයිෂන් නැතිව රිය පැදවූ SSPගේ දුව වාහන පොඩි කරයි - බොරැල්ලෙ ට්‍රැෆික් OIC ගෙ ජීවිතය අහිමි කලේත් සොහොයුරා - ජායාරූප

Mon Nov 16 , 2020
බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය ධාවනය කළ අති සුඛෝපභෝගී රියක් කොළඹ 7, කුරුඳුවත්ත ප්‍රදේශයේ වාහන අලෙවිසලකට කඩා වැදී ඇත.ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. ඉන් එම වෙළෙඳ ආයතනයට බරපතළ අලාභහානි සිදුවී ඇත. මෙම තරුණියගේ සොයුරාද 2019 මාර්තු 9 වැනිදා නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීමෙන් වූ අනතුරකින් එවකට […]

Breaking News