ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අවුලක්

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්සිජන් කාන්දුවක් සෙවීම සඳහා ගගනගාමීන් රාත්‍රිය පුරා අවදි වී සෝදිසි සිදුකරන බව කියයි.

කාර්ය මණ්ඩල සාමාජිකයින් සති කිහිපයක් පුරා මෙම ඔක්සිජන් කාන්දුව සිදුවන ප්‍රභවය සොයමින් සිට තිබුණත්, පසුගිය සඳුදා දිනයේ වායු කාන්දුවීමේ ප්‍රමාණය වර්ධනය වනවිට ඔවුන් එය සෙවීමේ සෝදිසි වැඩි කර තිබේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ උෂ්ණත්ව වෙනසක් සිදුවීමත් සමග මෙසේ වායු කාන්දුවක් ඇති බවට ඔවුන් සැක පහළ කර ඇත.

පෘථිවියේ සිටින කණ්ඩායම් විසින් කරන ලද විශ්ලේෂණයන් මගින් රුසියානු මොඩියුලයක් තුළ ඇති ප්‍රධාන මෙහෙයුම් මැදිරියක මෙම කාන්දුව ඇති බව විශ්වාස කෙරෙයි.

මෙම මොඩියුලය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහා ජීවිත ආධාරක උපකරණ අඩංගු වන අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු සඳහා වාසස්ථාන පවතී.

ඔක්සිජන් පිටවන නිශ්චිත ප්‍රදේශය නිශ්චය කර ගැනීම සඳහා වැඩිදුර විශ්ලේෂණයක් අවශ්‍ය බව නාසා ආයතනය කියයි.

වර්තමාන කාන්දුවීම් අනුපාතය අනුව එය කාර්ය මණ්ඩලයට ක්ෂණික අනතුරක් නොවන බවත්, එය කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ දෛනික කටයුතුවල සුළු පසුබෑමකට හේතු වන බවත් නාසා ආයතනය වැඩිදුරටත් පවසයි.

Next Post

වාරයේ රේගු නිලධාරීන්ට කට උත්තර නෑ

Thu Oct 1 , 2020
රජයේ තීරුබදු ගාස්තු වලින් නිදහස්ව දේශිය වෙළෙදපොළට නිකුත් කිරීමේ දී හෝ ප්‍රතිඅපනයනයේ දී තීරුබදු ගෙනීමේ පදනම් මත මාලදිවයිනේ සිට මෙරටට ආයනය කර තිබු විදේශ මත් පැන් ලීටර් 11,257 ක අඩංගු කන්ටේනරයක් තිබු මැත්පැන් ඉවත් කර ඒ වෙනුවට පානීය ජලබෝතල් පිරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රේගු නිවාරණය අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත. මේ […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News