පාර්ලිමේන්තුව උණුසුම් වේ – මන්ත්‍රී වරයෙක් එලියට – සජිත්ගෙ 17ක් ආන්ඩුවට එක් වෙයි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කරමින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ සඳහා විපක්ෂය විසින් දැඩි විරෝධයක් එල්ල කළේය. ඔවුන් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ නැගී සිටිමින් විසිවැනි සංශෝධනයට එරෙහිව අදහස් ප්‍රකාශ කළේය.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනි වර කියැවීම හෙට (23දා) සිදුකිරීමට නියමිතව තිබේ.

විසි වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අද (22) පාර්ලිමේන්තුව ආරම්භයේ දී විරෝධය පළ කළහ.

කළු පටි පැළඳ පැමිණ විරෝධතා පුවරු ඔසවමින් ඔවුහු මේ මොහොතේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට බාධා කරමින් සිටිති.

අද පාර්ලිමේන්තු ඉතිහාසයේ අඳුරුතම දවසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

විපක්ෂ මන්ත්‍රීවරු 20 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීමට දිගින් දිගටම බාධා කරමින් සිටී. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ද ආසනවලින් නැගිට ඔවුන්ට එරෙහිව හඬ නගන අතර පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලා මහතා පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට සැරසීගෙන ආ ඇඳුම සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධය එල්ල විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සැසිවාරයට එක්වීමේදී ඇඳිය යුතු ඇඳුම නිශ්චිතව දක්වා තිබේ.

20 ට එරෙහිව දිගින් දිගටම විපක්ෂ මන්ත්‍රීවරුන් බාධා එල්ල කරමින් සිටින අතර සියලු මන්ත්‍රීවරු නැගිට විරෝධය පාමින් සභා ගැබේ කටයුතුවලට බාධා කරමින් සිටින අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී අතාවුල්ලා මහතා පාර්ලිමේන්තුවට ඇඳගෙන පැමිණ ඇති අමුතු ආකාරයේ ඇඳුමක් සම්බන්ධයෙන් විපක්ෂයේ නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.

නලින් බණ්ඩාර මහතා – මොකක්ද ඔය ඇඳගෙන ඇවිත් තියෙන්නේ. පිස්සු ඇඳුමක්

අතාවුල්ලා මහතා – අද ප්‍රශ්නේ 20 ද මගේ ඇඳුමද ?

ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තුවට සුදුසු ඇඳුමක් මෙහි ඇඳන් ආවේ ඇයි යන්න මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ අතර මේ වනවිට අතාවුල්ලා මන්ත්‍රීවරයාගේ ඇඳුම පිළිබඳ ගැටලුවක් ඇතිවීම නිසා පාර්ලිමේන්තුව යළි උණුසුම් වී ඇත.

කෙසේ වෙතත් අතාවුල්ලාගේ ඇඳුම සම්බන්ධයෙන් විපක්ෂය දිගින් දිගටම විරෝධය එල්ල කළ අතර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් සිය කමිසය ගලවා ඉවත් කරන බවයි.

කෙසේ වෙතත් පසුව කථානායක මහන්ද යාපා අබේවර්ධන මහතා අතාවුල්ලා මහතා සමීපයට ගොස් ඔහුට යම් දෙයක් පවැසූ අතර පසුව අතාවුල්ලා මහතා පාර්ලිමේන්තු සභාවෙන් පිටවන අයුරු දක්නට ලැබුණි.

විපක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වන අවස්ථාවේදී ඔහුට කැමරාව ලබා නොදීමෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

කැමරා ලබාදෙන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කිරීමේදී කථානයකවරයා සඳහන් කළේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අසුන් ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් පසුව විපක්ෂ මනත්‍රී කබීර් හෂීම් මහතා අදහස් දක්වන අවස්ථාවට කැමරාව ලබාදුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අදහස් දක්වන විට කැමරාව හා මයික්‍රෝෆෝනය ලබාදීම ඔහුගේ වරප්‍රසාදයක් බව කබීර් හෂීම් මහතා පැවැසීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කරමින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ සඳහා විපක්ෂය විසින් දැඩි විරෝධයක් එල්ල කළේය. ඔවුන් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ නැගී සිටිමින් විසිවැනි සංශෝධනයට එරෙහිව අදහස් ප්‍රකාශ කළේය.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනි වර කියැවීම හෙට (23දා) සිදුකිරීමට නියමිතව තිබේ.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුවට පැමිණෙන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

“50න් 17ක් ඉන්නවා අපේ පැත්තට එන්න. අපි බලන් ඉන්නේ විස්සට විස්සක් ගන්න. අගමැතිතුමට මට ගෙදර ඉන්න නෑ. වාහන නෑ ඇමතිකම් නෑ කියනවා.

නම් කියන්න පුළුවන්. එහෙම කියන එක හරි නෑ. අගමැතිතුමත් කියනවා නම් කියන්න එපා කියලා” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාම මහතා සඳහන් කළේ සමගි ජන බලවේගයේ කිසිවෙක් ආණ්ඩුවට එක් නොවන බවයි.


Next Post

පරණ රේඩියෝවලින් ගලවන ගැජට් එකක් සල්ලි ඉල්ලමක් දෙන කතාවක්

Tue Sep 22 , 2020
මෙහි ඇත්තේ හුදෙකලා මිනිසෙක් සහ ඔහුට විසදීමට පැවරී ඇති කාර්මිකද – නො කාර්මිකද වන මට්ටමේ ගැටලු කිහිපයක් පමණි. බලා සිටින්නාට දැනෙන එකම අවුල වන්නේ කාර්මිකයාගේ දකු අතෙහි ඇති වේදනාව විටකදී ඔහු අලි හිරිහැරයක් ලෙස ගැනීමය. ඒ හිරිහැරය මඟහැර ගැනීම සඳහා වරින්වර වම් අත්ල දිග හැර මැණික් කටුවට සහනයක් ලබා දීමට […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News