ඉඩම් වෙන්දේසි සමාගම සෑදූ තාප්පය නිසා නිදි ඇදේදීම 27 හැවිරිදි තරුණිය අවසන් ගමනේ….

කඩුවෙල, කොතලාවල පාසල් මාවතේ නිවෙසක් මතට අනාරක්ෂිතව ඉදිකළ තාප්පයක් කඩා වැටීමෙන් එම නිවෙසේ කාමරයක් තුළ නිදා සිටි 27 හැවිරිදි තරුණියක ජීවිතක්ෂයට පත්වී ඇයගේ මව බරපතළ තුවාල ලබා මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර තිබේ. 

පෙරේදා (06දා) රාත්‍රි 11.00ට පමණ අධික වර්ෂාවත් සමඟ කඩා වැටුණු තාප්පයට යටවී මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොතලාවල, පාසල් මාවතේ පළමුවැනි පටුමඟේ අංක 310/3 දරන නිවෙසේ පදිංචිව සිටි උඩපොළ බාලගේ ගීතිකා ශ්‍යාමලී විජේරත්න නමැති ඔෟෂධහලක (ෆාමසි) සේවය කළ තරුණියකි. 

අනතුරින් තුවාල ලැබූ මියගිය තරුණියගේ මව වන බී.එම්. මල්ලිකා නමැති අය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. අදාළ නිවෙස ඉඩම් අලෙවි සමාගම විසින් පවත්වාගෙන යනු ලබන ඉඩමට යාබදව එම ඉඩමට පහළින් ගීතිකාලගේ ඉඩම පිහිටා තිබී ඇති අතර එම ඉඩම් සමාගමේ ඉඩම ආවරණය වන පරිදි ඉදිකර තිබූ අඩි 30ක් පමණ උස තාප්පයෙන් කොටසක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. 

තාප්පයේ ඉදිකිරීම් අනාරක්ෂිතව කිරීම නිසා තාප්පයට යාබදව පිහිටි ජල කානුවක වැසි ජලය පිරීයෑම මෙම කඩා වැටීමට හේතු වී ඇතැයි පොලිස් නිරීක්ෂණවලට අනුව අනාවරණය වන බවත් පොලිසිය පවසයි. 

තාප්පය නිවෙස මතට කඩා වැටෙන අවස්ථාවේදී නිවෙසේ සියලුදෙනාම නින්දට ගොස් සිට බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා පැවැසීය.

එම නිවෙසේ පදිංචි තරුණිය එක කාමරයකත්, තරුණයන් දෙදෙනා තවත් කාමරයකත්, මව නිවෙසේ සාලයේත් නින්දට ගොස් තිබූ බව පොලිසිය කියයි. 

කඩා වැටුණු තාප්පය සහ නිවෙසේ බහුතරයක් සුන්බුන් තරුණියගේ නිදා සිටි ඇඳ මතට වැටී ඇති බව පොලිසිය කියයි. අදාළ තාප්පය ඉතා අනාරක්ෂිත අයුරින් බ්ලොක් ගල් යොදා ඉදිකර තිබූ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය. තාප්පය ඉදිකිරීමට පෙර අදාළ අයට එහි අනාරක්ෂිත බව ගැන දැනුම් දී ඇතත් ඔවුන් එය නොතකා ඉදිකිරීම් කර ඇත. 

සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ ඉඩම් වෙන්දේසි සමාගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් පවසයි. සිද්ධිය වූ ස්ථානයට නවගමුව හදිසි මරණ 

පරීක්ෂක ඩබ්ලිව්. නිමල් මහතා පැමිණ මූලික පරීක්ෂණ පැවැත්විය. නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් 

පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් රෝහිත (56992) මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

Next Post

රුසියානු කොරෝනා එන්නත 100% සාර්ථකයි - බ්‍රිතාන්‍ය හෙළිදරව් කරන වාර්තාව මෙන්න

Tue Sep 8 , 2020
කොරෝනා වෛරසයට එරෙහිව රුසියානුවන් විසින් නිශ්පාදනය කරන ලද ස්පුට්නික් 5 නමැති එන්නත සියයට සියයක්ම සාර්ථක බව, බි්‍රතාන්‍යයේ වෛද්‍ය සගරාවක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.  ලැන්සට් වෛද්‍ය සගරාව, ලොව පැරණිතම සහ විශිෂ්ඨතම වෛද්‍ය සගරාවක් බව ප්‍රකාශිත ය. කෝවිඞ් 19 වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරවන ස්පුට්නික් 5 එන්නත, අදාල වෛරසයට නිර්මාණය […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News