ජනපතිගේ වාහනයෙන් සනත් එළියට දමයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණය ඉලක්ක කොට රට වටා යන ගමනේදී ආනමඩුවේ සිදු වූ සිද්ධියක් පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනත් නිශාන්ත මහතාව ජනාධිපතිවරයා විසින් තමන් සිටි වාහනයෙන් බස්සවා තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ප්‍රියංකර ජයරත්න මහතාව තම වාහනයට නංවා ගැනීම පිළිබඳව විවිධ මත පළ වෙමින් තිබේ.

ජනාධිපතිවරයාගේ වාහනයෙන් සනත් නිශාන්ත මහතාව වාහනයෙන් බැස්සවූ අවස්ථාවේ ප්‍රියංකර ජයරත්න මහතාගේ ආධාරකරුවන් ඔහුට හූ සංග්‍රහයක් ලබා දීමට අමතක නොකළේය.සනත් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් පුත්තලම දිස්ත්‍රික් පොදුජන පෙරමුණෙන් තරඟ වදින අතර සනත් නිශාන්ත මහතාගේ ආධාරකරුවෙකුට ප්‍රියංකර ජයරත්න මහතාගේ බෑනා ඇතුළු පිරිසක් තර්ජනය කිරීමේ සිද්ධියක් පිළිබඳව ද පොලිසිය පරීක්ෂණයක් කරමින් සිටියි.

වීඩියෝව පහතින් නරඹන්න

Next Post

මෙල්බර්න් ලොක්ඩවුන් කිරීම නිසා පීඩා විඳින ශ්‍රී ලාංකිකයෝ

Thu Jul 9 , 2020
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව පනවා ඇති ලොක්ඩවුන් කිරීම හේතුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් යළිත් දැඩි පීඩාවට ලක්වී තිබේ.ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ආශ්‍රිතව කොරෝනාවෛරසය යළිත් ව්‍යාප්ත වීමත් සමග සති 6ක කාලයක් සඳහා ඊයේ රාත්‍රියේ සිට සීමා පනවනු ලැබිණි. කොරෝනා ආසාදිතයන් 191 දෙනෙකු වාර්තා වීමත් සමග ඔස්ට්‍රේලියාවේ දෙවන විශාල නගරය වන මෙල්බර්න් […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News