අගෝස්තු පළවෙනිදට කලින් ලංකාවට එන්නේ මෙහෙමයි – රට ඉන්න රට ගිය අය අනිවා දැනුවත් වෙන්න

මේ දිනවල ලංකාවේ ගුවන් තොටුපල වසා දමා ඇති නිසා බොහෝ දෙනෙක් පිට රටවල් වල සිට මවුබිමට නැවතත් පැමිණීමට බලාසිටියි. ඉතින් ඔබට අගෝස්තු මාසෙට කලින් ලන්කාවට එන්න ඕනෙනම් පහත සදහන් කරනා වැදගත් වේවි.

1)ඔබේ ලංකාවට පැමිණීමේ හේතුව සදහන් කරමින් ලගම ඇති Embassy එකේ හෝ Consulate එකේ Register විය යුතුය

2)එසේ Register වීමෙන් අනතුරුව ඔබේ ගමන් වාරය ලංකාවෙන් Approve කල පසු Embassy එකෙන් හෝ Consulate එකෙන් ඔබව සම්බන්ද කරගනු ලබයි.

3)Embassy එකෙන් Approval එක ලැබුනු පසු Srilankan Airlines මගින් ඔබේ Ticket එක වෙන්කරගන්න ඕන. (සාමාන්‍ය මිල මෙන් තුන් හතර ගුණයක් අය කරයි)

4)ඔබේ පැමිණෙන්නේ දුර රටක සිට නම් Flight Entertainment Services නවතා ඇති නිසා Tab එක හෝ Laptop එක Charge කරගෙන එන්න අමතක කරන්න එපා. Flight එක ඇතුලේ pillow එක සහ blanket එක දෙන්නේ නැති නිසා සීතලට ඔරොත්තු දෙන විදිහටත් සුදානම් වෙලා එන්න.

5)ලංකාවට පැමිණීමෙන් පසු මුලින්ම ඔබව විසබීජානුහරණය කරන අතර ඔබ පැලද එන Mask එක Gloves එක වෙනුවට අලුතෙන් Mask/Gloves ලබා දෙයි.

6)ඉන් අනතුරුව ඔබේ උෂ්ණත්වය මනිනු ලබයි.

7)පසුව ඔබට Immigration Counter එක පසු කරන්නට හැකියාව ලැබෙනවා.

8)ඉන් අනතුව ඔබට PCR Test එක කරන්න සිදු වෙනවා.

9)ලංකාවට පැමිණීමෙන් පසු ඔබට දින 14ක නිරෝධනයකට අනිවාර්යෙන්ම ලක්වීමට සිදුවන අතර, රජයේ මධ්‍යස්ථානයක හෝ පෞද්ගලික Hotel එකක නිරෝධනය වෙන්න පුළුවන්. හොටෙල් එකක නම් දිනකට රුපියල් 7500ක් හෝ 12500ක් ගෙවා නවතින්න පුළුවන්)

10)පළමු දින 14 පසු කිරීමෙන් අනතුරුව නැවතත් තවත් දින 14ක් ස්වයන් නිරෝධනයකට ඔබට නිවසේ රැදී සිටීමට සිදු වනු ඇත.

ඉතින් මේ Post එක ප්‍රයෝජනවත් උනා කියලා හිතනවනම් Page එකට එකක් දාලා යලුවොන්ට පෙන්නත් එක්ක Share පාරකුත් දාන්න.

උපුටාගැනීම – ක්‍රිශ් ජයවර්ධනගේ ෆේස්බුක් පිටුවෙන්

Next Post

රජයේ සියලුම පාසල් පටන් ගන්න දිනය මෙන්න - හෙට සිට සතියක් පලාත් 9ක පාසල් අධීක්ෂණයට

Fri Jun 26 , 2020
කොවිඩ් වසංගතයෙන් පසු පාසල් සහ අධ්‍යාපන ආයතන සූදානම් කිරීම පිළිබද 2020/05/11 දිනැතිව නිකුත් කරන ලද චක්‍රලේඛයට අනූව ජුනි මස 29 වනදා පළමු අදියර ලෙස සියලුම පාසල් විවෘත කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පවසයි. ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සාකච්ඡාවකට […]